(සිරංගිකා ලොකුකරවිට)
දැඩි සුළං තත්ත්වය හේතුවෙන් පසුගිය බදාදා (29) ආපදාවට ලක්වූ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 23ක් සඳහා රුපියල් 10,000 බැගින් වන්දි අත්තිකාරම් මුදලක් ප්‍රදානය කිරීම අද(1) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදුකෙරිණි.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවක් අතරතුර මෙම මුදල් ප්‍රදානය සිදුවිය.
මෙයට අමතරව ආපදා හේතුවෙන් මියගිය ගාල්ලේ ධීවරයින් තිදෙනා සඳහා ද රුපියල් 100,000 බැගින් වන්දි මුදල් ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ඔවුන්ගේ නිවෙස්වලට ගොස් භාරදීමට කටයුතු කර තිබිණි. මියගිය ධීවරයකු වෙනුවෙන් නියමිත රක්ෂණ මුදල් ලබාදීමට පෙර මෙම මුදල අවමංගල්‍ය කටයුතු සඳහා අත්තිකාරමක් ලෙස ලබාදෙන බව ද ස්වදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේය.
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සුළඟින් විපතට පත්වූ ගාලු වැසියන්ට වන්දි