(අජිත්ලාල් ශාන්තඋදය සහ අරුණ එස් හේරත්)
මෙවර සිරිපා වන්දනාවාරය ආරම්භ කරමින් පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රාජමහා විහාරස්ථානයේ මාස හයක කාලයක් තැන්පත් කරතිබු සධාතුක කරඬු, සුමන සමන් දේව ප්‍රතිමා සහ දේවාභරණ 02දා උදෑසන එළඹුන සුබ නැකැත් වේලාවන් තුනක දි මාර්ග තුනක් ඔස්සේ පෙරහර තුනකින් සිරිපා මළුව වෙත වැඩම කරවීම සිදු විණි.
ඒ වෙනුවෙන් පවත්වන පරිත්‍රාණ ධර්ම දේශනාව 01දා රාත්‍රී පැවැත්වුණ අතර එදින රාත්‍රී සුමන සමන්දේව ප්‍රතිමා සහ දේවාභරණ මහජනතාවට වැඳපුදා ගැනිමට අවස්ථාව සැලසිණි.
පුද පූජාවලින් පසු 02දා පාන්දර 05.01ට හැටන් මාර්ගයෙන් ගමන් ගන්නා රිය පෙරහර කුරුවිට, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, යටියන්තොට, ගිනිගත්හේන, හැටන්, මස්කෙළිය හරහා නල්ලතන්නිය කරා ළාගවීමෙන් පසු නල්ලතන්නිය ශ්‍රීපාද බෞද්ධ මධ්‍යස්ථානයේ සිට මලූව කරා පාගමනින් වැඩම කරවනු ලැබීය.
රත්නපුර ශ්‍රී පලාබද්දල ඔස්සේ රජමාවතින් ගමන් ගන්නා රිය පෙරහර පෙවරු 06.01ට එළැඹි සුබ නැකතින්පැල්මඩුල්ල, රත්නපුර, මල්වල, ගිලීමලේ, හරහා ශ්රීපලාබද්දල දක්වා එම රිය පෙරහර ගමන් කරනු ලැබීය. එතැන් සිට පාගමනින් මලූව කරා පෙරහරින් සධාතුක කරඬුව, දේවරූප සහ දේවාභරණ වැඩම කරවනු ලැබීය.
උදෑසන 07.54ට එළැඹි සුබ නැකතින් පිටත්වු රිය පෙරහර ඕපනායක, බළන්ගොඩ, ඇල්ලෙඅරාව, පින්නවල, මාරතැන්න බගවන්තලාව, නෝර්වූඞ්, මස්කෙලිය හරහා නල්ලතන්නියට ළඟවීමෙන් පසු පාගමනින් මලූව කරා පෙරහරින් සධාතුක කරඩුව, දේවරූප සහ දේවාභරණ වැඩම කරවනු ලැබීය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිරිපා වන්දනා සමය ඇරඹෙයි