IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


සිසුන් ගැන සිතා සේවයට එන්නැයි ජනපති ඉල්ලයි

මනෝප්‍රිය ගුණසේකර

අධ්‍යපන පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටින පාසල් සිසු දරුවන්  සහ පොදු මහජනතාව පත්වී සිටින අපහසුතාවයන් සැළකිල්ලට ගෙන සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුම්රිය රියදුරන් ඇතුළු සියළුකාර්ය මණ්ඩල වලින් ඉල්ලීමක් කරයි.
 
වර්ජනයට එක්වුවන්ගේ විසඳී නොමැති ගැටළු විසඳා ගැනීම සඳහා සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ඉදිරියේදී ලබාදිය හැකි බව සඳහන් කරන ජනාධිපතිවරයා උසස් අධ්‍යාපනයේ කඩඉම් විභාගයකට ඉදිරිපත් වන සිසු දරුවන්ගේ මානසික තත්වය පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්නැයි දුම්රිය රියදුරන් ඇතුළු සියළු කාර්ය මණ්ඩල වලින් ඉල්ලීමක්ද කරයි.
 
මේ සම්බන්ධයෙන් මානුෂීය අවධානයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සියළු පාර්ශව වලින් ඉල්ලීමක්  කරයි.



අදහස් (27)

සිසුන් ගැන සිතා සේවයට එන්නැයි ජනපති ඉල්ලයි

de silva Monday, 11 December 2017 06:19 PM

දවස් දෙකකට ඉස්සෙල්ල කිවුවේ වැඩට එන්නේ නැති පුද්ගලයෝ ගෙදර අරිනවා කියල නමුත් දැන් කියන්නේ වෙන කතාවක්......මෙහෙම පුලුවන්ද රටක් පාලනය කරන්න අර ජයවර්ධන ජනාධිපති ගත්ත වගේ කෙලින් තීරණ ගන්න පුරුදුවෙන්න..........

:       0       5

erdi Monday, 11 December 2017 06:22 PM

වැටුප් විෂමතා හැමෝටම තියන ප්‍රශ්නයක්. රජයේ සේවකයන්ටත් වඩා ප්‍රශ්න රාශියක් පුද්ගලික අංශයේ සේවකයන්ට තිබෙනවා.එහෙත් දුම්රිය වර්ජනය වෙනත් දේශපාලන අරමුණක් උදෙසා කීපදෙනෙක් මෙහෙයවන්නක්. මේ උද්ඝෝෂකයන් හිතන්නෙ දුම්රියෙන් වෙනත් දිශාකරා වර්ජනයන් දියත්කරන්නයි. කිසිම සමාවක් වර්ජකයන්ට දියයුතු නෑ.

:       1       1

ajit Monday, 11 December 2017 06:36 PM

ගරු ජනාධිපතිතුමනි මේ අයට හොඳ පාඩමක් ඉගැන්විය යුතු කාලය පැමිණ ඇත . ඔබට ජය ශ්‍රී

:       1       2

leel gunawardena Monday, 11 December 2017 07:16 PM

ජනාධිපතිතුමා පරක්කු කරන්නේ ඇයි ? මිට කලින් වැඩ වර්ජන ගැන සොයා බලන්න ඔබට පුළුවන් , හාල් පාරුවන්ට මේ ගැන උවමනාවක් නැහැ, සේවකයන්ගේ උවමනා වලට සවන් දෙන්න මමත් නෙදර්ලන්තයේ ප්‍රාදේශීය සමිති සමගිකයෙක් මේ නිසා ජනතාවට වන අපහසු තාවය කොපමණද? මමත් උත්සහ ගන්නේ මහජනයාට සේවයක් ලබාදෙන්නට . මේ වෙනුවෙන් උපරිම උත්සහයක් ගන්නවා ඔබට ජය.

:       1       1

අනුර ඉලන්කෝන් Monday, 11 December 2017 07:44 PM

ඔබතුමාගෙ ඔය නැලවිලි ගී දැන්වත් නවත්වන්න............

:       1       29

yaha Monday, 11 December 2017 08:05 PM

හරියට රට කර ගන්න බැරුව ....හොරු නලව නලවා ඉන්නවා....රටේ ප්‍රශ්න විසදන්න හැකියාවක් නැහැ උවමනාවකුත් නැහැ......වැඩ කරන උන් වර්ජනය කරපුවම ළමයි වෙනුවෙන්, ලෙඩ්ඩු වෙනුවෙන්, අහිංසක ජනතාව වෙනුවෙන් කියා කියා බොරු ඉල්ලීම් කරනවා...බොරු ෂෝ දානවා ඡන්ද දායකයන් වෙනුවෙන් ....තමන්ගේ පාලනය අවංකව හරියට නීතියට ක්‍රමවත්ව කර නම් කාටවත් වර්ජනය කර කර ඉන්න ඉඩ තියන්න අවශ්‍ය නැහැ.

:       0       4

mahinda italy Monday, 11 December 2017 09:31 PM

මහලොකුවට කෑගැහුවේ ?????? සේවය අතහැර ගිය සේ සලකනවා කියලා..........අනේ ඔහොම වෙලා මදි ,,,,

:       1       4

kavantissa Monday, 11 December 2017 11:49 PM

අමානුෂ්‍ය වැඩ කරන වර්ජකයන්ට මානුස්සකම් ගැන අවබෝධයක් තියෙන්නේ කොහොමද. එවුන් දන්නේ වලපල්ලේ ඉඳන් කරන වැඩයි කඩාකප්පල් වැඩයි ගැන විතරයි. එවුන්ගේ රස්සාව නැති වෙන එකමයි හොඳ .

:       10       2

Bamunuarachchi Tuesday, 12 December 2017 12:22 AM

ඔබලා මුළු රටම අමතක කර ඔබලා ගැනම පමණක් සිතනවිට හුදී ජනයා ළමයි ගැන සිතයිද? මොනවද මේ කතා..............

:       0       2

ෆයර් මෑන් Tuesday, 12 December 2017 12:35 AM

අගමැතිතුමා විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට පෙර ඔබ එන්න ,ඇවිත් යන්න එන්න.....අපේ දුම්රියට අපි ආදරෙයි

:       0       2

gunarathna Tuesday, 12 December 2017 01:28 AM

සිසුන් ගැන හිතල සේවයට එන්ඩ කියන්නේ දැන්ඔබතුමා ගැසට් එකක් නිකුත්කලා නේද සේවය ඇත හැරලා ගියාසේ සලකනවා කියල. ගැසට් නිකුත් කරන්න පෙර නේද මේවා ගෙන හිතන්න තිබුණේ.එක එකාගේ ලණු කාල ඉවරයක් නැහැ. මුලින්ම ඇමතිව ගෙදර යවල හිටියනම් ඉවරනේ.නිමල් සිරිපාල සෞඛ්‍ය ඇමති කාලේ දොස්තරලා ස්ට්‍රික්යික් කෙරුව ඇමති කමින් ඉවත් කරන්ඩ කියල.

:       0       1

Poba Tuesday, 12 December 2017 01:38 AM

මේ අයව එලවලා හමුදාවට මේක කරන් යන්න දීලා අලුත් අයව ඉන්දියා යවලා පුහුණු කරවන්න. කියන කියන පද වලට නටන්න එපා...

:       3       105

indika Tuesday, 12 December 2017 02:12 AM

තවත් බලාගෙන ඉන්නේ මොකටද. සේරම නෙරපලා අලුත් කට්ටියට රැකියා දෙන්න. මාසයක් කරදර වේවි අලුත් කට්ටිය පුරුදු වෙනකම්. පසුව හරියාවි.

:       0       0

vipula Tuesday, 12 December 2017 03:08 AM

මේ ආණ්ඩුවට වර්ජනයක් හරියට කළමනාකරණය කරගන්න බැහැ.

:       15       131

bandara Tuesday, 12 December 2017 03:28 AM

ජනාධිපතිතුමනි මේ රටේ වැඩ වර්ජන කරන සියලු පාර්ශව සාමාන්‍ය ජනතාව ගැන සිතන්නේ නැත. කොපමණ තිබුනත් මට මදී සිතමින් සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් උකසට තබමින් වැඩ වර්ජන කරන නිසා 80 වේදී කල දෙය වැඩ වර්ජන කරන සියලු දෙනාට කළයුතුව ඇත.අපි මෙසේ පවසනුයේ කවුරු වර්ජන කලත් විදවන්නේ අපි නිසා.

:       0       64

asiri Tuesday, 12 December 2017 03:50 AM

මොකටද විධායක බලතල ඉතින්. දුම්රිය රියදුරෝ ළඟ බැගපත් වෙන්න

:       4       43

දිනුර Tuesday, 12 December 2017 03:55 AM

සාමාන්‍ය පොදු ජනතාව ඇපයට තබා ගනිමින් කෙරෙන වැඩ වැරුම් සංස්කෘතිය මෙරටින් අතුගා දමන්න ඕන.

:       0       80

සන්ජේ ද සිල්වා Tuesday, 12 December 2017 04:37 AM

වර්ජකයන්ගේ ඉල්ලීම් සාධාරණ නම් එය දියයුතුයි. අසාධාරණ නම් ඔවුන්ට විරුද්ධව කටයුතු කල යුතුයි. දරුවන්ව බිල්ලට ගන්න දෙන්නේ නැතුව. ජනපති දැන් වර්ජකයන් ඉදිරියෙහි බැගෑපත් වෙනවා. මේකද රටකට අවශ්‍ය නායකත්වය. නිසි කළමනාකාරිත්වයක් නැති, නීතියක් නැති, පක්ෂග්‍රාහී අධිකරණයක් ඇති රටක මේ දේවල් වෙනවා.

:       28       125

saman Tuesday, 12 December 2017 04:38 AM

අන්තිම මොහොතේ පත්තරේ බලල වගේ .

:       31       82

rana Tuesday, 12 December 2017 04:43 AM

විධායක ජනාධිපති කෙනෙක් කළ යුතු යෝජනාවක්ද මේ කියන්නේ.?

:       40       87

Sanka Tuesday, 12 December 2017 05:52 AM

රටේ නායකයා වෘත්තීය සමිති ළඟ දනගහනවා. ලී කුවාන් යු ගෙන් ඉගෙන ගන්න.

:       13       147

Muhan Tuesday, 12 December 2017 05:56 AM

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කරපු එකේ වැනි ඉන්නේ නැතුව වැඩට එන්නේ නැති එවුන් එලවලා හමුදාව දාලා මේක දුවවනවා .

:       1       121

gayan Tuesday, 12 December 2017 06:10 AM

ඉතින් ළමයි ගැන හිතලා වැටුප් විෂමතාවය ඉවත් කරන්නකෝ.

:       107       10

Kumar (Galf) Tuesday, 12 December 2017 06:27 AM

පාර්ලිමේන්තුවේ ඉන්න හොර රැල පන්නල දැම්මනම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අද රටම දියුණු වෙලා.

:       39       87

R k r siriwardana Tuesday, 12 December 2017 06:52 AM

වර්ජනයට සාධාරණය කරනු එවිට ප්‍රශ්ණය විසදේ

:       84       1

banda Tuesday, 12 December 2017 09:08 AM

මේ ටික ගෙදර යවල හමුදාවට පුහුණුවක් දීල දුම්රිය ගමන් ආරම්භ කරන්න ....

:       0       1

kumara Tuesday, 12 December 2017 09:11 AM

මේ රටේ මිනිස්සු ගොඩක් හිතන්නේ හැම දේම හමුදාවට කියලා කරන්න පුළුවන් කියලා. වර්ජකයන්ගේ ඉල්ලීම් සාධාරණ නම් එය දිය යුතුයි. අසාධාරණ නම් ඔවුන්ට විරුද්ධව කටයුතු කල යුතුයි. හමුදාවට කියලා කරන්න පුළුවන් නම් රාජ්‍ය සේවය අහෝසිකර හමුදාවට භාර දිය යුතුය. අවු 20, 30 සේවකයන්ගේ පළපුරුද්දෙන් මොකද කරන්නේ කියලා හැම දේම හමුදාවට භාර දෙන්න කියන මෝඩයින්ට බලාගන්න පුළුවන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 2411 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3008 9

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11587 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7938 39

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3050 1

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


’’යළි පහර දුනහොත් බලාගෙනයි’’
2024 අප්‍රේල් මස 14 10783 6

ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1498 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site