IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘ස්වාධීන මාධ්‍යය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන මූලිකාංගයක්‘‘

හර්ෂණ තුෂාර සිල්වා

ආණ්ඩුවට හිතකර වුවත් අහිතකර වුවත් ස්වාධීන මාධ්‍යය යනු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක ප්‍රධාන මූලිකාංගයක් යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (14) පැවැසීය.

අද වනවිට නිදහසේ උද්ඝෝෂණ කිරීමට, හිංසාවක් නොමැතිව විපක්ෂ වීමට හා විරුද්ධ වීමට නිදහස, තමන්ගේ ආගම ඇදහීමට ඇති නිදහස, මැරවරයන්ගේ ගුටි නොකා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට මෙන්ම මාධ්‍ය නිදහස ද උදා වී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (14) කීවේය.

ජාත්‍යන්තර අධ්‍යයනය සඳහා වූ බණ්ඩාරනායක මධ්‍යස්ථානයේ පැවැති 18 වැනි ‘ඩඞ්ලි සේනානායක’ සමරු දේශනය අවසානයේ ස්තූති කතාව කරමින්  අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඒ බව සඳහන් කළේය.

අරක්කු සහ බත් පැකට් දෙමින් දහස් ගණනක් ජනතාව අගනුවරට ගමන් කරවීම දේශපාලන ප්‍රකාශයක් නොවන බව විජයවර්ධන මහතා මෙහිදි කීය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙසේද කීය.

    “ජනප්‍රියවාදී දක්ෂිණාංශික දේශපාලනය දේශපාලනයේ නැගී සිටීමත් සමඟ ගෝලීය දේශපාලන ඕඩරය භයප්‍රාප්ත වී තිබෙන කාලයක ගෝර්ඞ්න් මැකේ වන මේ මහත්මයා නිදහස් (ලිබරල්) අභිප්‍රාය සහ වටිනාකම් වෙනුවෙන් කටයුතු කිරීම අප සියලු දෙනා ධෛර්යමත් කරන්නක්.

ලිබරල් ජාත්‍යන්තරයේ මහලේකම් ධූරයට අප්‍රිකානු මහද්වීපයෙන් පත්වූ පළමු වැන්නා බවට පත්වීමට ගෝර්ඞ්න් මැකේ මහතාට හැකියාව ලැබුණා. ඒ වෙනුවෙන් අපි ඔහුට සුබ පැතුම් එක් කරනවා. සැතපුම් ගණනක් සංචාරය කරමින් ඩඞ්ලි සේනානායක දේශනය කිරීම සඳහා මෙහි පැමිණීම ගැන ඩඞ්ලි සේනානායක පදනම වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා. ලිබරල් අභිප්‍රාය සහ යහපාලනය උදෙසා එහි බර කරට ගෙන මහත් වගකීම ඉටු කිරීම ඇත්ත වශයෙන්ම විශිෂ්ටයි.

ඩඞ්ලි සේනානායක මහතා මේ භූමියේ සත්‍ය පුත්‍රයෙක්, මහත්මා දේශපාලනඥයෙක්, ඒ වගේම සුවිශේෂී රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. කීර්තිමත් දේශපාලන දිවියක් හිමි ඩඞ්ලි සේනානායක මහතා සිව්වරක් අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වුණා. ඔහුගේ ධාවක බලය වූයේ බලයට තිබූ කෑදරකම නොව රටට සහ රටේ ජනතාවට තිබූ ආදරයයි.

ඔහු නිදහස් ප්‍රජාතන්ත්‍රවාදියෙක් මෙන්ම සැදැහැති බෞද්ධයෙක්. ඔහුගේ අභාවයෙන් වසර 45ක් ගෙවී ගොස් තිබුණත් අදටත් ඔහු ඇගයීමට ලක්වෙනවා. ඔහුට වැනෙන ප්‍රතිපත්ති තිබූ අයෙක් නෙමෙයි. ඔහුට ස්ථීර මතයක් අදහසක් තිබුණා.

ශ්‍රී ලංකාවට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍ය වී තිබෙනවා. පිටුපසින් ඇවිත් පිහියෙන් අනින්නේ නැති, දේශපාලන අරගල නොමැති, දේශපාලන ප්‍රයෝග නොමැති සහ ජනතාවගේ මුදල් මංකොල්ල නොකන, දූෂණය නැති දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි.

අරක්කු සහ බත් පැකට් දෙමින් දහස් ගණනක් ජනතාව අගනුවරට ගමන් කරවීම දේශපාලන ප්‍රකාශයක් නෙමෙයි.  එය දේශපාලන ප්‍රයෝගයක්. එය තවදුරටත් ජනතාව මත බර පැටවීමක්. මිලියන ගණන් මුදල් නාස්ති කරමින් බෙල්ජියමෙන් පළාත් සභාවට පුටු ආනයනය කිරීම පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ පලාදීයතාව වැඩි කරන්නේ නැහැ.

එය දූෂණයේ දුගද හමන මහජන මුදල් නාස්තියක්. එලෙස පුටු ආනයනය කිරීම නැවැත්වීමට කඩිනම් පියවර ගැනීම සම්බන්ධයෙන් මම මහ ඇමැතිවරයා ස්තූතිවන්ත වෙනවා.

අද වනවිට දේශපාලනඥයන්ගේ තත්ත්වය අන්තයටම වැටිලා. මිනිස්සුන්ට දේශපාලනඥයා කියන වචන පවා අමිහිරි වී තිබෙනවා. එය හරියට වස දාපු කිරි පැකට් එකකින් උගුරක් බොනවා වගේ. මිනිස්සු මේ බොරු සහ ප්‍රයෝග හඳුනාගෙන තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් වරක් මෙසේ කීවා.

“ඔබට එක්තරා කාලයකදී මිනිස්සු ඔක්කොම රවට්ටන්න පුළුවන්. සමහර මිනිස්සුන්ව හැමදාම රවට්ටන්න පුළුවන්. හැබැයි හැමදාම හැමෝම රවට්ටන්න බැහැ”.

යහපාලනය ස්ථාපිත කරන බවට පොරොන්දු වෙමින් මේ ආණ්ඩුව බලයට පැමිණියා. වසර තුනක් ගෙවී ගොස් තිබෙනවා. අපි මොනවාද ළඟා කරගෙන තියෙන්නේ. එක් පවුලක සාමාජිකයන් කිහිපදෙනකුට පමණක් සීමා වූ බලය යහපාලන, පාලන ක්‍රමවේදයකට හැරවීම සුළු පටු කරුණක් නෙමෙයි.

දේශපාලන අනුග්‍රහය මත පැවැති ක්‍රමවේදයක් තුළ යහපාලනය ස්ථාපිත කිරීම, දූෂණය තුරන් කිරීම අභියෝගාත්මක කරුණක් බව කිව යුතුමයි.

වත්මන් ආණ්ඩුවටත් දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. දේශපාලන තීරණ සියල්ල අවුල් වෙලා. ඉදිරියට යෑමට නොහැකිව අපි හිරවෙලා. ඊට අමතරව වෙනස්ම මතවාද දෙකක් තිබෙන රටේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවා තිබෙනවා. ඒ තුළින් අවුල වියවුලක් කර ඉච්ඡාභංගත්වයක් නිර්මාණය කර තිබෙනවා. මේ තත්ත්වය තුළ ඇතැම් පිරිස් අධිපතිවාදී පාලනයක් ඉල්ලා සිටිනවා. රටට හිට්ලර් කෙනෙක් අවශ්‍ය බව කියනවා. ඒවා ඇසීමත් කනගාටුව සහ කලකිරීම ඇති කරවනවා. අපේ ප්‍රශ්නවලට විසඳුම හිට්ලර් නෙමෙයි

අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා කියන පරිදි ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනයට උපත දීමට දැඩි විලිරුදාවක් දැරිය යුත-ු වෙනවා.  යහපාලනයේ මූලධර්ම පල දරන මහා වෘක්ෂයක් බවට පත්වීමට කාලයක් ගත වෙනවා. එම මහා වෘක්ෂය වැඩෙනවා බැලීමට ජනතාවට ඉවසීම ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

මේ පරිපාලනය පසුගිය වසර තුනක කාලයේදී බොහෝ දේ කර තිබෙනවා. ජනතාවට තොරතුරුවලට තිබෙන අයිතිය ස්ථාපිත කර තිබෙනවා. සෑම දරුවකුටම ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය කර තිබෙනවා. පාසල් දරුවන්ට වෛද්‍ය රක්ෂණාවරණයක් ලබා දී තිබෙනවා. මිනිස්සුන්ට දැරිය හැකි මිලකට ඖෂධ මිලදී ගැනීමට අවස්ථාව උදා කර තිබෙනවා. ගිලන් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා. ඒ තුළින් බොහෝ ජීවිත ආරක්ෂා කර තිබෙනවා.

අපි ස්වාධීන අධිකරණ, පොලිස්, මැතිවරණ ආදී කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. දේශපාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩි කර තිබෙනවා. නිවාස නොමැතිව සිටි ජනතාවට සහ ආරක්ෂක අංශවල සාමාජිකයන්ට නිවාස සපයා තිබෙනවා.

අපි නිදහස උදා කර තිබෙනවා. එය තමයි වඩාත්ම වැදගත් කරුණ. දඬුවම් ලැබීමකින් තොරව විරුද්ධ වෙන්න විපක්ෂ ක්‍රියාකාරකම්වල යෙදෙන්න නිදහස උදා කර තිබෙනවා. නිදහසේ උද්ඝෝෂණ කරන්න අවස්ථාව උදා කර තිබෙනවා. නිදහසේ ඔබේ ආගම අදහන්න පුළුවන්.

ඔබට නිදහසේ ඔබේ දේශපාලන මතය දරන්න පුළුවන්. දේශපාලන චණ්ඩින් ඔබේ දොරට තට්ටු කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම අද මාධ්‍ය නිදහස තිබෙනවා.

කෙසේ නමුත් මාධ්‍ය නිදහස අපිට හිතකර විදියට වැඩ කරලා නැහැ.

ආණ්ඩුවට හිතකර වුවත් අහිතකර වුවත් ස්වාධීන මාධ්‍යය යනු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක ප්‍රධාන ප්‍රතිෂ්ඨාවයි. බී.බී.සී පුවත් සේවයේ සුප්‍රකට මාධ්‍යවේදී පැක්ස්මන් මෙසේ කියනවා.

“මාධ්‍ය කියන්නේ මුර බල්ලෙක්. රජය කියන්නේ පහන් කනුවක්. මුර බල්ලගේ වැඬේ පහන් කනුවට මුත්‍ර කිරීමයි”.

රජයේ ඇමැතිවරයෙක් විදියට මේ මුර බල්ලා මුත්‍ර කරන බව මා කිව යුතුයි.

“එහෙත් මාධ්‍යය වගකිව යුතු විදියට හැසිරුණේ නැතිනම් පහන් කනුව ‘මුත්‍රා කිරීම තහනම්’ යනුවෙන් විශාල පුවරුවක් එල්ලා ගනීවි. ඒ වගේම මුර බල්ලා ඉත් ඉක්මනින් ඔහුගේ ඇඟේම මුත්‍රා කරගනීවි. මුර බල්ලා වෙනුවට ඔඩොක්කු කුක්කෙක් තමයි ඊට පස්සේ” යැයි ද හෙතෙම වැඩිදුරටත් කීය.

නිදහස් (ලිබරල්) ජාත්‍යන්තරය සඳහා වූ සංවිධානයේ මහලේකම් ගෝර්ඞ්න් මැකේ විසින් 18 වැනි ඩඞ්ලි සේනානායක දේශනය කරනු ලැබිණි.

මෙහිදි ඩඞ්ලි සේනානායක මහතා පිළිබඳ කෙටි චිත්‍රපටයක් ද විකාශය කෙරුණි.

ඩඞ්ලි සේනානායක පදනමේ සභාපති නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, ෆෙඞ්ඩි්‍රක් නවුමාන් පදනමේ දකුණු ආසියානු කලාපීය කාර්යාලේ අධ්‍යක්ෂ ආචාර්ය රෝලන්ඞ් මෙයිනාඩස් යන අය අදහස් දැක්වූහ.

ෆෙඞ්ඩි්‍රක් නවුමාන් පදනමේ සහයෝගීත්වය ඇතිව ඩඞ්ලි සේනානායක පදනම මෙම දේශනය සංවිධානය කර තිබිණි.

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, ඩඞ්ලි සේනානයක පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

ඡායාරූප - කුෂාන් පතිරාජ

 



අදහස් (6)

‘‘ස්වාධීන මාධ්‍යය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන මූලිකාංගයක්‘‘

Bamunuarachchi Saturday, 15 September 2018 12:05 AM

නිදහසේ අදහස් ප්‍රකාශ කරනවා කියලා රාජ්‍ය රහස් එළියට දීම රටේ ආරක්ෂාවට හොඳ නැත. අපිට ප්‍රයෝජනයක් තිබුනත් නැතත් රටේ හෝ රජයේ සිදුවන සෑමදෙයක්ම දැනගැනීමට අපි කැමතිය. එ්ත් ජාතිවාදී අරගලයක් සිදුවන අවස්ථාවලදී රජය ප්‍රවෘත්ති පාලනය කරන්නේ ඇයි?

:       0       0

සඳුන් Saturday, 15 September 2018 03:33 AM

වර්තමාන වාණිජ හා දේශපාලන ධාරාව තුළ ස්වාධීන මාධ්‍ය සෙවීම කිසාගෝතමිය අබ ඇටක් සෙවීමටත් වඩා වෙහෙසකාරී වැඩක්...

:       0       62

ලුම්බිණි Saturday, 15 September 2018 05:48 AM

ප්‍රශ්නේ තිබෙන්නේ ඇමතිතුමා අද ඉන්න බොහෝ අය වෙනුවට ඔඩොක්කු කුක්කන් වෙලා ඉන්න එකනේ. ඒ එක්කම රජය සමහර විට බල්ලන්ට ‘මුත්‍රා කිරීම තහනම්' බෝඩ් එක එල්ලගෙන ඉන්නවා නේ. නරකද බෝඩ් එල්ල ගන්නේ නැතුව මුත්‍ර කරන්න ඉඩ දෙන එක...

:       12       0

SL Saturday, 15 September 2018 05:06 PM

බැදුම්කර වංචාව ගැන වචනයක්වත් නැත. ඇමතිවරුන්ගේ වාහන ගැන වචනයක්වත් නැත!

:       0       1

Kurera Monday, 17 September 2018 01:56 AM

අද ස්වාධීන මාධ්‍යයක් තියෙනවද ? එක එක්කෙනාට ඕන විදියට කඩේ යන මාජ්ජක් තමයි තියෙන්නේ.

:       0       0

BamunuarachchiMonday, 17 September 2018 07:36 AM

ඔබ හරියට හරි. අපි මෙතන ලියන්නේ අපේ අදහස්... ඒවා රජයට, රනිල්ට, සිරිසේනට හෝ වෙන කෙනෙකුට විරුද්ධ වෙන්න පුළුවන්.. එ්ත් ඒ අපේ අදහස්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 226 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 521 2

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 225 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 154 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 234 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2297 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 210 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site