තරිඳු ජයවර්ධන
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කළැයි කියන සිද්ධිය ගැන විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා හෙට (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
සරත් ෆොන්සේකා මහතාට හෙට (25) දහවල් 12ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නේ දෙවැනි වතාවටය.
කීත් නොයාර් මහතා පැහැරගෙන ගිය අවධියේ යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේ සරත් ෆොන්සේකා මහතාය.
මෙම විමර්ශනය පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, කතානායක කරූ ජයසුරිය මහතා ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. අලුතින් ලබාගත් ප්‍රකාශ අනුව පැහැදිලි කර ගැනීම් සඳහා සරත් ෆොන්සේකා මහතාගෙන් හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගත යුතු බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණි.
ඒ අනුව හෙට (25) සරත් ෆොන්සේකා මහතා කැඳවන බවත්, ඉදිරියේ දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් රහස් පොලිසියේ ආරංචි මාර්ග කියයි.
2018 මැයි මාසය දක්වා කළ පරීක්ෂණ අනුව කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට ෆොන්සේකා මහතාගේ සම්බන්ධයක් නොපෙනෙන බවත්, ඉදිරියේද විමර්ශන පවත්වන බවත් පසුගිය මැයි මාසයේ දී රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට සැකපිට යුද හමුදාවේ මරදාන ට්‍රිපෝලි කඳවුරේ පිහිටවා තිබූ යුද හමුදා බුද්ධි අනු ඛණ්ඩයේ පස් දෙනෙක් ද යුද හමුදාවේ බුද්ධි අංශයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා ද ඇප පිට සිටිති. මාස පහක් තිස්සේ රිමාන්ඩ් බාරයේ සිටි අමල් කරුණාසේකර මහතා ඇප පිට මුදා හැරුණේ පසුගිය 10 වැනි දා ය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ගලගොඩඅත්ත් ඥානසාර හිමිට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්සයක දඩයක් කොළඹ මහාධිකරණ වි
පොල්ගහවෙළ යාංගල්මෝදර ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෝස්තර නිරූපණය සම්බන්ධයෙන් උපාධියක් හදාරන 23 හැවිරිදි සරසවි සිසුවියක උපාධියට අවශ්‍ය පුහුණුවක් ලබාගැනීම සඳහා බතික් කර්මාන්ත ශාලාවකට හිමිකරුවූ 80 හැවි
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා (රේඩියෝ තෙරපි) ප්‍රතිකාරය ලබා දීම සඳහා අත්‍යාවශ්‍ය වන විකිරණ යන්ත්‍ර 5 න් එක් යන්ත්‍රයක් දීර්ඝ කාලය
රුසියානු රඟහලට පහර දී පලා යමින් සිටි අයි.එස්. ඉස්ලාමීය ත්රස්තවාදීන් සිවුදෙනා, රුසියන් ආරක්ෂක අංශ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඉතාමත් කුරිරු ආකා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සරත් ෆොන්සේකා සීඅයිඩියට කැඳවයි
lalith Monday, 24 September 2018 06:23 PM
අනේ කොයි තරම් ජනතාවගේ ගරුබුහුමන් ඇතුව ජාතික වීරයෙක් වගේ ජිවිත කාලයක් වැජබිලා සෙල් ලිපිවලත් නම කොටගන්න උන්නු මනුස්සයෙකුට වෙච්ච දේ
ගලබොඩ ඇත්තේ චමින්ද Tuesday, 25 September 2018 03:23 AM
බලමු මාධ්‍ය මේ ගැන කියන්නේ මොනවද කියලා.
ඇත්ත සත්‍යපාල Tuesday, 25 September 2018 06:20 AM
එකක් මතක තියාගන්න. තව ටික දවසකින් නාලක සිල්වා සහ ෆොන්සේකා අතර තිබෙන සම්බන්ධකම් ගැනත් හොයන්න ඉඩ තිබෙනවා කියල.
daya Tuesday, 25 September 2018 06:45 AM
මොනවා කියන්න ද එවකට රට පාලනය කල ඇත්තෝ වග කියන්න ඕනා ....
kamal Tuesday, 25 September 2018 06:47 AM
ගිය රජයේ නොතිබුණු මෙන්න ප්රජාතන්ත්රවාදය .