IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සිසුවිය මැරූ පුතා පෝරකයට යවනවාට උසාවියට කැමැත්ත දන්වා අම්මා සසුන්ගත වෙයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ගිරිබාව පොලිස් වසමේ සාලිය අශෝකපුර යාය දෙක ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි මධුෂාණි නමැති පාසල් සිසුවිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ තම පුතා එල්ලා මැරුවාට විරුද්ධත්වයක් නොමැති බව අධිකරණයට ප්‍රකාශ කරන බව කියා ලියුමක් ලියූ එම සැකකරුගේ මව වන ආර්.කේ. කුසුමාවතී මහත්මිය හිරියාල, පළුගොල්ල කුණ්ඩගල ආරණ්‍ය සේනාසනයේදී රාජාංගණයේ ධම්මදින්නා ලෙස ඊයේ (11) මෙහෙණි සසුනට පිවිසුණාය. 

“මෙහෙණි සසුනට එක්වූ මට අවස්ථාවක් ලබාදුන්නොත් මධුෂාණි දියණියගේ නිවසට වැඩම කර එම  දියණියට පින් අනුමෝදන් කිරීමේ ධර්ම දේශනාවක් කරන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. අනන්ත  අප්‍රමාණ වූ දුක් කම්කටොළුවලින් පිරි මේ සංසාරෙන් එතෙර වීමට අධිෂ්ඨාන කරගෙන ජීවිතයේ ඉතිරි කාලය භාවනායෝගීව වැඩ වාසය කරනවා.

ගිහි ජීවිතය අතහැර දැමීමට හේතුවුණේත් මගේම දියණියක නොවුණත් මධුෂාණි දියණියගේ දුක්ඛිත මරණයයි. එයින් මට ජීවිතය ගැන විශාල කලකිරීමක් ඇතිවුණා” යැයි රාජාංගණයේ ධම්මදින්නා මෙහෙණිය ලංකාදීපයට පැවැසුවාය. කඩවත ධම්මවීර හිමියන් තමාගේ ගුරු හිමියන් බවද ඇය කීවාය. 



අදහස් (15)

සිසුවිය මැරූ පුතා පෝරකයට යවනවාට උසාවියට කැමැත්ත දන්වා අම්මා සසුන්ගත වෙයි

Sanjaya Wednesday, 12 September 2018 05:05 AM

දරුවන්ගේ නොමග යාමට 80%ක් දෙමව්පියන් දරුවන් හදපු විදිහත් බලපානවා. මේ කාරණාවේදීත් මෙතුමියට මම හොඳයි පුතා තමයි නරක, කියලා කියන්න බෑ.

:       1244       51

Chandana F Wednesday, 12 September 2018 05:16 AM

ඔබගේ උතුම් ප්‍රාර්ථනාවන් සාක්ෂාත් වේවා !

:       0       1170

priyantha Wednesday, 12 September 2018 05:16 AM

ජීවිතවලට හැරවුම් ලක්ෂ එන්නේ අපි නොහිතන විදියකටයි. එම හැරවුම් ලක්ෂයේදී බුදු පිහිටක් බුදු සරණක් බලාපොරොත්තු වෙන්නේ බුදු දහම ගැන යම් හෝ අවබෝධයක් අැතියන්ට පමණි. නැත්තෝ මෙලොවම අවිද්‍යාවෙන් ප්‍රශ්න වලට පිළිතුරු සොයන්නට ගොස් සතර අපා දුක් සහිත නිරයටම වැටෙති. ඔබවහන්සේට මවෙක්, පියෙක් ඉරක් හඳක්, දුවෙක්, පුතෙක් නොමැති ශුන්‍ය වූ ලෝකයේ සියලු මැවීම් මනසේ මායාකරුගේ මැවීමක් බව දැන මේ සියලු දේ ගැන යථාබෝධ දර්ශනය ඉක්මණින්ම ලැබේවා...!!!

:       1       102

Kumar Wednesday, 12 September 2018 05:18 AM

දරුවන් කරන වැරදි වගේම ඔවුන් නිවැරදි කරන දෙමාපියන් වෙත කදිම ආදර්ශයක් ඔබ වහන්සේ ලබාදීලා තියෙන්නේ..... ඔබ වහන්සේගේ අරමුණ ඉටුවේවා!!

:       1       63

Karunarathna Gampola. Wednesday, 12 September 2018 06:03 AM

සිල් මෑණියෙනි, ඔබ වහන්සේගේ අරමුණ සාක්ශාත්වෙවා! සතර මග, සතරඵල අවබෝධකරගෙන ඉක්මන් භවයකදී සසරගමන නිමවෙවා!! තෙරුවන් සරණයි

:       1       166

Raveendra Wednesday, 12 September 2018 07:51 AM

අවසරයි සිල්මෑණියනි ,ඔබවහන්සේගේ සියලු ප්‍රර්ථනා සපල වේවා !!!

:       0       52

Kapila Wednesday, 12 September 2018 07:59 AM

ඉක්මනින් සත්‍ය අවබෝධ වේවා තෙරුවන් සරණයි...

:       0       46

Kamal Wednesday, 12 September 2018 08:30 AM

හරියට ළමයි හදන්නේ නැතුව දැන් මොනවා කරත් වැඩක් නෑ. උසාවියට මරණ දඩුවම නියම කිරීමට දෙමාපිය අවසරය උවමනා නැත.

:       76       143

RaveendraWednesday, 12 September 2018 10:29 AM

කමල් මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. නමුත් අප විස්වාස කරනවා කිසිදු අම්මෙක් තාත්තෙක් තමන්ගේ දරුවන් හිතා මතා වැරදිවිදියට සමාජයට ඉදිරිපත් කරයි කියා.. වැදගත් දෙමව්පියන් දරුවන් කොතරම් හොඳින් හැදුවත් අද සමාජයේ ඕනෑතරම් උදාහරණ තියෙනවා එසේ හදපු දරුවනුත් අනිසි මාර්ගවල, වැරදි මාර්ගවල ගිහින් ජීවිත නාස්ති කරගත් අවස්ථා. එබැවින් ඔබගේ අදහස්වලින් මේ මව (දැන් සිල්මෑණියක් වුණත්) යම්කිසි අපහසුතාවයකට පත්විය හැකියි නේද?

:       1       137

විජිත් Wednesday, 12 September 2018 09:01 AM

සිල් මෑණියනි, ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉටුවී, මතු භවයකදීම සසර ගමන අවසන් කිරීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරමි.

:       0       81

sanjeewa Wednesday, 12 September 2018 09:40 AM

කමල් ඔබ හරි. අධිකරණයට ලියුම් ලියල වැඩක් නෑ. ඇයට එතන කරන්න දෙයක් නෑ.

:       18       42

Samathasena A . Aluthgamage. Wednesday, 12 September 2018 09:58 AM

" ලේ කිරි කර පොවා හැදු වැඩු සිඟිති පුතු " " මිනී මරපු හැටි කිසිලෙස නොපැතූ පැතූ " " අන් දියණියක තම දියණිය ලෙසින් සිතූ " " සිල් මව් තුමිය සැනසෙයි නිවනේදී මතු "

:       0       364

chathuri Wednesday, 12 September 2018 10:29 AM

අම්මා කෙනෙක්ට මෙහෙම හිතල තමයි පුතාව පෝරකයට යවලා හිත හදාගෙන. මහණවෙන්න පුළුවන් නම් ඇයි? අපේ රටේ නායකයින්ට දරුණු අපරාධකාරයින් එල්ලනවට අකමැති ඒ අයගේ... සාක්කු හිස් වෙයි කියන බයටද?

:       0       39

RaveendraWednesday, 12 September 2018 11:37 AM

වචනයේ අර්ථයෙන්ම අම්ම කෙනෙකුගේ සිතේ තම දරුවන් කෙරෙහි තිබෙන ආදරය කරුණාව, දයාව සමාජ සුබ සෙත සදහා එම කරුණු වෙනස කලත් මේ " තමන්ගේ බඩවියත ගැන පමණක් හිතන දේශපාලනයක් " සමාජයට නොවේ මුළු ලෝකෙටම හෙන වැදුණත් කමක් නැත

:       0       62

sampath Wednesday, 12 September 2018 12:06 PM

මේ ළමයා මරන්න මොකක් හරි හේතුවකුත් ඇති... අනෙක් අතට මෙයාම එ්ක කළා කියලා කියන්න නඩු විභාගයක් පැවැත්විය යුතුයි. ජූරියේ තීරණයත් බලපානවා. කෙසේ වෙතත් දරුවන් නොමගට යන්නේ දෙමාපියන්ගේ වැරදි අඩුපාඩු නිසා කියන එක බැහැර කරන්න අමාරුයි. ඒ වගේම පවතින අධ්‍යාපන ක්‍රමයත් මේකට බලපානවා. හොඳ පුරවැසියෙක් හැදීමට වඩා උසස් රැකියාවක් අරමුණු කරගෙන අධ්‍යාපනය මෙහෙයවීමත් ඛේදවාචකයක්...

:       0       35

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 159 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 512 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 508 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1315 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2766 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1813 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site