IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සියලු රාජ්‍ය ආයතනවලට දිවා සුරැකුම් මධ්‍යස්ථාන


 
 
බිඟුන් මේනක ගමගේ 
 

සියළුම රාජ්‍ය ආයතනවල දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවන ලෙස ඉල්ලා නිර්දේශ ඉදිරිපත් කරන්නේ යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
 
සේවා ඵලදායිතාව නැංවීම හා කුඩා දරුවන්ට සුරක්ෂිත ළමා වියක් තහවුරු කිරීම අරමුණු කරගෙන මෙම නිර්දේශ ඉදිරිපත් කරන්නේ යැයි එම අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා පැවැසීය.
 
කුඩා දරුවන්ගේ රැකවරණය සහතික කරගැනීමට ඇති අපහසුව රාජ්‍ය හා පෞද්ගලික සේවා අංශ දෙකටම දැඩි බලපෑමක් ඇතිකර ඇතැයි කී හෙතෙම පවුල් සංස්ථාව තුළ ගැටලුකාරී තත්ත්ව නිර්මාණය කිරීමට එය ප්‍රධාන කරුණක් වී ඇතැයි ද පැවැසීය.
 
හතු පිපෙන්නාක් මෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන තැන තැන ස්ථාපිත කළ ද ඒවායේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් මතුව ඇතැයි ද අවධාරණය කළේය.
 
ඒ අනුව රජයට මෙම නිර්දේශය ඉදිරිපත් කිරීමේදී ඉහත සියලු කරුණු සැළකිල්ලට ගනු ලැබී යැයි ද ඒ සඳහා වූ සැලසුම් මේ වනවිටත් සකස් කරමින් පවතින්නේ යැයි ද අබේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (8)

සියලු රාජ්‍ය ආයතනවලට දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ජගත් මාවැල්ල Thursday, 14 June 2018 10:28 AM

ඉතා කාලෝචිත යෝජනාවක් සාර්ථක වේවායි සුභ පතමු.

:       0       0

piyal Thursday, 14 June 2018 10:51 AM

ආයතනය තුළ ඕක දාල රජයේ සේවකයන්ගෙන් කරන වැඩෙත් කොරගන්න බැරිවෙනවා අස්සටම රිංගයි ළමයි බලන්න වැඩේ දාල. කරුණාකර ළමා සුරැකුම් මධ්‍යස්ථාවල ප්‍රමිතිය සඳහා වැඩපිළිවෙලක් හදන්න. කෙටි ක්‍රම හොයන්නේ නැතුව.

:       173       163

නුමාThursday, 14 June 2018 03:01 PM

පියල්, ආයතනයක ළමාසුරැකුම් මධ්‍යස්ථානයක් ඇතිකර, එම ආයතනයේ වැඩ කරන මව්පියන් ළමාසුරැකුම් මධ්‍යස්ථානයේ වැඩකරනවා නොවෙයි. එයට වෙනම සේවක සේවිකාවන් යොදවනවා. ඇත්තම කිව්වොත් මෙයින් කාර්‍යක්ෂමතාව වැඩිවන්නට උවමනායි. ලංකාවේ රාජ්‍ය සේවයේ සේවක බංකොලොත්භාවය මේ ප්‍රශ්ණය නිසාම නොවෙයි. අඩු පඩි සහ නිකම් හිඳ පඩි ගැනීමේ චේතනාව නිසායි. මෙවන් ගැටළු ඇති අයට නම් බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි. ආච්චි, සීයාට තම මහළු කාලය නිදහසේ ගෙවන්නටත් වැඩි අවස්ථාවක් ලැබේවි.

:       0       0

Kumar Thursday, 14 June 2018 01:52 PM

පඩි ගෙවන්නේ කව්ද

:       0       0

ජගත් Thursday, 14 June 2018 02:32 PM

ඉතා කාලෝචිත වැඩක්. රජයේ සේවකයෝ විතරක් නෙමෙයි බොහෝ දෙනෙක් මේ ප්‍රශ්නේ නිසා පීඩා විඳිනවා. රාජ්‍ය මැදිහත් වීමක් අත්‍යවශ්‍යයි. මෙහෙම දෙයක් නැති හින්දයි හොරෙන් හොරෙන් ලමයි බලන්න යන්නේ.

:       1       0

gayan Friday, 15 June 2018 12:16 AM

ඉතා හොඳ යෝජනාවක්

:       0       0

td Friday, 15 June 2018 12:17 AM

සියළුම රාජ්‍ය ආයතනවල දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවන ලෙස ඉල්ලයි. රජයේ ආයතනයක සේවය කිරීමට සේවකයන් පැමිණෙන්නේ ඉතා දුර බැහැරවය. ඉතා සීමිත කොටසක් සේවා ස්ථානය අවට පදිංචි වී සිටි. සේවා ස්ථානවල දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට පෙර බොහෝ කරුණු කාරණා ගැඹුරින් සොයා බැලිය යුතුය. බොහෝ රජයේ සේවකයන් තම සේවා ස්ථානයට පැමිණෙන්නේ බස් වලිනි. සමහර අවස්ථාවල සේවා ස්ථානය තිබෙන්නේ බස් නැවතුමෙ සිට බොහෝ දුරය නැත්නම් සේව ස්ථානයට යාමට පාරේ කන්දක් යාමට සිදුවේ. තනියම යාමට පවා අපහසු බව තිබෙද්දී කුඩා ළමයින් සමග සේවා ස්ථානයට යාම ගැන මොන කතාද. කාර්ය බහුල ලෝකයේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට කාලෝචිතය. නමුත් පළමුව තිබෙන දිවා සුරැකුම් මධ්‍යස්ථාන සදහා වඩාත් කාර්යක්ෂම ප්‍රමිතියක් සකස් කර එම සුරැකුම් මධ්‍යස්ථාන නිරතුරුව රජයේ පරික්ෂාවට ලක්කල යුතුය ඒ සදහා නීති සම්පාදනය සහ ක්‍රම වේදයක් සකස් කළ යුතුව තිබියදී රජයේ සේවකයන් වෙනුවෙන් එම ආයතනවල සුරැකුම් මධ්‍යස්ථාන පිටුවිම ප්‍රශ්නයට පිළිතුර නොවේ. නිවැරදි විසදුමනම් සෑම රැකියා කරන මවකටම දරු ප්‍රසුතියෙන් පසු පළමු වසරේ නිවසේ නැවතී දරුවා බලාගැනීමට පඩිසහිත නිවාඩු දිය යුතුය.

:       0       0

kamaniesa Friday, 15 June 2018 07:23 AM

ගොඩක්ම හොඳ යෝජනාවක්. ඒත් මේක රජයේ ආයතන වලට විතරක් සීමා නොකර පුද්ගලික ආයතන වලත් පටන් ගන්නවනම් හොඳයි. ඒ විතරක් නෙමේ පිට පළාත් වලත් දිවා සුරැකුම් මධ්‍යස්ථාන අරඹනවා නම් කාලෝචිත දෙයක්. හොඳ නීති මාලාවක් යටතේ පටන් ගන්නවානම් රටේ අනාගතය වෙනුවෙන් ඉතාම හොඳය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1410 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 662 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 559 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 309 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 539 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 494 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site