IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සයිටම් නීතිගත කිරීමට එරෙහිව පේරාදෙණිය සරසවි සිසුහු වීදි බසිති

( චමිල් රූපසිංහ)


අහෝසි කිරිමට නියම වු සයිටම් ආයතනය රජය විසින් නිතිගත කිරිම යැමට විරුද්ධව පේරාදෙණිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ සිසුහු  අද (08) ගලහ මංසන්දියේදි විරෝධතාවයක නියලුණහ.


පේරාදෙණිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු දිදුල අමරසිංහ පැවැසුයේ මේ සම්බන්ධව අධිකරණයේ විභාග වන නඩුවේ තීන්දුවට බොහෝ විට සයිටම් ආයතනය නිතිගත කිරිමට රජය සැලසුම් සකස් කර ගැනිමට බලාපොරොත්තු වන බවත් , ආණ්ඩුව මේ වන විට සයිටම් අහෝසි කළ බව පැවසුවත්  එය කිසිම ගැසට් පත්‍රයක හෝ සඳහනක් නොමැති බවයි.


මේ සඳහා ස්ථිර නිසි විසඳුමක් ලබා දෙන මෙන්ද ඔවුහු රජයෙන් ඉල්ලිමක් කරති.
 



අදහස් (14)

සයිටම් නීතිගත කිරීමට එරෙහිව පේරාදෙණිය සරසවි සිසුහු වීදි බසිති

ධනුෂ්ක Friday, 08 June 2018 02:42 PM

අාණ්ඩුව සයිටම් එක වැහුවේ එහි දැවැන්ත අඩුපාඩු රාශියක් පවතින බව අකමැත්තෙන් වුවත් පිලිගැනීමට සිදු වු නිසා. හොඳයිනම් මොන බාධා අාවත් පවත්වාගෙන යන්න එපැයි. නමුත් අධිකරණ තීන්දු මත එහි වෙනසක් සිදු වෙනවනම් ගැටළුවක්. එහෙමනම් ඉතින් වෛද්‍ය සභාවකින් අැති වැඩක් නෑනේ. අධිකරණයකට පුලුවන්ද වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතිය තීරණය කරන්න. ඔවුන් දන්නේ නීති තර්ක පමනයි.

:       129       150

chanithFriday, 08 June 2018 06:34 PM

ඒ ඔයා දන්න තරම ...ඒ කලෙ වෛද්‍යවරුන්ගෙ තර්ජන ගර්ජන නිසා.නැත්නම් පිටු දෙකෙන් කොතලාවල අනුමත වූ ඉතිහාසය ඔයා නොදන්න නිසා

:       4       127

මංජුල Friday, 08 June 2018 09:06 PM

එස් සමාර්ථ තුනක් ලබා තිබෙන සයිටම් සිසුන්ව කොතලාවල වෛද්‍ය පීඨයට බඳවා ගන්න බව ධනුෂ්ක දන්නවද දන්නේ නැහැ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට එකඟ වූ බවත් දනුෂ්ක දන්නවද දන්නේ නැහැ. එහෙම බලද්දී, ධනුෂ්කගේ තර්ක කොහෙන් එන ඒවා දැයි කියලා පොඩ්ඩක් පොඩ්ඩක් පැහැදිලි කරනවද?

:       1       379

LalSaturday, 09 June 2018 01:09 AM

එස් සාමාර්ථ තුනක් ලබා ගෙන වෛද්‍යවරු වූ අය නැද්ද?

:       0       79

ධනුෂ්කSaturday, 09 June 2018 02:10 PM

මංජුලට මම කියපු දේ කොහොම තේරුණාද දන්නෑ. මම අඟිල්ල දිගුකර හඳ පෙන්නකොට ඔබ බලලා තියෙන්නේ අැඟිල්ල දිහා. කොහෙද යන්නේ මල්ලේ පොල්. එස් තුන විශ්ව විද්යාලයකට අතුලත් වීමට තියෙන අවම සුදුසුකම. එ් සියල්ල මම දනිමි. මම කිව්වේ උසාවියකයට වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතිය පිළිබඳ තීන්දු දෙන්න බෑ කියලයි. සයිටම් එකේ අඩුපාඩුයි. මුලින් කිව්වා රුසියානු විශ්ව විද්‍යාලයක් අනුබද්ධයිලු. වෛද්‍ය සභාවේ අනුමැතිය හිමියි කිව්වා පට්ටපල් බොරු. දැන් එ්කේ විධායක නිලධාරියා ගිනිකෙලියක් කරන්න ගිහින් අන්න කූඩුවේ. හරිහමන් සායනික පුහුණුවක් නෑ. එ්කයි වැරුද්ද... කොතලාවල එකට වෛද්‍ය සභාවේ අනුමැතිය හිමි වුණා.

:       0       0

MaheeFriday, 08 June 2018 11:16 PM

මේ ලෝකේ කිසිම අධිකරණයක් නීතිය හැර අනිකුත් ක්ෂේත්‍රවල විශේෂඥයෝ නෙමෙයි. අධිකරණය කරන්නේ දෙපැත්තේම කරුණු විමසා බලා සාධාරණය ඉෂ්ට කිරීමයි. නැතුව ඔවුන් අනුන්ගේ ප්‍රමිති තීරණය කරන්න යන්නේ නැහැ.

:       0       163

sanath Friday, 08 June 2018 06:17 PM

ලංකාවේ විශ්වවිද්‍යාල වලට තෝරාගන්නේ අවුරුද්දකට 27000 ක් විතර එකෙන් 1200 ක් වෛද්‍ය විද්‍යාලවලට ඉතුරු ළමයි 270000 රජය විසින් අනුකම්පා විරහිතව අමතක කරලා දානවා. විශ්වවිද්‍යාල වලට තේරෙන ළමයිනුත් මේ නොතේරුන 270000 ට ඔලුව උස්සන්න දෙන්න කැමති නැහැ. ඒ නිසා අමාරුවෙන් හරි සල්ලි වියදම් කරන්න පුළුවන් පවුල්වල ළමයි 13000 ක් විතර පිටරට විශ්වවිද්‍යාලවලට අතුල්වෙනවා. මෙයාලගෙන් 500 ක් විතර යන්නේ වෛද්‍ය විද්‍යාව හදාරන්න. මේ ඔක්කොම ළමයින්ට අපේ රටේ පුද්ගලික විශ්වවිද්‍යාල තිබුනානම් ලංකාවට ඉතුරුවෙන මුදල රුපියල් කෝටි 5000 ක් විතර කියලයි කියන්නේ. මුළු රටේම අධ්‍යාපනයට වියදම් කරන්නෙත් කෝටි 18000 ක් විතර.

:       35       523

rocky Saturday, 09 June 2018 02:59 AM

සනත්.ඔබේ කතාව හරි. ඒ වුනත් අපේ රට වගේ දුෂිත දේශපාලුවන් පිරුන රටක නොයෙකුත් අක්‍රමිකතා සිදුවීම වළක් වන්න බැහැ. දේශපාලුවන්ගේ දූලා පුත්තු මුලික සුදුසුකම් වත් නැතුව සල්ලි බලෙන් දොස්තරලා වෙන්න ඉඩ නැද්ද?

:       0       0

maheshika Saturday, 09 June 2018 07:56 AM

කිසිම රටක නොකරන දෙයක් අපේ රටේ කරල දැන් අනාගෙන ඉවරයි. උසස්පෙළින් පසුව නොමිලේ අධ්‍යාපනය දෙන රටක් හොයාගන්න ලෝකේ කොහෙවත් තියනවද? ණය ක්‍රමයක් හඳුන්වලා දීලා දෙමව්පියන්ටත් බරක් නොවෙන විදියට වැඩිපුර ළමයි සංඛ්‍යාවකට උසස් අධ්‍යාපනය හදාරන්න ඉඩ සලසන ක්‍රමයකට යන්න කාලය හරි. මේ විදියට බෝඩ් අල්ලගන පාරේ හිටගන ඉන්න වියදම් වෙන්නෙත් රටේ මුදල්. තරුණ පාසල් දරුවෝ අනුකරණය කරන්නේ මේ පාරේ හිටගන සටන් පාඨ කියන වැඩිමල් සහෝදරයින්. ලංකාවේ සියලුම පුද්ගලික අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය සොයා බැලිය යුතුයි. දරුවන්ගෙන් මුදල් සූරාගෙන පවත්වාගෙන යන හොර අධ්‍යාපන ආයතන දහස් ගණනක් ඇත. හදිසි වැටලීම් සිදුකර අපක්ෂපාතීව එම අධ්‍යාපන ආයතනවලට විරුද්ධව නඩු පැවරිය යුතුය. උසස් අධ්‍යාපන ආයතන රජයේ අනුග්‍රහය ඇතිව, අදාල ක්ෂේත්‍රයේ විශේෂ දැනුම ඇත්තන්ගේ උපදෙස් මත සිදුවිය යුතුයි. වැඩි පහසුකම්වලින් යුතු උසස් අධ්‍යාපන ආයතන වැඩි සංඛ්‍යාවක් බිහිවීමෙන් විශාල ප්‍රශ්න සංඛ්‍යාවකට පිළිතුරු සොයා ගත හැක.

:       0       57

බන්ඩා Saturday, 09 June 2018 11:24 AM

මංජුල, ඔබ දන්නවාදැයි කියන්න මම දන්නේ නැහැ. හැබැයි මෙය රහසක් නෙවෙයි. දැනට මාස දෙකකට ඉස්සෙල්ලා ලංකාවේ සිසුන් 60 දෙනෙක් රුපියල් ලක්ෂ 90 ක් පමණ මුදලක් ගෙවීමට පොරොන්දු බීජිං රජයේ විශ්ව විද්‍යාලයකට එම්.බී.බී.එස්. හැදෑරීමට ගියා. ඔවුන්ගෙන් සමහරෙකුට (මගේ නෑ දරුවෙකුටත්) තිබුනේ S3 ක් බව දන්නවා. ඔහුට S3 ක් පමණක් තිබුණත් ඔහු දක්ෂ වෙෙද්‍යවරයෙක් වෙන බව එංගලන්තයේ විශ්ව විද්‍යාලයක උගන්වා අැති මට විශ්වාසයි. ඒ සියලු දෙනාම ලංකාවට අැවිත් දොස්තරලා ලෙස වැඩ කරන බවත් මට විශ්වාසයි. ලංකාවේම මෙන් දෙතුන් සැරේ විභාග කරන්න බීජීං වල නම් ඉඩ නොදෙන බව ඔහු මුලින්ම දැන්වූවා. ප්‍රශ්ණය S3 බීජිං රජයේ විශ්ව විද්‍යාලයකට හොඳ නම් සයිටම්ට නරක අැයි යන්නයි.

:       0       11

කරුණාපාලSaturday, 09 June 2018 07:30 PM

සුදුසුකම් ඇති දක්ෂයෙකුට වත් එංගලන්තේ පස් පාගන්න බැරිවෙන විදිහේ යමක් කරලා ඇති කියලා තමයි ඔබ තුමාගේ කතාවෙන් මට නම් වැටහෙන්නේ.

:       0       0

බද්රානි Saturday, 09 June 2018 01:17 PM

එංගලන්තෙට ගිහින් කතිකාචාරී තනතුරක් හොබවන බණ්ඩා මැතිතුමා වගේ අය ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් අරඹා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් නියාමනය වන පරිදි අපේ රටේ දරුවන්ට තම රටේ වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට ඇති අයිතිය වෙනුවෙන් හැංගිමුත්තන් කරන්නේ ඇයි කියල තමයි මට නම් අහන්න තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාලය විනාශ කිරීමට පාර කපා රටේ දරුවන්ව චීනෙට යැවීමෙන් සතුටක් විඳීම ගැන අචාරීතුමාගේ ජාන පවා පරික්ෂාවට ලක්විය යුතු කාරණාවක් ලෙස තමයි මට නම් හැඟෙන්නේ. කොහොමත් විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉතාම සාධාරණ තීන්දුවක් දී තිබෙනවා. අනාගතයේදී, මේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීම වෙනුවෙන් එතුමා කටයුතු කරනු ඇතැයි කියා මේ රටේ බුද්ධිමත් තරුණ පරපුර මෙන්ම ජනතාවත් බලාපොරොත්තු වෙනවා.

:       1       283

asanka Saturday, 09 June 2018 01:50 PM

මේ හැමදේටම පාරට බහින නඩේට ඔහොම්ම පාරේම ඉන්නට සලස්වන්න. හැකි නම් ඔවුන්ට අවශ්‍ය අාහාරපාන සහ වැසිකිළි පහසුකම් පාරේදීම ලබා දෙන්න. මීලඟට කළ යුත්තේ තව පුද්ගලික විශ්ව විද්‍යාල10 ක් පමණ විවෘත කර, ඒවායින් රටට අවශ්‍ය වෛද්‍යවරුන් බිහි කර ගැනීමයි.

:       0       161

රවිඳු Saturday, 09 June 2018 08:46 PM

සයිටම් සිසුන් නීත්‍යානුකුල කිරීම සුදුසු නම්, එම සිසුන්ව බිහිකළ සයිටම් ආයතනය නීත්‍යානුකුල කිරීම නුසුදුසු වන්නේ කෙලෙසද? ඔය දෙකම ශ්‍රී ලාංකික නොවන්නේද? විශාල කන් දෙකක් හා පුංචි මොළයක් සහිත මීහරක්ට මදක් සිතිය යුතු කරුණක් ගැනයි මා මේ නිකමට සඳහන් කලේ? විජේදාස රාජපක්ෂ මැතිදුන්ට ජයවේවා!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 290 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1006 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2445 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1658 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 969 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2248 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site