IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘සරසවි ප්‍රතිපාදන මුදල් බැඳුම්කරේට දුන් අය ගැන පරික්ෂණ පැවැත්විය යුතුයි’

 

                                           

නාලක සංජීව දහනායක

 

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුදල් බැඳුම්කර වංචාවට යොදා ගැනීමට උපදෙස් දුන් උදවිය සම්බන්ධව ඉතාම ඉක්මණින් පරීක්‍ෂණ පැවැත්විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (25) පැවසීය.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් පසුගිය කාලයේ කතා කළ උදවියවත් මේ සම්බන්ධයෙන් අද කතා නොකරන බවද මන්ත‍්‍රීවරයා කීය.

මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.           

රුයිතෙට යන ආණ්ඩුවකට ජනතාව විඳින දුක තේරෙන්නේ නැහැ. ඒහෙම තේරෙනවා නම් මෙතරම් විශාල ඇමැති මණ්ඩලයක් නඩත්තු කරන්නේ නැහැ. ඇමැති මණ්ඩලයට අමතරව අධීක්‍ෂණ මන්ත‍්‍රී නම් තවත් පිරිසක් පත්කරලා. ඔවුන් සඳහාත් අතිවිශාල මුදලක් වැය කරනවා.

වකුගඩු රෝගීන් පිළිබඳව කඳුළු සළමින් බලයට පත්වූ මෙම රජය අද ඒ කතා අමතක කර අතිවිශාල ඇමැති මණ්ඩලය නඩත්තු කරන්න වාර්ෂිකව අති විශාල මුදලක් වැයවෙනවා. මේ ඇමැති මණ්ඩලයෙන් අඩුම තරමින් ඇමැතිධූර පහක්වත් අඩු කළොත් විශාල වකුගඩු රෝගීන් පිරිසකට ප‍්‍රතිකාර කළ හැකියි.

සේවක අර්ථසාදක අරමුදලේ මුදල් පමණක් නෙවෙයි විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ මුදල් ටිකත් බැඳුම්කර වංචාවට අරගෙන තිබෙන බව මේ වනවිට අනාවරණය වී තිබෙනවා. මේ මුදල් අරගන්න නියෝග කළ උදවිය ගැන සෙවිය යුතුයි. එමෙන්ම පසුගිය කාලයේදී විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් කතා කළ නිර්මාල් රංජිත්ලා වගේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මේ ගැන කතා කරන්නේ නැහැ. ඔවුන්ගේ කටේ ඩොලර් හිරවෙලා.

එමෙන්ම හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් වේඬරුවේ උපාලි හිමියන් විසින් කළ ප‍්‍රකාශයට ආණ්ඩුව හොඳටම බයවෙලා. රටේ මීළඟ ජනාධිපතිවරයා කවුදැයි තීරණය කරන්නේ මහජනතාව මිස දේශපාලනඥයන් නෙවෙයි. ජනතාව දරණ මතය කුමක්දැයි ආණ්ඩුව තේරුම්ගත යුතුයි. ඒ ඇත්ත තත්ත්වය දන්නා නිසා මැතිවරණ සිතියම හකුලා දැමීමේ උත්සාහයක ආණ්ඩුව නිරතවෙන බවද කීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (25) පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 



අදහස් (6)

‘සරසවි ප්‍රතිපාදන මුදල් බැඳුම්කරේට දුන් අය ගැන පරික්ෂණ පැවැත්විය යුතුයි’

kap Monday, 25 June 2018 11:08 AM

අධ්‍යාපනයක් ලබලා නැති, කෝච්චිවල සෙල්ලම් දාපු මිනිස්සු දැන් බණ දෙසනවා. ප්‍රශ්න කරනවා.

:       82       56

විමලාවතී Monday, 25 June 2018 11:41 AM

ප්‍රශ්න කරන්න කවුරුහරි ඉන්න ඕනෑ. ඒ ගැන සතුටුවෙන්න. මට හිතෙන්නේ ඔබත් සරසවි අරමුදල් ගසාකෑමට හවුල් වගේ...

:       2       4

kapMonday, 25 June 2018 01:08 PM

මට පේන්නෙ ඔයා හොරුන්ගේ අම්මලාගෙන් පේන අහන කෙනෙක් වගේ...

:       0       17

Naushad Monday, 25 June 2018 11:54 AM

ඊට කලින් ඔබතුමාගේ වත්කම් කෙසේද ඉපැයුවේ කියා කිව්වා නම් වඩාත් වටිනවා.

:       0       2

සතයපාල Monday, 25 June 2018 01:14 PM

මේ අය හිතාගෙන ඉන්නේ මෙහෙම කිව්වම රටේ මිනිස්සුන්ට අතීතය අමතක වෙනවා කියලා වෙන්න ඇති. අපි මේක ගැනත් හොයමු. ඊට කලින් නියෝජ්‍ය ඇමැතිවරයෙක් හැටියට උපයා ගත නොහැකි වත්කම් උපයා ගැනීම ගැන වගේම අමත්‍යාංශයට නයෙක් ඇවිත් දෂ්ඨ කළ එක ගැන හොයලා හිටිමු.

:       0       3

rocky Monday, 25 June 2018 02:58 PM

අනේ මහත්තයෝ, ඉස්සෙල්ලා ඔහේගේ නඩුව ඉවරයක් කර ගන්න. දැන් බණ දෙසනවා... ඇහෙනකොට ඇඟේ මාළු නටනවා !!!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 208 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 559 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1423 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1669 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 528 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 246 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site