( තිළිණි ද සිල්වා )
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉකුත් ජනවාරි මස 29 දා ගත් තීරණයකට අනුව සීමාවාසික වෛද්‍ය පුහුණු පත්වීම් ප්‍රදානය කිරීම වලක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය විසුරුවා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(2) තීන්දු කළේය.
සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් තුන් දෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (02) යළි සලකා බැලීමෙන් පසුව බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ල විසින් මෙම තහනම් නියෝගය ඉවත් කරනු ලැබුවේය.
දෙපාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තහනම් නියෝගය ඉවත් කළ අතර නඩු විභාගය මැයි මස 09 වැනිදා පැවැත්වීමට නියම කළේය.
පෙත්සම්කාර සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් තිදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පෙත්සම මගින් පවසා ඇත්තේ වෛද්‍ය උපාධිධාරීන්ට සීමාවාසික පුහුණු පත්වීම් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉකුත් ජනවාරි මස 29 දා තීන්දුවක් ගෙන තිබු බවයි.
එම සීමාවාසික පත්වීම් ප්‍රදානය කිරීමේදී සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් 85 දෙනෙකු මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇතැයි චෝදනා කරන පෙත්සම්කරුවන් රජයේ වෛද්‍ය පීඨවල වෛද්‍ය උපාධිධාරීන් සහ කොතලාවල වෛද්‍ය පීඨයේ උපාධිධාරීන් පමණක් තෝරාගෙන ඇති බව කියා සිටියේය.
ඒ තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බව ඔවුන් පවසා ඇත.
මේ හේතුවෙන් මෙම පෙත්සම් පිළිබඳව පූර්ණ විභාගයක් පවත්වන ලෙසත් පෙත්සම් විභාගය අවසන් වන තුරු සීමාවාසික වෛද්‍ය පුහුණු පත්වීම් ප්‍රදානය කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ,සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබේ.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සීමාවාසික පත්වීම් ප්‍රදානය වැළැක්වූ අතුරු නියෝගය විසුරුවා හරී