IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


’සහල්- අත්‍යවශ්‍ය භාණ්ඩ පිටරටින්’ - ජනපති කියයි

(සුජිත් හේවාජුලිගේ)

නියඟයෙන් ජනතාව මුහුණ දී සිටින පීඩාව අවම කිරීම සඳහා සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ පිටරටින් ගෙන්වීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගල්ගමුවේදී පැවැසීය.

මියන්මාරයෙන් සහ පාකිස්තානයෙන් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ දෙකක් ළඟදීම ගෙන්වන බව කී ජනාධිපතිවරයා තායිලන්තයෙනුත් සහල් තොග ගෙන්වීමට ඇනවුම් කර තිබෙන බව ප‍්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ ගල්ගමුව මූලික රෝහල විවෘත කිරීමෙන් පසුව එම රෝහල් පරිශ‍්‍රයේදී පැවැති උත්සවයේදීය.ජනාධිපතිවරයා එහිදී මෙසේ ද කීය.

නියඟය නිසා රටේ සහල් නිෂ්පාදනය සියයට පනහකින් වැටිලා. සියයට 50ක පසුබෑමක්. බොහෝ ප‍්‍රදේශවලට කන්න දෙකකින් වතුර නැහැ. වෙළෙඳපොලේ සහල් මිල වගේම එළවළු මිලත් ඉහළ ගිහිල්ලා. මේකෙ ප‍්‍රතිඵලයක් විදියට ජීවන වියදම ඉහළ ගිහින් තිබෙනවා.

මේ තත්ත්වය නිසා ජනතාව මුහුණ දී තිබෙන පීඩාව අවම කිරීමට කටයුතු කිරීම රජයක වගකීමක්. මේ තීරණ ගත්තේ ඒ තත්ත්වය සැලකිල්ලට ගෙනයි.



අදහස් (9)

’සහල්- අත්‍යවශ්‍ය භාණ්ඩ පිටරටින්’ - ජනපති කියයි

jayantha-dubai Friday, 21 July 2017 05:12 AM

රටින් ගේන්නේ මොකටද මත්තල ගබඩාවේ අතිරික්ත හාල් තියෙද්දී.

:       1       309

Amarasingha Friday, 21 July 2017 07:19 AM

නියඟයක්, ගංවතුරක් කියන්නේ මේ අවුරුද්දේ විතරක් අාපු ව්‍යවසන නොවේනේ... මේවා හැමදාම වෙන දේවල්... පාකිස්තානයෙන් හාල් ගෙන්නන්න ලජ්ජා නැද්ද? මේවා කරන්න කෝටි ගණන් බදු අයකරල ආණ්ඩුවක් පවත්වන්න යන්න ඕනෑද?

:       0       27

chaminda Friday, 21 July 2017 07:52 AM

අපි බලාපොරොත්තු වුණ ඒ සැබෑ වෙනස අපිට දැන් ලැබිලා... මට හරි සතුටුයි.

:       1       225

sandun Friday, 21 July 2017 08:18 AM

ජනපති පොලොන්නරුවෙන් සහල් රටින්...

:       36       17

de silva Friday, 21 July 2017 08:58 AM

සහල් රටින් ගෙන්වීම අත්‍යවශ්‍ය දෙයක්... එ්ක කරන්න. නැත්නම් වී මොල් කරුවෝ ජනතාවගේ බඩට ගහන්න පටන් ගනීවි!!! නමුත් මේ නියන් කාලේදී වැව් හිඳිලා තිබෙද්දී වැව් ටික පතුලේ ඇති රොන්මඩ ඉවත් කරලා පිළිසකර කිරීමට වහාම පටන් ගන්න.

:       1       19

රොමේෂ් Friday, 21 July 2017 11:01 AM

ඒ දවස්වල ගොවිපුතෙක් නොකියා ග්‍රාම සේවකවිතරයි කියල මාර්කට් කෙරුවනම් වටිනවා. මේ මනුස්සයා කරන වැඩ ගොවියන්ටත් නිගාවක්.

:       0       110

vipula Friday, 21 July 2017 11:31 AM

පිට රටින් බඩු ගේන්න ගේන්න හොර බඩු ගෙන්න පුළුවන් . මෙම හාල් වල අසනික් තියෙනවද අපේ රටේ තහනම් කල රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලද කියල බලල ගෙන්න

:       0       15

aravinda Friday, 21 July 2017 01:06 PM

අද සහල් පිට රටින් ගෙන්වීමට සිදුවී ඇත්තේ නියඟය නිසා කන්න දෙකක් එක පිට වී වගා කිරීමට නොහැකි වූ බැවිනි. අද ආසියාවේ පවතින නියඟය ලංකාවට පමණක් සීමාවූ දෙයක් නොවේ. මේ නියඟය ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකට තදින්ම බලපා ඇත. එබැවින් මේ තත්වයට පවතින රජයකට හෝ පුද්ගලයෙකුට දොස් කීමෙන් පලක් නොමැත.

:       0       1

menna Friday, 21 July 2017 01:54 PM

පෙරදිග ධාන්‍යගරයට මොකද වුනේ? ඇමති කෙනෙක් කිවුව වගේ ගොවිතැන් කිරීම අපරාධයක්ම වෙලා වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 1053 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 461 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 601 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 374 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1841 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 908 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1492 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site