IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘සයිටම් ආයතනයට අවශ්‍ය සුදුසුකම් නැහැ‘

( තිළිණි ද සිල්වා )

සයිටම් ආයතනය උපාධි ප‍්‍රදාන ආයතනයක් ලෙස පිළිගැනීමට තරම් අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

සයිටම් ආයතනයෙන් උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචන පෙත්සම අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී  ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා මේ බව කීය.

එසේම විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන පනතෙහි 25  වැනි වගන්තිය අනුව උපාධි ප‍්‍රදාන ආයතන සම්බන්ධයෙන් බලයලත් නිලධාරියෙකු විසින් නිර්දේශ ලබා ගත යුතු බවත් , එම පනතෙහි 70 වැනි වගන්තිය අනුව එම බලයලත් නිලධාරීන් නම් කර ඇති බවද ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා  මහතා කීය.

අදාළ වගන්තිය මඟින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත එම බලතල පවරා ඇති බවද ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නේය.

නමුත් සයිටම් ආයතනය සම්බන්ධයෙන් එවැනි නිර්දේශයක් හෝ අනුමැතියක් ලබා දී නැති බව පසුගිය වාර්තා පිරික්සීමේදී තහවුරු වන අතර සයිටම් ආයතනය උපාධි ප‍්‍රදාන ආයතනයක් ලෙස ප‍්‍රකාශ කිරීම නීතීවිරෝධී බවත් ,උසස් අධ්‍යාපන ඇමතිවරයා එසේ ප‍්‍රකාශ කිරීම හරහා නීතිවිරෝධී ක‍්‍රියාවක් සිදු කර ඇති බවද හෙතෙම පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කළ අභියාචන පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම හෙට දක්වා (04) කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.



අදහස් (12)

‘සයිටම් ආයතනයට අවශ්‍ය සුදුසුකම් නැහැ‘

ranjith Thursday, 03 August 2017 01:57 PM

වෛද්‍ය සබාව මේවා කියන්න ආණ්ඩුව වෙනස්වෙනකම් හිටියේ මොකද දන්නේ නේ

:       1692       3022

lakvidu Thursday, 03 August 2017 02:25 PM

ඕකත් තජුදීන් නඩුව වගේ ඔහේ ඇදී ඇදී යාවි...

:       242       239

samira Thursday, 03 August 2017 04:01 PM

රන්ජිත් මහත්මයා ඔබ දැනගෙනම බොරුකියනවද? නැත්නම් නොදැන කියනවද කියලා දන්නේ නැහැ කොහොම වුණත් පසුගිය ආණ්ඩුවෙන් තමයි මහාචාර්ය කාලෝ පොන්සේකා වෛද්‍යසභාවට පත්කරන්නේ.. එ්ත් එතුමා කවදාවත් ම ඒ සහතිකේ දුන්නේ නැහැ. එදා දුන්නෙත් නැහැ. මේ ආණ්ඩුවේදීත් දුන්නේ නැහැ.

:       1876       2381

ONE SRILANKAN Thursday, 03 August 2017 04:56 PM

ගරු අධිකරණයෙන් සාධාරණය ඉටුවේවා. නිදහස් අධ්‍යාපනය සහ ගුණාත්මක සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට අවනීතියට කටයුතු කරන චන්ඩියන්ට නිසි දඩුවම් ලබාදෙත්වා. නීතියේ ගරුත්වය උත්තරීයත්වය රැකේවා.

:       1410       1516

Nalaka Thursday, 03 August 2017 07:52 PM

අර බෙහෙත් විස වෙලා මැරුණු ළමය ගැන මොකද කියන්නේ? ප්‍රමිතිය වැඩිවෙලාද ?

:       167       388

Reks Friday, 04 August 2017 02:16 AM

මොන විකාරද? මේකට තියෙන සුදුසුකම් ලෝකේ වෙන කිසිම වෛද්‍ය විද්‍යාලයකට නැහැ. සයිටම් ආරක්ෂක බලකායේ ඇමැතිවරුම තුන් දෙනෙක් ඉන්නේ.. ඉතින් මොකද උපාධි දෙන්න බැරි?

:       47       473

ලුම්බිණි Friday, 04 August 2017 02:45 AM

සයිටම් ආයතනය උපාධි ප‍්‍රදාන ආයතනයක් ලෙස පිළිගැනීමට තරම් අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති වුණත් චීනයේ හෝ බංගලාදේශයේ හෝ නේපාලයේ තියෙන උපාධි ප්‍රදාන ආයතන වල කිසිම අඩුවක් නැති එකයි පුදුමේ....

:       226       119

sachith Friday, 04 August 2017 03:05 AM

සයිටම් කට්ටිය තම ඇහැරලා නැද්ද කොහෙද, තව ටිකකින් මේකේ සයිටම් විරෝදිව අදහස් දාන ඒවාට අකමැත්ත ප්‍රකාශ කරයි හොදට. එකත් ඉතින් හොර වැඩ තම, මොකද පුවත බැලුවට වඩා කට්ටිය අදහස් වලට අකමැත්ත ප්‍රකාශ කරලා

:       55       233

duleepa Friday, 04 August 2017 03:12 AM

දැන් ආණ්ඩුවෙන් කරන වැරදි, ගිය ආණ්ඩුවෙනුත් වුනා කිය කියා ඒවා සාධාරනීකරණය කරන ගොන්නුන් ගැන කනගාටුයි. ගිය ආණ්ඩුවෙනුත් වුනා නම් මේ ආණ්ඩුවෙනුත් ඒ වැරදි කරාට කමක් නෑ කියන මේ මෝඩ පිරිස කව්රුද. රටේ උන්නතිය සහ අනාගතය ගැන නොසිතන, බඩ ගොස්තරය පමණක් සිතන, ස්වාධීනව සහ බුද්ධිමත්ව සිතන්නට හැකියාවක් නොමැති, පක්ෂ වලට වහල් වූ පිරිසයි. දේශපාලකයන් ජනතාව ඇන්දවීමට කියන ඕනෑම කතාවක් මොවුන් ඇත්ත ලෙස සිතයි.

:       55       175

dmamneth Friday, 04 August 2017 06:19 AM

මේ නීතිජ්න මහතා කියන්නේ උපාධි ප්‍රධානයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති හෝ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අනුමැතිය දිය යුතු බවයි. මේක මහා විශාල ප්‍රශ්නයක් නොවෙයි.

:       0       42

kasun Friday, 04 August 2017 07:30 AM

ඔය කිව්වට මඩකලපුව වගේ වෛද්‍ය විද්‍යාලවලත් හරි හමන් ප්‍රමිතියක් නෑ. ඉන්න ගොඩක් සිසුන් Z ස්කෝර් ප්‍රශ්නේ නිසා පිනට (බෝට්ටුවෙන්) අාපු අය. අනිත් අය සමහරක් හොර ලිපින දාල දුෂ්කර දිස්ත්‍රික්ක වලින් උසස් පෙළ ලියලා ගිය අය. වගකීමෙන් කියන්නේ. නම් ගම පවා කියන්න පුළුවන් ඕනෑනම්. මගේ පන්තියේම දෙන්නෙක් ඉන්නවා.

:       107       154

Mohan Friday, 04 August 2017 12:37 PM

උපාධි සඳහා සයිටම් ආයතනය නිර්දේශ කර තිබේ. අගමැතිතුමාට ගැසට් වාර්තාව පිළියෙළ කිරීමට බලය ඇත.

:       0       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 772 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 100 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 311 1

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 748 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 245 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 305 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site