(උපාලි ආනන්ද)
යුද හමුදා සැරයන් මේජර්වරයකුගේ බිරිඳක සහ හමුදා සෙබලූන් තිදෙනෙකුගේ මවකද වන 50 හැවිරිදි කාන්තාවක් බීමත්ව රංචු ගැසී වරින් වර සමූහ දුෂණය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විත්තිකාර හිටපු යුද හමුදා කෝප්‍රල්වරුන් තිදෙනෙකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඉදිරියේ අධිචෝදනා බාර දෙනු ලැබීය.
ලබන ඔක්තෝබර් 9 වැනි දා යළි අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.
2013 වසරේ ජූලි 23 වැනි දා හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් හොරොව්පොතාන නබඩවැවදී කාන්තාවක දුෂණය කර ඇය සතුව තිබූ රන් භාණ්ඩ මුදල් සහ ජංගම දුරකථන සොරකම් කිරීම ඇතුළු අධිචෝදනා හතක් යටතේ වෙන් වෙන් වශයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.
කාන්තාව සමූහ දුෂණයට ලක් කිරීමෙන් පසුව විත්තිකරුවන් ඇය සතුව තිබු මුදල් පසුමිබියක්, ප්ලෑසර් වර්ගයේ විදුලි පන්දමක්, රන් කරාබු ජෝඩුවක් සහ ජංගම දුරකකන දෙකක්ද පැහැර ගෙන පලා ගොස් සැඟව සිට ඇත.
සැකකරුවන් අදාළ කාන්තාවගෙන් පැහැර ගන්නා ලද ජංගම දුරකථනයේ ඉමි අංකය ඔස්සේ සිදුකළ පුළුල් විමර්ශනයකින් පසුව අපරාධය සිදුවී දින 19 ක් ඇතුළත ඉතා සුක්ෂම අයුරින් පොලිස් උපාය දුතයින් යොදවා විත්තිකරුවන් අනුරාධපුර නගරයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සැරයන් මේජර්ගේ බිරිඳ දුෂණය කළ කෝප්‍රල්වරුන් තිදෙනෙකුට අධිචෝදනා
asad Monday, 09 April 2018 08:52 AM
ඔය ඉතින් රට බේරාගත් රණවිරුවන් දඩයම් කරනවා. බමුණුආරච්චි මහත්තයෝ මහින්ද නැවතත් රටේ පාලනය කල යුතුයි නේද? රණවිරුවන්ට අගයක් ලැබීමට නම්...
rosieMonday, 09 April 2018 09:39 AM
අසාඩ්, මොන නමකින් අදහස් දැම්මත් ඔබේ මොලයට නියම රණවිරු කමත් අසත්පුරුෂ හැසිරීමත් දෙකේ වෙනස තේරුම් ගන්න නම් ඔබේ මොලයට වෙනත් මොලයක් සම්බන්ධ කරන්න වෙන බව නියතයි. ඔබ ගිය පාසලේ වැරැද්දද දෙමාපිය වැරැද්දද දන්නේ නැහැ ඔබ කාගේ හෝ මවකට හෝ බිරිඳකට වූ මේ අපරාධයත් ඔබේ මානසික සුවයට හේතුවක් කරගන්න තරම් මන්ද මානසික තත්වයක ඉන්නේ. නමුත් මිනිසාට මොලයක් ලැබුනේ එය මත වාඩිවී සිටින්න නොවෙයි කියන එකවත් කාගෙන් හරි අහල ඉගෙන ගන්න. ඒ ටික ඉගෙන ගන්න ජාතියක් ජන්මයක් අවශ්‍ය නැහැ.
BamunuarachchiMonday, 09 April 2018 10:12 AM
උත්තරය කදිමයි. රණ විරුවෝ වෙනයි, පාදඩයෝ වෙනයි අසාද්ට මේ දෙක වෙන්කරගන්න බැරිකමයි ලෙඩේ...
asadMonday, 09 April 2018 01:38 PM
අන්න හරි..., රිදෙන තැනට රිදෙන්න ඕනේ. ඔය දේ මහින්ද පාක්ෂිකයන්ට තේරුම් කරලා දෙන්න අමාරුයි. මම කියන්නෙත් යුද වැදුණු හැමදෙනාම රණවිරුවෝ නොවෙයි. මහින්ද පාක්ෂිකයින්ට අනුව හිරගත කරන සෑම හමුදා සෙබළෙක්ම රණවිරුවෙක්. ඒ කියන්නේ යහපාලනය රණවිරු දඩයමේ කියලයි. මේ දෙක දෙකක් කියලා බමුණුආරච්චි මහත්තයාට තේරිච්ච එක නම් ලොකු දෙයක්. රෝසිට නම් කියන්න තියෙන්නේ සොරි කියලා තමයි.
asadhyaa Monday, 09 April 2018 04:14 PM
අසාද්, මහින්ද මහත්මය නොහිටින්න ඔබට අදත් කොටි බෝම්බයක රස බැලීමේ වාසනාව ලබන්න තිබුනා නේද. දැන් නම් ඉතින් කොයි කවුරුත් සියලුම කටවල් ඇරගෙන ඉන්නවා. ඔය කටවල් යුද්ධ කාලේ නම් ඇරියේ නැහැ නේද.
asad Tuesday, 10 April 2018 08:39 AM
අසාද්, යුද කාලේ යුද වැදුණු කෙනෙක් වගෙයි. මහින්දගේ හොද හොද හැටියටත් නරක නරක හැටියටත් දකින්න කියලයි මගේ තර්කේ. නරක හොදට හිලව් කරන්න එපා කියලයි මම කියන්නේ. යුද්ධය ඉවර කල එකට මහින්ද සහ ඊට සම්බන්ද වුණු සෑම පුරවැසියෙකුටම මේ රටේ සැවොම ණය ගැතියි. ඒ කියල කරපු හානිය සහ බල තණ්හාවෙන් හැසිරුණු විදිහ අනුමත කරන්නේ නැහැ. මොකද මම වහලෙක් නෙවෙයි.
BamunuarachchiWednesday, 11 April 2018 03:11 PM
යුද්දෙදි හැමකෙනාම එල්.ටී.ටී.ඊ. යට ඉදිරියේ රණ විරුවෝ. ඒ නිසානේ මේ නායකයින් කාටවත් කරන්න බැරිදේ මහින්ද මහතා කළේ... මහින්ද මහතා හැමකෙනාම රණවිරුවන් කළා. ඒ පුෂ් අප් එක දුන්න යුද්ධය ඉවර වුනාට පස්සේ රණවිරුවෝ මහින්දගෙන් නිදහස්... දැන් ඔවුන්ට රණවිරුවන් සේ ඉන්නත් පුළුවන් පාදඩයෝ වෙන්නත් පුළුවන්. මහින්දගේ වගකීමක් නැත. තේරුනාද අසාද්? අවශ්‍ය වෙලාවට පාදඩයත් රණවිරුවා කිරීමේ හැකියාවක් මහින්දට තිබෙනවා. ඒ වට තමයි ට්‍රික්ස් ඔෆ් ද ට්‍රේඩ් කියන්නේ ඒවා රනිල්ලා ළඟ පළාතේ නැහැ. තියෙන්නේ දකුණේ මිනිස්සු ළඟ (මම දකුණේ නොවෙයි)
bamunuarachchiWednesday, 11 April 2018 03:46 PM
"ඒ කියලා කරපු හානිය සහ බල තණ්හාවෙන් හැසිරුණු විදිහ අනුමත කරන්නේ නැහැ" ඔබට හානියක් වුනාද? මට නම් කිසිම හානියක් වුනේ නැත. ඔබ ඔය කියන හානිය කාටද වුනේ කියන්නකෝ? ඊට පසුව අපි කතාකරමු. මම කතා කරන්නම්,... ඒවා පලවෙයිද කියන සැකය මට තිබෙනවා.
sanjeevaMonday, 09 April 2018 10:23 AM
ඔබ රණවිරු මාන්දමෙන් පෙලෙන කෙනෙක් නෙවෙයි බව පෙනෙනවා.. හමුදාවේ කෙනෙක් මොන දේ කළත් ඒවා හොඳයි කියන්න කට්ටිය සැදී පැහැදී ඉන්න එක ගැන කණගාටුයි.. පහළ කමෙන්ට් බලනකොට තේරෙනවා.
kumara-cyprusMonday, 09 April 2018 10:25 AM
පාට කණ්ණාඩිය ගලවලා මේ නිව්ස් එක හරියට කියෙව්වොත් පෙනෙයි.. මේ අපරාධකාරයින්ව අත්අඩංගුවට අරන් තියෙන්නේ මහින්ද මහත්තයාගේ කාලේදීම තමයි කියලා. මේ වගේ කාලකන්නින්ව අල්ලන එක හොඳයි. හැබැයි අද කරන්නේ එන්.ජී.ඕ. සල්ලිවලටයි, උතුරේ ඡන්ද වලටයි යටවෙලා රටේ ආරක්ෂක අංශ විනාශ කිරීම.... මේ කමෙන්ට් දාන සමහරුන්ට ඉන්න තැන දිනාගන්න ලේසිනේ එතකොට...
Sanath Monday, 09 April 2018 09:20 AM
ලංකාවේ පොලිසියට ඕනෑම අපරාධයක් මාසයක් ඇතුළත අල්ලගන්න පුළුවන්... නමුත් බලපුළුවන්කාර තක්කඩින්ට පොලිසිය අකර්මණ්‍ය කරන්නත් පුළුවන්. මහාපරිමාණ කුඩුකාරයොයි දේශපාලන හයිරන් කාරයෝයි තමයි අපිට හෙනේකට ඉන්නේ...
HafeelMonday, 09 April 2018 11:30 AM
මමත් ඔබ සමග එකඟයි. වරක් ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලීසිය කියා තිබුණේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශයට ඕනේම අපරාධයක් ක්ෂණික අල්ලන්න හැකියාව සහ දැනුම තියන බවයි. ඒ වගේම වරක් හිටපු නියෝජ්‍ය පොලිස්පති කොටකදෙණිය මහතා කියා තිබුණේ, චන්ද්‍රිකා මැතිණියට ප්‍රහාර එල්ල කරන්න ආපු කොටි ත්‍රස්තවාදී නවාතැන් හිටිය කොළඹ නිවාස සංකීර්ණයක් සෝදිසි කිරීමට දෙපාරක් උත්සාහ කළත්, ඇතුමිය ඇතුළු එවකට හිටපු රජය බාධා කළයි කියලා. ප්‍රහාරයට දින තුනක් කලිනුත් එතුමා එම නිවාස සංකීර්ණය සෝදිසි කරන්න උත්සාහ කළාලු. දේශපාලන බාධාවෙන් තොරව ආරක්ෂක අංශවලට කටයුතු කරන්න පුළුවන් නං, මේ රටේ සෑහෙන දුරකට අපරාධ අඩුකරන්න පුළුවන් වේවි...
Bamunuarachchi Monday, 09 April 2018 10:24 AM
මම සැරයන් නම් ටී56 පතුරම් ඉවර වෙනකම් මුළු ඇඟටම වෙඩි තියලා ඇඟ හිල් කූඩයක් කරනවා.. මරන්නේ නැත.
V.warnakulasuriya Monday, 09 April 2018 02:14 PM
බමුණුආරච්චි මහතාට බැරිද අර රගර් ක්‍රීඩකයා මරපු අපරාධකරුවන්ව ඔය කියන ටී56න් හිල් කූඩ කරන්න. අපට නම් අපරාධකරුවන් කව්රුත් එකයි.
LapayaMonday, 09 April 2018 06:08 PM
බමුණුආරච්චි මහතා ඒක කරයි. ඔප්පු කරන්න බැරි දේවල් ඡන්ද ගුණ්ඩු වලට අරන් දගලන මොලේ උඩ ඉදගෙන ඉන්න අය වගේ නෙමෙයි බමුණුආරච්චි මහතා හිත ඇතුලෙන් එන අවංක අදහස ප්‍රකාශ කර තියෙන්නේ.
asad Tuesday, 10 April 2018 01:16 PM
ලපයට රිදිලා වගෙයි.එක කුරුල්ලෝ එක අත්තේ වහනවා කියනවනේ.
bamunuarachchiWednesday, 11 April 2018 03:28 PM
ලපයාට පමණක් නොවෙයි මිනීමරුවන්ට ස්ත්‍රී දුෂකයින්ට පක්ෂ නොවන කාටත් රිදෙනවා.
සතයපාල Monday, 09 April 2018 11:26 AM
දැන් මේ අය තර්ක කරන විදියට සිංහල කාන්තාවකට අතවර කලහොත් අපරාධකාරයෙක් ඔහුට හෝ ඔවුන්ට තරාතිරම හෝ වෙනත් කිසිවක් නොබලා දඩුවම් දිය යුතුයි. දෙමළ හෝ මුස්ලිම් කාන්තාවකට අතවර කලභොත් රණවිරුවෙක් ඔවුන්ව අත්අඩංගුවට ගන්නේ එන්.ජී.ඕ.වල වුවමනාවට... නැත්නම් උතුරේ ඡන්ද බලාගෙන කරන දඩයම්. මේ බොළඳ තර්ක වලින් මිදිලා යථාර්ථවාදීව සිතන්න හා වැඩකරන්න සුදානම් නොවන තාක් මේ රට අඳුරේ තමයි.
samanMonday, 09 April 2018 04:06 PM
දැන් මේ කොතනකද මේ කාන්තාව සිංහල කියලා තිබෙන්නේ. නැති ප්‍රශ්න හදන්නේ ඇයි.
සතයපාලTuesday, 10 April 2018 02:41 AM
මෙතන සදහන් නොවුනට තත්වය පැහැදිලියි. හමුදාවේ අති මහත් බහුතරය සිංහල ඒ වගේම හොරව්පතාන වැනී ගම්මානත් තනිකර සිංභල ගම්මාන තව ඒ වගේම මේ වගේ දෙයක් අසිංහල කාන්තාවකට වුනානම් කවුරුත් මේ ගැන කතා කරන්නේ නැහැ.
BamunuarachchiWednesday, 11 April 2018 03:39 PM
"මේ වගේ දෙයක් අසිංහල කාන්තාවකට වුනා නම් කවුරුත් මේ ගැන කතා කරන්නේ නැහැ" ඒ ඔබ සිතන විදිහ.. එ්කට ස්පෙක්යුලේෂන් කියනවා. නොවුනු දෙයක් ගැන අනික් මිනිසුන් සිතන විදිහ ඔබ සිතන්නේ කොහොමද? ඒක විකාර සිතිවිල්ලක්නේ...
rosieThursday, 12 April 2018 02:58 AM
ඔන්න ඕකට තමයි සතයපාල කටකතා පතුරනවා කියන්නේ. ඔබ දන්නෙත් නැහැ හැබැයි තත්ත්වය පැහැදිලිලු. ඔබ ඔය පතුරුවන්නේ ජාතිවාදය නේද.
Kumar Monday, 09 April 2018 04:00 PM
යුදහමුදා නීතිය යටතේ මේ තිදෙනාට මරණීය දඩුවම දෙනවද.
Bamunuarachchi Wednesday, 11 April 2018 03:34 PM
රාජකාරී අවස්ථාවක් හෝ යුනිෆෝම් පිටින් මේ අපරාදය කලානම් කෝට් මාර්ෂල් කරාවි.... නැතිනම් පොදුනීතිය යටතේ දඬුවම් කරවි කියා සිතේ....