(රොමේෂ් මධුෂංඛ )
ඉතා විරල වූ වලයාකාර සූර්යග්‍රහණයක් අද(26) උදෑසන වසර 10 කට පසුව උතුරේ ජනතාවට ඉතා හොඳින් දැක බලා ගැනීමට අවස්ථාව උදා විය.
උතුරු පලාතේ මුලතිව් ,යාපනය හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්ට ඉතා හොඳින් මෙම වලයාකාර සූර්යාග්‍රහණය නිරීක්ෂණය වූ අතර එම සූර්යග්‍රහණය නිරීක්ෂණය කිරීම සඳහා තාරකා විද්‍යා නිරීක්ෂණ කමිටුද අද උතුරු පළාතට පැමිණ සිටියහ.
මේ අනුව යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සූර්යග්‍රහණය වෙනුවෙන් විශේෂ වූ නිරීක්ෂණ කඳවුරක් ඉදිකර තිබූ අතර මේ සඳහා යාපනය විශ්වවිද්‍යාලය මෙන්ම කොළඹ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයන්හි තාරකා විද්‍යා නිරීක්ෂණ නිලධාරීහු සහභාගී වී සිටියහ.
සූර්යග්‍රහණය නැරඹීම සඳහා යාපනය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් මෙන්ම යාපනයේ පාසල් රැසක සිසු දැරියෝ යාපනය විශ්ව විද්‍යාලයට පැමිණ සිටියහ.
එමෙන්ම තාක්ෂණ හා නවඋත්පාදන අමාත්‍යංශයද පූර්ණ සහය ලබා දී තිබූ අතර සූර්යග්‍රහණය නැරඹීම සඳහා තාක්ෂණ හා නව උත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාද සහභාගී විය.
( රොමේෂ් මධුෂංක - වව්නියාව)
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සූර්යග්‍රහණය උතුරට දර්ශනය වූ අයුරු
eresh S kumara Thursday, 26 December 2019 05:22 AM
අමතක වෙලා කෙලින්ම බැලුනා.. දැන් අන්ධ වෙලා ඉන්නේ...
MS Mohamed Thursday, 26 December 2019 06:00 AM
"සූර්යයා, එය චන්ද්‍රයාට ළඟාවීමට හෝ රාත්‍රිය දහවල පෙරටු කිරීමට හෝ නොහැක. තවද (ග්‍රහයන්) සියල්ල (ඒවාට හිමි නිශ්චිත) කක්ෂයක යයි"
ධම්මික සුරංග Thursday, 26 December 2019 06:04 AM
ලෝකයේ කලාතුරකින් දකින්නට ලැබෙන සංසිද්ධියක් බැවින් අපිද නැරඹුවා.
hira Thursday, 26 December 2019 08:49 AM
මෙය සිද්ධිය පිටුපස ඉන්නේ අපගේ සර්වබලධාරී දෙවි පියාණන්ය. එතුමා විවිධ ප්රාතිහාර්යය කරමින් අපව අමන්දානන්දනයට පත් කරනු ලබන සේක.
DenverThursday, 26 December 2019 11:01 AM
ඒක ශෝක් විහිළුව. ඕවට රැවටෙන අය තාමත් ඉන්නවනේ මහත්තයෝ. එංගලන්තේ මිනිස්සු මේ වගේ ඒවා නිසා ආගමෙනුත් ඈත්වෙලා. අපේ අය සල්ලිවලට ඒ ආගමට හැරෙනවා. බොරු කියලා හිතෙනවා නම් එක්සත් රාජධානියේ ආගම් කියලා ගූගල් සර්ච් කරලා බලන්න.
sunilThursday, 26 December 2019 01:13 PM
කෙසේවෙතත් එතුමාට තව වන තෙක් සුනාමි, ගං වතුර, නාය යෑම්, ත්‍රස්ත ක්‍රියා වැනි දේ නවතා ගත නොහැකි වුණා.
chanukaFriday, 27 December 2019 03:03 AM
Hira, දරුවෙක් හම්බවුනාට පසුව එම ගැහැණිය කන්‍යාවක් වෙන්නේ කෙසේද ?
kanchanaFriday, 27 December 2019 07:04 AM
හිරා වෙත යොමු කරන ප්රශ්නය, ඔබගේ සර්වබලධාරි දෙවියන්ගේ හැඩරුව කොයි වගේද? අඳිනවා නම් ඒවා මිලදී ගන්නේ කොහෙන්ද? එතුමා වැඩවාසය කරන්නේ ගෙයක් වැනි තැනකද? ඔහු එහිදී ආහාර අනුබව කරනවද? වැසිකිලි එහෙම යනවද? දැනට මේ සරල ප්‍රශ්න කිහිපය විසඳන්නකෝ...
nisa Thursday, 26 December 2019 11:03 AM
හිරා, මෙතරම්ම මැවුම්කරු ප්රාතිහාර්ය දක්වනවා නම්, අප්‍රේල් 21 පල්ලියටම ඇවිල්ලා ගහලා යනකම් කොහෙද හිටියේ? ලෝකයට විහිළු සපයන්න එපා. මොකද මැවුම් වාදය නවීන විද්‍යාවෙන් බොරුකර හමාරයි. ලෝකය පැතලි කියපු කාලයකුත් තිබුණා මතකද? ඒ පොත් දැන් බහුතරයක් විනාශ කරලා ඉවරයි..
samanThursday, 26 December 2019 02:59 PM
මැවුම්කරු ඒ අවස්ථාවේදී තේ එකක් බීමට එළියට ගොස් සිටි බව දන්නේ නැද්ද?
සෙනෙවිරත්න Thursday, 26 December 2019 04:15 PM
දැන් නක්ෂත්රකාරයො අර ලග්නෙට මෙහෙමයි අර ලග්නෙට මෙහෙමයි කියල කියාවි. හැබැයි මේගොල්ලන්ට මේ ග්‍රහන ගැන කිසිදු අනාවැකියක් කියන්න බැහැ විද්‍යාත්මක ක්‍රමවේදයෙන් බැහැරව. ග්‍රහලෝක ගැන කියන ,හොයන මේ කේන්දර කාරයො ක්‍රි ව 1571 උපන් ජර්මන් ජාතික කෙප්ලර් හොයාගත් ග්‍රහලෝක වල ගමන ගැන කියන නියමයන් තුනවත් දන්නවද කියල මං අහන්නෙ.
Rashmika Dilshan Monday, 30 December 2019 01:56 AM
මරු, සුපිරී.