IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සයිටම් ප්‍රශ්නය විසඳන්න වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් නිර්දේශ හතරක්

හර්ෂණ තුෂාර සිල්වා

මාලබේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය සඳහා සිසුන් බඳවා ගැනීම නවතා දමන්නැයි නිර්දේශ කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ අටේ පීඨාධිපතිවරුන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වෙත ලිපියක් යවා ඇත.

සයිටම් අර්බුදය නිම කිරීමට නිර්දේශ හතරක් ඉදිරිපත් කර ඇති අතර එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නම් වෛද්‍ය සිසුන් පන්ති වර්ජනය කිරීම නතර කරන බව දන්වමින් පීඨාධිපතිවරුන් මෙම ලිපිය යොමු කරනු ලැබ තිබේ. 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා මගින් උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යවරයා වෙත යොමු කර තිඛෙන ලිපියේ පිටපත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරිවරයාට යොමු කර ඇත.

 මෙරට විශ්වවිද්‍යාල අටේ පීඨාධිපතිවරුන්ගේ අත්සනින් යොමු කරන ලද ලිපියේ සඳහන් නිර්දේශ හතර මෙසේය.

1  සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීම නවතා දැමිය යුතුයි. (සිසුන් බඳවා ගැනීම ස්ථීර පදනම යටතේ නවතා දැමිය යුතුය)

2  වසර 2016ට පෙර බඳවා ගන්නා ලද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අවම සුදුසුකම් සපුරන ලද සිසුන්ට ( උසස් පෙළ විභාගයේදී සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් ) ඔවුන්ගේ පාඨමාලා අවසන් කිරීමට ඉඩ දිය යුතු අතරම › ලංකා වෛද්‍ය සභාවේ අමතර පුහුණු අවශ්‍යතා සැපිරීමෙන් පසු ඔවුන්ට වෛද්‍ය ශ්‍රම බලකායට ඇතුළත් කර ගත යුතුය. එමෙන්ම ඔවුන් › ලංකා වෛද්‍ය සභාවේ බලපත්‍ර විභාගය ද සමත් විය යුතුය.

3  වසර 2016ට පෙර බඳවා ගන්නා ලද සිසුන් සඳහා පවත්වන අන්තර්කාලීන වෛද්‍ය උපාධි අධ්‍යයන  වැඩසටහන සහ වෛද්‍ය උපාධිය පිරිනැමීම  ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ රෙගුලාසිවලට අනුකූලව අන්තර්කාලීන ස්වාධීන අධිකාරියක් විසින් අනුමත කළ යුතුය.

4  වෛද්‍ය පනතේ 72.4 වගන්තිය ප්‍රකාරව  1 සහ 3 නිර්දේශ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු අතර එම අනුමැතිය ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කළ යුතුය.

මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඔස්සේ සියලූ පාර්ශ්වවලට සයිටම් අර්බුදය සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන බවත්, මෙම අර්බුදය තවදුරටත් දිග්ගැස්සීම වළක්වාලමින් අපගේ සිසුන් නැවත අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමත් සිදුවනු ඇතැයි ද එම ලිපියෙන් පීඨාධිපතිවරු සඳහන් කරති. එමෙන්ම මේ ඔස්සේ අනාගතයේදී  › ලංකාව තුළ ක්‍රියාත්මක වෙන සියලූ  වෛද්‍ය අධ්‍යාපන වැඩසහන් ඉහළම ප්‍රමිති සහ සම්මතවලට අනුව ක්‍රියාත්මක වීම සුරක්ෂිත වනු ඇතැයි ද පීඨාධිපතිවරු පෙන්වාදෙති.

මෙම නිර්දේශ අනාගතයේදී › ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය නියාමනය කිරීමෙන් වෙනස්වන බව ද පීඨාධිපතිවරුන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.

ලිපිය සම්බන්ධයෙන් කඩිනමින් ධනාත්මක, සැක උපද නොවන සහ නිල ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම ලිපියේ තවදුරටත් සඳහන්ව ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජෙනිෆර් පෙරේරා, පේරාදේණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර වීරසිංහ, රුහුණ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන් විමලසුන්දර, යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ආචාර්ය එස්. රවිරාජ්, කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය නිලන්ති ද සිල්වා,  › ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුරංගි යසවර්ධන, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය සත්කාර විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය ඇන්ජෙලා අරුල්ප්‍රගාසම් සහ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්දන යන මහත්ම මහත්මීන් එම ලිපියට අත්සන් තබා තිබේ.



අදහස් (42)

සයිටම් ප්‍රශ්නය විසඳන්න වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් නිර්දේශ හතරක්

ධම්ම Wednesday, 02 August 2017 04:25 PM

දැන්වත් බලමු..

:       25       43

ONE SRILANKAN Wednesday, 02 August 2017 04:33 PM

අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ අවධානයට මෙය යොමුවී මෙම ප්‍රශ්නය විසදේවා. සයිටම් ළමුන්ටත් රජයේ ළමුන්ටත් අනාගත සුරක්ෂිත භාවය මේ තුලින් ලැබේවි.

:       11       106

Sanath Dubai Wednesday, 02 August 2017 05:05 PM

ඉතාමත් යථාර්ථවාදී විසඳුමක්. සයිටම් ආයතනය රජයට පවරාගෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක් වශයෙන් ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යනවාවනම් වඩා සුදුසුයි.

:       886       956

බණ්ඩාර(කැකිරාව) Wednesday, 02 August 2017 06:43 PM

මෙම යෝජනා මාලාව වඩාත් සාර්ථකයි , මෙමගින් දැනට සයිටම් හොර උපාධි කඩේට බැදිලා ඉන්න සිසුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමටත්, නැවත හොර උපාධි කඩේට එස් 3ක් තියෙන ළමයි බදවා නොගැනීමටත් (ප්‍රමිතිය ස්ථාපිත කිරීමටත් ) ,දැනට දින 545 කට අධික කාලයක් තම අධ්‍යාපන කටයුතුවලින් බැහැරව සිටින ලංකාවේ හොදම බුද්දිමත් දරුවන්ට ඉගනගැනීමට සුදුසු වටපිටාවක් නිර්මාණය විමටත් උපකාරී වේ. එහෙත් ප්‍රමාණවත් අධ්‍යාපනයක් නැති මේ ඔලමොට්ටල දේශපාලුවන්ට මෙම විසදුම් තේරුම ගැනීමට අපහසුවනු ඇත, එය තේරුම් ගැනීමට දේශපාලකයින්ට ගනදෙවි නුවණවත් පහළවේවා,

:       1112       1454

PrasannaThursday, 03 August 2017 06:39 AM

කරුණු දැනගෙන කතාකරන්න. 2011 න් පසු සයිටම් එකේ අවමය C 2 සහ S 1 (වෛද්‍ය සභාව 2011 අවම ප්‍රතිපල C2 සහ S1 ලෙස ප්‍රකාශ කලා) එතෙක් අවමය වුණේ සී 3. ඉන් පෙර බඳවා ගත සිසුන් ඇත. එසේම ඔබට පිටරට ගොස් ඉගෙන ගෙන එන එක ප්‍රශ්නයක් නැත. S 3 ට පිටරට ගොස් පැමිණ සේවය කරන වෛද්‍යවරුන් දහස් ගණනක් ඇත.

:       252       186

wedageThursday, 03 August 2017 11:05 AM

කුණු කඳු දැක පෙරමුණේ මොන නදියද නැවතුනේ ... සයිටම් භංග වේවා !!!

:       33       64

maheshThursday, 03 August 2017 06:47 AM

කැකිරාවේ ඉන්න තමුන් මොනවා දැනගෙනද මේකට හොර උපාධි කඩේ කියන්නේ? අඩුම ගානේ ඒ පැත්තේ ගිහිල්ලවත් තියෙනවද? කවුරුහරි පෙරටුගාමියෙක් කියන එක ගිරවා වගේ කියවනවා. මෝඩ කමට බෙහෙත් නෑනේ ඉතින්...

:       337       310

bamunu Thursday, 03 August 2017 12:18 PM

මහේෂ් ඔබ හරියට හරි, මමත් අහන්නේ මොකද සයිටම් එකට හොර උපාධි කඩේ කියන්නේ? සයිටම් එකට බඳවා ගැනීමේ ප්‍රමිතියේ අඩුවක් තිබෙනවා නම් එය නිවැරදි කරන්න. නමුත් මෙරටට අනික් රටවලට මෙන් පුද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යයි. එ්කත් විවෘත්ත ආර්ථිකයේ කොටසක්. අන්තර්ජාලයට ගොස් බලන්න ඉන්දියාවේ පමණක් කොපමණ පුද්ගලික වෛද්‍ය විද්‍යාල තිබෙනවාද කියලා. සයිටම් නිසා රටට හෝ නිදහස් අධ්‍යාපනයට කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය රජයේ වෛද්‍යවරුන්ට පමණයි. ඒ සයිටම් එකෙන් අවුරුදු පතා එලියට එන වෛද්‍යවරුන් සෑම නගරකයම වෛද්‍ය ශාලා පටන් ගත් විට රජයේ වෛද්‍යවරුන්ට සවස් කාලයේ කෙරෙන ප්‍රයිවෙට් ප්‍රක්ටිස් එක නැතිවී යාමයි. සයිටම් එකට අවශ්‍ය නම් ප්‍රමිතියක් දී රජයේ වෛද්‍ය විද්‍යාල ඇතුල්වීමට නොහැකිවූ එහෙත් මුදල් ගෙවා ඉගෙනීමට කැමති අයට ඉගෙනීමට අවස්ථාව සලසා දෙන්න. දෙගොල්ලන්ට එකම අවසාන විභාගයකට පෙනීසිටින්න කියන්න. එවිට සියලු දෙනාගේම සුදුසුකම එකයි නේද?

:       33       16

aravindaThursday, 03 August 2017 09:22 AM

මහත්මයා, හොයලා බැලුවොත් ඔය කැකිරාව පැත්තෙනුත් එස් 3 කින් රජයේ වෛද්‍ය පීඨයට ඇතුල් වුණ අය ඇති. අද පමණක් නොවේ. පසුගිය අවරුදු 50 පුරාවටම සියයට 60ක් වූ බහුතරයකගේ ප්‍රවේශ වීමේ පදනම වුයේ තමන් ජීවත්වන දිස්ත්‍රිකයයි. අද නගරබද ප්‍රදේශවල ඔය කියන "හොඳම බුද්ධිමත්" දරුවන්ට වඩා ලකුණු තිබියදීත්, රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුල්වීමට නොහැකි වූ සිසුන් දහස් ගණනක් සොයා ගත හැකියි. එවැනි අයට වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමේ සම්පුර්ණ අයිතියක් ඇති අතර, එය පුද්ගලික අංශයෙන් ලබා ගැනීමේ කිසිම වරදක් නැත.

:       147       260

sanath Wednesday, 02 August 2017 07:32 PM

අවුරුද්දක් විතර අංසක 360ක රවුමක් ගහල හිටිය තැනටම ඇවිල්ල වගෙයි මට නම් හිතෙන්නේ. කොහොමද අපේ මහදැන මුත්තලාගේ රත්තරන් විසඳුම.

:       402       284

dias Thursday, 03 August 2017 01:19 AM

ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙම නියමයන්ට යටත්ව ඇතිකළ යුතුයි නේද.? අපගේ හැගීම මෙම තත්වය යටතේ රජයේ වෛද්‍ය සභාවේ නියාමය යටතේ සයිටම් ආයතනය පවත්වාගෙන ය යුතු බවයි.

:       232       230

මනුෂ්‍ය Thursday, 03 August 2017 01:22 AM

පීඨාධිපතිවරුන් ක්‍රියා කල යුත්තේ රජයේ ප්‍රතිපත්ති වලට වන අතර ඔවුනට රජයේ ප්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා නිශ්චිත යෝජනා කිරීමට කිසිදු නීතිමය අයිතියක් නැත. සිසුන්ට අධ්‍යාපන කටයුතු නොකිරීමට බල කරන්නේ මෙම පීඨාධිපතිවරුන් සහ සමහර ආචාර්යවරුන්ය, රජය පළමුව කල යුත්තේ මොවුන්ට විරුද්ධව නීතිය ක්‍රියා කර රජයේ වෛද්‍ය සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩ ලබා දීමය.

:       1862       1752

ONE SRILANKANThursday, 03 August 2017 06:31 AM

රජය කියන්නේ බහුතර ජනතාව... පර්ලිමන්ට් එකේ ඉන්නේ නියෝජිතයෝ... 100 කට වැඩි පරිසක් පා.පෙළ අසමත්, විශ්ව විද්‍යාල මහාචාර්ය වරු විෂය පරිණත උගත් අය. ඉතින් ගරු මහත්තයෝ, අපි උගත් දැනුවත් අයගේ මතයට ගරු කරලා මේ ගැටළුව විසඳනවා නම් කොච්චර හොඳද නේද? අපිට ඕනේ සයිටම් දරුවන්ටත්, රජයේ දරුවන්ටත් යහපතක් වෙන්නයි... දෙපාර්ශවයේම දෙමාපියෝ ගින්දරක ඉන්නේ... හැමෝටම විසඳුමක් ඕනේ හොර සයිටම් නිසානේ සයිටම් යන දරුවොත්, එම දෙමාපියොත් මේ ගැටලුවකට මැදි වුණේ... මේක සාධාරණ විසඳුමක්... මතක තියාගන්න... රාගම වෛද්‍ය විදුහල නිසා අපේ උගත් දරුවෝ කීදෙනෙක් රටට අහිමි වුණාද? එහෙම එකේ නැවත මෙය කඩේ හදපු එක කොච්චර වැරදිද? අපි විසඳන්න කමෙන්ට් කරමු නේද? ඇමැතිතුමාට යහපතක්ම වේවා !!!

:       4       260

silva Thursday, 03 August 2017 02:23 AM

මෙයාලට පිස්සුද නැත්නම් ළමයින්ට බය වෙලාද? ඇයි සයිටම් එකට සිසුන් ගන්න එක නතර කරන්නේ?? ඇතුල්වීමේ අවම අවශ්‍ය සුදුසුකම් හා MBBS උපාධිය සදහා සියලුම රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල ළමයින්ට එකම දවසේ එකම විභාගයට වාඩිවෙන්න ඕන විදියට ගැසට් කරාම හරිනේ.. දැන් පෞද්ගලික පාසල් වල ළමයි සාමාන්‍ය පෙළ/ උසස් පෙළ ලියනවා වගේ... එකම විභාගය එකම දවසේ... අනාගතේ ළමයි ගන්න එක නතර කරන්න කියන්නේ කුහකකමට...

:       684       1645

kasunThursday, 03 August 2017 04:54 AM

මෙතන තියෙන්නේ නිදහස් අධ්‍යාපනයක් ඇති කිරීම නෙවෙයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පමණක් වසා දැමීම. තමන්ගේ තත්වය නැති වෙන නිසා. එහෙම නිදහස් අධ්‍යාපනයක් රකින්න යනවනම් තව කොච්චර උපාධි කිසිම ප්‍රමිතියක් නැතුව දෙන උපාධි කඩ කොච්ච්චාර තියෙන්වද? සයිටම් එකේම කොච්චර තව උපාධි දෙනවද? තනිකරම ආත්මාර්ථකාමී සහ කුහක කම .වෙන කිසිම එකක් නෙවෙයි.

:       210       853

sachith Thursday, 03 August 2017 02:32 AM

මේවා නිර්දේශ කරන අය වගේද අපේ රාජිත ඇමතිතුමාගේ දැනුම. ඒ නිසා මේ කිසිවක් අදාල නොවේ.

:       45       171

මම1 Thursday, 03 August 2017 02:35 AM

පන්ති නොයන අයට පන්ති යන්න නම් සයිටම් සිසුන් ගැනීම සදාකලිකව නවත්වන්න කියන්නේ වහල දාන්න කියන එකනේ. පන්ති නොයන අය ගෙදර ඇරියා නම් මොකද වෙන්න? පීඨාධිපතිවරුන්ගේ ළමයින් පන්ති නොයන එක හදාගන්න වෙන ආයතන වහන්න කියන්නේ අස්වෙලා ගෙදර යන්න.

:       652       651

Shantimala Thursday, 03 August 2017 02:38 AM

ඔක්කොම බයේ දඟලනවා. සයිටම් දොස්තරලා ඒවියි කියලා. මේක පුදුම වැඩක්නේ. මොකක්ද මේක පිටුපස තියන රහස? රටට ආදරේ කෙසේ වෙතත් තමන්ගේ මඩිය ගැන බයවෙලා වගේ...

:       279       332

sara Thursday, 03 August 2017 03:41 AM

ඉතාමත් හොඳ දෙයක් මන් හිතනවා ජනාධිපතිගේවත් හිත මේ පැත්තට යොමුවෙයි කියලා.

:       1847       2101

palitha Thursday, 03 August 2017 04:03 AM

මෙම ප්‍රශ්නය මෙපමණ දිගට ඇදගෙන යාම පිළිබඳව මෙම උද්ධච්ච පාලකයන්ට මෙරට සියලුම දෙමාපියන් නුදුරේදී නිසි පිළිතුරක් ලබාදෙනු ඇත.

:       2418       209

මම1Thursday, 03 August 2017 05:14 AM

ප්‍රශ්නය ඇදගෙන යන්නේ ආණ්ඩුවේ සිසුන් සහ ළමයි. ඒ අය ඇරුණාම තව මිනිස්සු මේ රටේ ඉන්නවා. තමන්ගේ පන්ති නොයා ලෙඩ්ඩු වෙනුවෙන් කැපවෙන අයද වෛද්‍ය සිසුන්... කාටද මේවා විශ්වාස කරන්න කියන්නේ? තව පෞද්ගලික විද්‍යාල නොදා තියෙන එකත් වැහුවොත් ඒකයි වැරැද්ද. ආණ්ඩුවේ සිසුනුයි දෙමව්පියනුයි පොහොට්ටු පක්ෂෙට බැඳුණාම අපිට මොකද?

:       104       244

nihal Thursday, 03 August 2017 04:29 AM

කරන්නම් කියල ඉල්ලා ගත්තට කරන්න දන්නේ නෑ කරගන්න බෑ ඉතාම දුර්වලයි.

:       13       1

gayan Thursday, 03 August 2017 04:39 AM

දැන් දෙවෙනි නිර්දේශය කියන විදිහට සයිටම් එකේ C -2 යි S -1 නැති ළමයිත් ඉන්නවද? දන්නේ නැති නිසයි අහන්නේ

:       2       115

ලුම්බිණි Thursday, 03 August 2017 05:19 AM

මේක මොන විසඳුමක්ද? මේ සියලු දෙනාමත් අර දොස්තරලගේ සමිතියේ සාමාජිකයෝ වගෙයි පෙනෙන්නේ. අඩු වශයෙන් තිබුණ සයිටම් එකට සිසුන් බඳවා ගැනීමේ ක්‍රමය වෙනස් කල යුතුයි කියලා හරි කියන්න.

:       202       290

sadun Thursday, 03 August 2017 05:58 AM

වෛද්‍ය විද්‍යාලයේ ළමයින්ට පන්ති එන්න මොකටද සයිටම් වහන්නේ? උසස් පෙළ සුදුසුකම් නැති අය ඉවත් කළාට නම් කවුරුත් විරුද්ධ නැහැ.

:       9       156

mahinda Thursday, 03 August 2017 06:00 AM

පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ පිහිටුවිය යුතුයි. රජයට මුළු අධ්‍යාපන වියදම දැරීමට බෑ. සැමට එකම විභාගයක් පැවැත් වීම සුදුසුයි. ශිෂ්‍යයින් පන්ති වර්ජනය කරනවා නම් ශිෂ්‍ය භාවය තහනම් කල යුතුයි. රජය කොන්ද කෙලින් තියාගත යුතුයි. කඩාකප්පල්කාරීන් හඳුනා ගනිමු.

:       204       278

Nuwan Thursday, 03 August 2017 06:06 AM

පුද්ගලික විද්‍යාල, විශ්ව විද්‍යාල තව තව ඇතිවෙන්න ඕන රට දියුණුවෙන්න නම්, නිකන් දෙන අධ්‍යාපනය රටකට බරක්... අපේ රටේ ඊට වැයකරන අපේ බදු සල්ලි දිහා බැලුවම මීට වඩා ලොකු ප්‍රගතියක් තියෙන්න ඕනෑ.. හැම ක්ෂේත්‍රයකටම... නමුත් ඉහළට ඉගෙනගත්ත අය ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ රටවලට සංක්‍රමණය වෙනවා. ඔවුන්ට සුදුසු අවස්ථා නොලැබෙන නිසා... අපට බුද්ධිගලනය නිසා ප්‍රතිලාභ අහිමිවෙනවා. ගෙවා අධ්‍යාපනය ලබන රටවල දෙමව්පියෝ, දරුවෝ ඉතා වගකීමෙන් ඉගෙන ගන්නවා. 27 වෙනකොට පී.එච්.ඩී ගන්නවා. මේ විහිළු නවත්තන්න ඕනෙ දැන් වත්...

:       141       358

බණ්ඩාර(කැකිරාව) Thursday, 03 August 2017 06:15 AM

විශ්ව විද්‍යාලයේ ස්වභාවය දන්නේ විශ්ව විද්‍යාලයීය අධ්‍යාපන ලැබුවත්, දැනට විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය ලබන සිසුන්, ආචාර්යවරුන් සහ විශ්ව විද්‍යාලීය අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයයි. මෙතන අදහස් පලකරන සමහරක් ගැන කණගාටුවක් ඇතිවෙනවා. මන්ද මෙම සිසුන් තව අවුරුදු 5ක් ඇතුළත නියත වශයෙන්ම වෛද්‍යවරුන් වෙනවයි... එ්කේ ගැටළුවක් නැහැ. එත් මේ ළමයි කතා කරන්නේ ඔබේ දරුවාගේ අනගතය ගැනයි. රටේ වෛද්‍ය වෛද්‍ය වෘත්තිකයන්ගේ ගුණාත්මකභාවය ගැනයි. "සී" 3 අරගෙන හෙදියක්වත් වෙන්න බැරි රටක S-3 වෛද්‍ය උපාධියක් ලබාදීම නුසුදුසුයි.

:       255       260

සුජාත Thursday, 03 August 2017 12:08 PM

කැකිරාවේ කියලා පේනවා .... එතකොට එයාලා රට ගිහින් ඉගෙනගෙන එනකොට හොඳයිද?

:       13       7

asoka Thursday, 03 August 2017 06:26 AM

සයිටම් එකේ ළමුන්ව ගන්න සම්මුඛ පරීක්ෂණ තිබ්බේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන්... වෛද්‍ය සංගමය ප්‍රසිද්ධ කරපු C-2, S 1ට අඩු ළමයි සයිටම් එකේ නැහැ. ඒ වුණාට රජයේ දොස්තරලා ඉන්නවා උ.පෙළ නැති අය. කොළඹ වෛද්‍ය විද්‍යාලයට අල්ලපු වැටෙන් එහා පැත්තේ රෝහලේත් ඉන්නවා. ලංකාව පුරා 100 කට වැඩිය රජයේ දොස්තරලා ඉන්නවා උ.පෙළ නැති අය අධ්‍යාපනය ලබන්නේ පිටරට. රස්සාව රජයේ රෝහල්වල. අවුරුද්දකට කී දෙනෙක් ඝාතනය වෙනවා ඇතිද? සයිටම් එකේ ප්‍රමිතිය මේ රටේ ජනතාව දන්නේ අඩුවෙන්. කොළඹ, ජයවර්ධනපුර ඇරුණාම හොඳම සහ වැඩිම සහ උගත්ම ගුරුවරු ඉන්නේ සයිටම් එකේ. ඔය කුහක කතා අතහැරලා දෙන්න පොදු විභාගයක්... කව්ද ඉස්සරහින් ඉන්නේ කියල පෙන්නන්න.

:       4       116

Ugitha Thursday, 03 August 2017 06:56 AM

බලන් ගියාම රජයක් ඕනේ නැහැ වගේ. මෙහෙමත් මිනිස්සු ඉන්න එකම රට ලංකාව.. කවද ගොඩ එයිද දෙන්නේ නැහැ. රජයට හැම වියදමක්ම දාන්න ඕනෙද? කාගේ සල්ලිද..? ලැජ්ජයි..

:       72       107

Shez Thursday, 03 August 2017 07:31 AM

හොඳ වැඩපිළිවෙළක් පටන් ගන්නවා නම් හොඳයි.

:       39       11

Sher Thursday, 03 August 2017 07:32 AM

මේවා විසඳන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි..

:       0       0

Thilina Thursday, 03 August 2017 07:56 AM

ඇත්ත වශයෙන්ම සයිටම් එක රජයට පවරාගත යුතු නැහැ. එ්කෙන් පුද්ගලික උපාධිය දෙන්න ඕනෑ. එතකොට තමයි අපේ රටේ ඉන්න උගතුන්ට වගේම නූගතුන්ටත් තේරෙන්නේ දොස්තර කෙනෙක් කියන්නේ කව්ද කියන එක හරියටම? මමත් දොස්තර කෙනෙක්... මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අපි හොඳ දොස්තරලා කව්ද කියන එකත් දන්නවා... එ් නිසා මම නම් කැමති පුද්ගලික විශ්ව විද්‍යාල වලට...

:       1       157

senior citizen Thursday, 03 August 2017 08:18 AM

මේ පීඨාධිපතිවරුන්ට ඕනෑ අර පෙරටුගාමී වලින් අල්ලා ගෙන ඉන්න ළමයි ටික කියන දේට ආණ්ඩුවට බල කරන්න නේද යන්නේ? මුලදී ඕව්වා කිව්වේ නැහැනේ. බලාගෙන ගියාම පෙරටුගාමීන්ට බයේ ඔක්කොම යෝජනා වෙනස් කරනවා.

:       0       65

Shez Thursday, 03 August 2017 08:19 AM

සයිටම් ප්‍රශ්නය විසඳන්න මේක හොඳ තීරණයක්...

:       133       42

Sheriff Deen Thursday, 03 August 2017 08:29 AM

මේක ඉතින් මට නම් කියන්න තියෙන්නේ හොඳයි කියලා..

:       40       52

Ajith Thursday, 03 August 2017 09:45 AM

අවම සුදුසුකම කොතලාවල වෛද්‍ය පීඨයටත් බලපානවද? එස් 3 අයත් කොතලාවල වෛද්‍ය පීඨයේ පළමු වසරේ ඉන්නවා.

:       0       108

විකුම් රංගන Thursday, 03 August 2017 10:13 AM

සයිටම් එකෙන් අපිට වැඩක් නැහැ. දැන් ඔය වෛද්‍ය සභාවෙනුත් අනුමත පිටරට සිසුනුත් වෛද්‍ය අධ්‍යාපනය හදාරන කොතලාවල වෛද්‍ය පීඨයෙන් ලංකාවේ සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය හදාරන්න බැරි හේතුව කියන්නකො බලන්න. තමන්ගේම අයට වලකපන කුහක ජාතියක්. අද ඉන්දියාව විතරක් නෙමෙයි, බංගලියොත් ඉදිරියෙන් සිටින බව මතක තියා ගන්න. පිරිමින්ට ත්‍රී වීලර් රථයයි, කාන්තාවන්ට මැදපෙරදිග ගෘහ සේවයයි තමයි ඔයගොල්ලන්ට ගැලපෙන රැකියාවන්. ඒක කරගෙන, පාඩුවේ ඉන්න. මොන දොස්තරකම්ද?

:       0       92

kasun Thursday, 03 August 2017 10:57 AM

ඔය සයිටම් වහන්න කියල කෑ ගහන ගොඩක් වෛද්‍ය සිසුන් තමන්ගේ පදිංචි දිස්ත්‍රික්කයෙන් වෙන දුෂ්කර දිස්ත්‍රික්කයකට ගිහින් හොර ලිපින දාලා උසස් පෙළ ලියලා අඩුම ප්‍රතිඵලවලින් සහ Z ස්කෝර් ප්‍රශ්න නිසා ලැබුණු පිනෙන් වෛද්‍ය විද්‍යාලවලට ගිහින් දැන් ලොකු මානසිකත්ව වල ඉන්න අය. මගේ පන්තියෙත් එහෙම අය කීප දෙනෙක් ඉන්නවා. දන්නා නිසා වගකීමෙන් කියන්නේ. ඕනෙනම් නම් ගම පවා දෙන්නත් පුළුවන්...

:       0       167

NaradhaThursday, 03 August 2017 11:42 AM

හරියට හරි. ඔය වැඩේ අද ඊයේ නොවේ. '70 ගණන්වල ඉඳලම වෙන දෙයක්...

:       0       19

dhamneth Thursday, 03 August 2017 11:48 AM

කැකිරාවේ බණ්ඩාර කියන්නේ කොහොමද පන්ති වර්ජනය කර සිටින මේ සිසුන් තව අවුරුදු 5කින් අනිවාර්යෙන්ම වෛද්‍යවරු වෙනවා කියා? ඔය පීඨාධිපතිවරු දැනටම පොරොන්දු වෙලාද රෝගීන් මරවන්නට සහතිකය දෙන්නම්... පන්ති නොපැමිණියාට කමක් නැහැ කියා.

:       0       15

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 2064 10

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3354 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2115 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5651 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4066 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4679 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site