IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සහල් ආනයන මිල කෝටි 17 පනී

(හර්ෂණ තුෂාර සිල්වා)

මේ වසරේ මුල් මාස අටේදී සහල් ආනයනය සඳහා රුපියල් කෝටි 17කට වැඩි මුදලක් වැය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව මේ වසරේ මුල් මාස අටක කාලයේදී සහල් ආනයන වියදම  2,346.4 % කින් ඉහළ ගිය බව ද මහ බැංකු දත්ත වාර්තා පෙන්වාදෙයි. 

පසුගිය වසරේ මුල් මාස අටක කාලයේදී සහල් ආනයනය සඳහා රුපියල් ලක්ෂ 72 කට වැඩි මුදලක් වැය වී තිබෙන නමුත් එය මේ වසරේදී රුපියල් ලක්ෂ 1,690 කට වැඩි මුදලකින් එනම් රුපියල් කෝටි 17කට වැඩි මුදලක් දක්වා ඉහළ ගොස් තිබේ. 

අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම දත්ත අනාවරණය කර තිබේ. 

දේශීය වෙළෙඳපොළ තුළ පවතින සහල් හිඟය සපුරාලීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙලෙස අඛණ්ඩව සහල් ආනයන වියදම ඉහළ ගිය බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත. 

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී රුපියල් ලක්ෂ 8ක් වූ සහල් ආනයන වියදම මේ වසරේ අගෝස්තු මාසයේදී  2,494.8 % කින් හෙවත් රුපියල් ලක්ෂ 213ක්  දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකු දත්තා වාර්තා තවදුරටත් සඳහන් කරයි.   



අදහස් (10)

සහල් ආනයන මිල කෝටි 17 පනී

daham Friday, 03 November 2017 10:45 AM

කලින් රට විනාශ කළා. ජය වේවා, යහපාලනයට !!!

:       11       55

Thilina Friday, 03 November 2017 03:36 PM

අවුරුදු 3 කට කලින් සහල් අතිරික්තයක් සහ අපනයනය කල රටක් මේ දේශපාලකයෝ අද වන විට ඇද දමා ඇති තැන.. තවත් ඉවර නැහැ.. කාලයක් විඳවන්න වේවි..

:       31       233

Priyantha Friday, 03 November 2017 03:41 PM

එන්න එන්නම රට විනාශ වෙනවා.

:       39       237

bamunuarachchi Saturday, 04 November 2017 01:19 AM

සහල් ආනයන මිල කොටි 50 කින් නැග්ගාත් කරන්න දෙයක් නැත. කීය ගියත් මිනිසුන්ගේ අහර වෙලා සපයන්න උවමනාය. මහා බැංකු කොල්ලයන් බිලියන් ගන්නන් මහජන මුදල් කොල්ලකන, එසේ කොල්ල කන්න උදවු පිරිස් වලට කොටි ගණන් බෝනස් දීපු මෙරටේ පාලකයින් උන්ගේ පරිබෝජනයට කෝටි ගණන්වල වාහන ගෙනෙනවානම් මහජනයාගේ අාහාර වලට යන මුදල් ගණන් බලන්නේ මොන කෙහෙල්මලටද?

:       42       123

hasantha Saturday, 04 November 2017 01:53 AM

තුන් වේලම බත්කන ජනතාවක් ඉන්න රටක් සහල් පිටරටින් ගෙන්වනවා කියන්නේ ආණ්ඩුවට කෙසේ වෙතත් අපිට විලි ලැජ්ජයි.

:       40       9

bamunuarachchi Saturday, 04 November 2017 05:19 AM

ලැජ්ජායි ! මැති ඇමතිවරුන්ගේ ලැජ්ජාව ඇලේ දාන්න වෙනවා

:       0       2

nihal Saturday, 04 November 2017 03:05 AM

රට මැද හරි වෙල්යායයි ..බැලුවම හරි සිරියාවයි ...නැවෙන් ගෙනත් හාල් බානවා ඔ්යි... ඒ රටේ මිනිස්සු(ඇමතිවරු) තනිකර කෙලින්නේ පිස්සු

:       46       68

Saman Saturday, 04 November 2017 07:27 AM

සහල් (වී) අතිරික්තයක් තියෙනවා කියා අවුරුදු දෙකකට තුනකට කලින් මත්තල ගුවන් තොටුපොළේත් වී ගබඩා කල රටද මේ? ඔන්න යහපාලනය රටට කරපු දේ. දැන්වත් මිනිස්සුන්ගේ ඇස් ඇරුණොත් ලොකු දෙයක්.

:       1       309

rohan Saturday, 04 November 2017 06:45 PM

කෝ මේ පිටිගල මිලානෝ, දාන්නකෝ කමෙන්ට් එකක්.

:       0       1

naradha Saturday, 04 November 2017 09:25 PM

ඇත්ත වශයෙන්ම සහල් ආනයනය කරන්නට සිදු වුනේ මහ කන්න දෙකක් නියගය නිසා හරි හැටි වගා නොකරන්නට බැරි වූ නිසයි. ඒක රජයේ වැරද්දක් නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 91 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 220 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 957 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 121 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 304 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 281 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site