(මනෝප්රිය ගුණසේකර)
හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් පරීක්ෂණ ආරම්භ කළ පසු බොස්ටන් කැපිටල් සමාගමට එවු බව කියන සැළසුමේ පිටපතක් නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයාට ලබාදෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා කොළඹ මහාධිකරණයේ ලේඛාධිකාරීවරයාට අද (30) නියම කළේය.
ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමෙන්, බොස්ටන් කැපිටල් සමාගමට සැළසුමේ පිටපතක් එව්වා නේදැයි බොස්ටන් කැපිටල් සමාගමේ සභාපති රොහාන් අබේ ඊරියගොල්ල මහතාගෙන් හරස් ප්‍රශ්නයක් නැඟූ නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා නැඟු අවස්ථාවේදී මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ පසු සැළසුමේ පිටපතක් තමන්ට එවු බව පිළිගැනීමෙන් අනතුරුව කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
2013 ඔක්තොම්බර් මස පළමුවැනිදාත් 2014 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙණුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශූද්ධිකරණ පණත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
එලෙස හෙළි නොකරන ආකාරයකින් හා අයථා ලෙස උපයන ලද රුපියල් මිලියන 30ක මුදලකින් ‘‘හෙලෝ කෝප්’’ ආයතනය මිලදී ගෙන ඇති බවටද නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව වැඩිදුරටත් චෝදනා නඟා තිබිණි.
දුෂණ විරෝධී පෙරමුණේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට කරන ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශණයකින් අනතතුරුව නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, පවිත්රිකා සුජානි බෝගොල්ලාගම සහ ගුවන් සේවිකාවක් වු නිත්‍යා සේනානී සමරනායක, ඔරනෙල්ලා ඉරේෂා සිල්වා සහ ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැත්තන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා හමුවේ මෙම නඩුව විභාග කරන ලදී.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සැලසුමේ පිටතක් නාමල්ගේ නීතීඥයාට දෙන්නැයි නියෝග