IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘සයිටම් සිසුන්ට පුහුණුව දෙන රෝහල රජයට පවරා ගන්නවා‘ - සෞඛ්‍ය ඇමති

(චමිල් රුපසිංහ )
සයිටම් ආයතයේ සිසුන්ට සායනික පුහුණුව ලබා දෙන රෝහල රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (05) මහනුවරදි පැවැසිය. අමාත්‍ය වරයා මෙසේ පැවැසුයේ මහනුවර ශ්‍රි දළදා වහන්සේ වැදපුදා ආශිර්වාද ලබා අස්ගිරි මහා නායක හිමියන් බැහැදැකීමෙන් පසු සයිටම් ගැටලුව පිළිබඳව අස්ගිරි පාර්ශවයේ ලේකඛාධිකාරි ආචාර්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එළැඹෙන 9 වැනිද ජනපති හා සියලු පාර්ශවයන් ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවේදී සයිටම් ගැටළුවට නිශ්චිත තීරණයක් ලබාගත හැකි බවද සෞඛ්‍ය ඇමැතිවරයා එහිදී කීවේය.



අදහස් (20)

‘සයිටම් සිසුන්ට පුහුණුව දෙන රෝහල රජයට පවරා ගන්නවා‘ - සෞඛ්‍ය ඇමති

Wasantha Sunday, 05 March 2017 01:24 PM

ඉතා හොඳ පුවතක්

:       0       0

lakvidu Sunday, 05 March 2017 02:04 PM

දැනටමත් ලෙඩ්ඩු නැතුව පාඩුවට දුවන ඔය රෝහලටත් එතකොට කරගහන්න වෙන්නේ අහිංසක ජනතාවට.

:       162       589

hewawithar Sunday, 05 March 2017 02:16 PM

පෙරළුණු පිට හොඳයි කියනවා

:       65       251

ඉරාන් Sunday, 05 March 2017 03:47 PM

ඉතුරු ටිකත් පවරගන්න.එතකොට දශමෙන් මිස්වෙනව කිව්ව ඔක්කොටම යන්න පුළුවන්

:       0       0

බබානිස් Sunday, 05 March 2017 03:49 PM

පවර ගන්නව කියන්නෙ ණය ගෙවා ගන්න බැරුව බැංකුවට සින්න වෙනව කියන එක නේද ආයිබෝං?

:       0       0

තිලක් ගාලේවත්ත Sunday, 05 March 2017 04:44 PM

දෙයියනේ වදින්නම් සයිටම් ප්‍රශ්නයට විසඳුමක් නම් දෙන්නට එපා. එහෙම වුණොත් අපට එල්ලෙන්නට වෙන වැල් නැත. කටේ නරිවාදං නිසා අපට දැන් ව්‍යවස්ථාවටවත් විරුද්ධ වෙන්නට බැරි ය. දෙවියනි, ඔබ මෙතරම් කුරිරු ද? අපට යන එන මගක් ඇත්තේ ම නැද්ද? -----මීට අන්තරේ සහ ජෙප්පා

:       0       0

Sena Sunday, 05 March 2017 05:09 PM

මෙම පුද්ගලයා සහ රජයේ ඇමතවරුන් කිහිප දෙනෙකු නිර්ලජ්ජිත ලෙස සයිටම් මගඩිය වෙනුවෙන් පෙනී සිටිනවා. ජනතාව මොවුන් ගැන තීන්දුවක් ගත යුතුයි.

:       1758       1585

nalaka Sunday, 05 March 2017 06:34 PM

අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු. සෞඛ්‍යයට වෙන්කළ මුදලත් මදි එ්කේ තව රෝහලක් නඩත්තු කරන්නේ කොහොමද? දැනටමත් අත්‍යවශ්‍ය ඖෂධ සමහර රෝහල්වල නැහැ. ප්‍රධාන බෙහෙත වෙනුවට ඉන්දියාවේ හදන ආදේශක තියෙන්නේ. නිකන් ගැලරිය පිනවන මෝඩ තීරණ ගන්න එපා. සය්ටම් හොඳ නැත්තම් හරි අය දාල හොදට උගන්නන්න. 10% වත් රජයේ ඒවාට යන්න බැරි වැඩිම ලකුනුගත් ළමයින් ගන්න කියන්න. මේකද ආයෝජකයන්ට දෙන ආදර්ශේ?

:       0       0

SAM Sunday, 05 March 2017 11:39 PM

මෙහෙම කරන්නෙ ලංකාවේ අධ්‍යාපනෙත් බිල්ලට දෙන්න තමයි.....

:       1       34

ලුම්බිණි Monday, 06 March 2017 12:17 AM

මෙම රෝහල රජයට පවරා ගන්නේ මොකටද?

:       2       15

reks Monday, 06 March 2017 01:17 AM

ඔව් එතකොට ලේසියෙන්ම කියන්න පුළුවන්නේ සයිටම් එකේ ළමයින්ට සායනික පුහුණුව දෙන්නේ රජයේ රෝහලක කියලා.

:       123       199

ramsi Monday, 06 March 2017 01:24 AM

ඔන්න බළල් තඩියා එළියට පැන්නා. එහෙම පවරගන්න මෙයාට තියෙනඅයිතිය මොකක්ද?මේකත් අර ප්ලෑන් කරලා වෙඩිතියාගත්ත නාටකේ ඉතිරි කෑල්ල. නෙවිල් මහත්තයා කියන්න ඇති එහෙම කරන්න කියලා. මොකද එතකොට කියන්න පුළුවන්නේ රජයේ රෝහලක පුහුණුව දෙනවා කියලා. එහෙම පුළුවන්නම් වෛද්‍ය විද්‍යාලෙත් එක්කම පවරාගන්නේ නැත්තේ මොකද?

:       133       271

ජීවන්ත Monday, 06 March 2017 03:41 AM

අධ්‍යාපනය රටට බරක්ලු ..... එතකොට මේක රටට බරක් නෙවෙයිද?, අපේ සල්ලි වලින්නෙ ඉස්පිරිතාලෙ දුවන්නෙ..,

:       1       136

ධම්ම Monday, 06 March 2017 05:17 AM

මේ රටේ ජනතාව මෙහි යටි අරමුණ තේරුම්ගත නොහැකි මෝඩයින් රැලක් කියලා මෙයා හිතාගෙන ඉන්නේ.

:       0       0

Lakvidu Monday, 06 March 2017 05:17 AM

කෝ දැන් සයිටම් එකට කුලියට කැහැපු බයියල?

:       0       0

සිරි Monday, 06 March 2017 05:26 AM

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන ජයවර්ධනපුර රෝහල ආකාරයෙන් පවත්වාගෙන යනවානම් එය නඩත්තුව සඳහා රජයට ලොකු බරක් දරන්න වෙන්නෙ නැහැ. එය තමයි සයිටම් ප්‍රශ්නයට තියෙන එක ප්‍රායෝගික විසඳුමක්.

:       0       0

mahee Monday, 06 March 2017 06:36 AM

කට ඉස්සර කරන්න නම් මෙයා දෙයිය. ආණ්ඩුවේ එක එක ලොක්ක එක එක දේ කටට එන එන හැටියට කියන බවයි අපිට නම් පේන්නෙ.

:       0       0

sanjaya Monday, 06 March 2017 07:28 AM

මෙය අනුමත කළ නොහැක. නෙවිල්ට ලක්ෂ 120 ක් දීල රජයේ රෝහලක සායනික පුහුණුව දීම වැරදි. සෛටම් මුළුමනින්ම ජනසතු කළ යුතුයි. දශමෙන් විශ්ව විද්‍යාල අහිමි වෙන ඕනෑම සල්ලි ඇති නැති අයෙක්ට එවිට හැකියාව මත ඇතුළු විය හැක. එවිට නිදහස් අධ්‍යාපනයද රැකේ . මාලඹෙන් එන නුපුහුණු දොස්තරවරු අතින් ලෙඩ්ඩු මැරෙන කොට විඳවන්න වෙන්නේ දැන් ඉන්න දොස්තරලට නෙවේ. සාමාන්‍ය මහජනෙතාවට. එදාට හොර දොස්තරලා එපා කියලා පාරට බැස්සට වැඩක් නැ. ගහ මුල්ම උදුරා දාන්න ඕන.

:       0       0

lanka Monday, 06 March 2017 07:42 AM

අනිත් පුද්ගලික රෝහල් සහ චැනලින් සෙන්ටර් ටිකත් රජයට පවරා ගත්තනම් ඔය දොස්තරලගේ බොරු උද්ඝෝෂණ නවතිනවා.

:       0       0

දිමුත් Monday, 06 March 2017 08:29 AM

ලේලිව දොස්තර කරන්න දඟලන තරම.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 223 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 396 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1153 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2607 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1731 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1017 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site