IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සමාජ ජාල ඔස්සේ අසත්‍යය ප්‍රචාර කළ සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

තරිඳු ජයවර්ධන සහ නිමන්ති රණසිංහ
 
ජාතීන් අතර  අසමගිය ඇතිවන  ආකාරයේ ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
 
ඔවුන් වයස අවුරුදු 17 සහ 18 වයසේ පසුවෙන්නන් බව පොලිසිය කියයි.
 
මේ අතුරෙන් එක් සිසුවෙකු හෝමාගම පදිංචිකරුවකු බව ද, එක් සිසුවකු කොල්ලුපිටියේ පදිංචිකරුවකු බව ද පොලිසිය පවසයි.  මේ අකාරයට අසත්‍ය ප්‍රචාර සහ වෛරී සහගත ප්‍රකාශ පතුරුවන්නන් දිගින් දිගටම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුනසේකර මහතා පැවසීය.
 
අත්අඩංගුවට ගත් එක් සිසුවෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවට ඉදිරිපත් කළ අතර ඔහු ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළ්ය.

එම සිසුවා එතෙක් ළමා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා තබන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 
සිසුවා අධිකරණයේ දී බියවී හඬා වැටුණු බව අධිකරණ ආරංචි මාර්ග කියයි. 



අදහස් (28)

සමාජ ජාල ඔස්සේ අසත්‍යය ප්‍රචාර කළ සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

Jehaan Friday, 09 March 2018 11:29 AM

මහා ලොකු වැඩක් නේ.! තෝරු මෝරු බේරලා හාල් මැස්සෝ අල්ලාගෙන. දැන් මේ වුන හැමදේටම මොන්ටිසෝරියේ ළමයා ඉඳලා පලි ! දැන්අපිට පිටරට ඉන්න නෑදෑයෙක්වත් කතා කරන්නේ නැහැ. රටේ තත්වය කොහොමද ඔබලා යහතින්ද ඇහුවොත් අපි උත්තර දීලා දුරකථනයත් එක්කම රිමාන්ඩ් කරාවි කියලා.

:       5001       4613

SanathFriday, 09 March 2018 06:51 PM

පිටරටවල ඉන්න අපිට ඔයාල කරන මේ වැඩ අප්‍රියයි. ඒකයි කතා කරන්නේ නැත්තේ. මේ රටවල මිනිස්සු දැන් අපි දිහා බලන්නේ පිළිකුලෙන්. ඒ මිනිස්සුන්ට මුණ දී ගන්න බැරිව අපි හරිම අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ. දැන්වත් මොලේ කල්පනා කරලා ශිෂ්ට විදිහට කටයුතු කරන්න. මේ ම්ලේච්ඡ වැඩ කරපු අයට විරුද්ධව නිතිය ක්‍රියාත්මක වෙන බව ලෝකෙට පෙන්නන්න.

:       700       1300

RNG Saturday, 10 March 2018 01:16 AM

ඉතින්‍ අපිට නීතිය අතට ගන්න ද කියන්නේ ..?නීතිය නිසි විදියට ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් අපි මොකද කරන්නෙ..?ජෙහාන් කිව්වා හරි අපි මේවා කතා කරන්න ගියොත් අපිත් එක්කම රිමාන්ඩ් කරාවි..

:       0       75

BamunuarachchiSaturday, 10 March 2018 01:19 AM

පිට රටවල ඉනා ඔබලා මෙහෙ තිබෙන ගැටළු දකින්නේ කාගේවත් ඇසින් නමුත් අපි දකිනවා මෙහෙ මොකද වෙන්නේ කියලා. ඔබ ඉන්නේ යුරෝපයේ හෝ ඇමරිකාවේ නම් එයාලගෙන් අහන්න ඒගොල්ලන්ට තිබෙන අවදානම පෙන්නේ නැද්ද කියල. ට්‍රම්ප් මහතා දැක්ක අවදානම ඔබලා දකින්නේ නැද්ද කියලා. හලෝ පරසනය වෙලා තිබෙන්නේ අපට ඇඟිල්ල දික්කරන මිනිසුන්නට කරුණු කියා දීමට ඔබලාට තිබෙන නොහැකියාවයි. යුරෝපයටත් ඇමරිකාවටත් අපටතිබෙන අවදානමම තිබෙනවා නමුත් උන් එය දකින්නේ නැහැ. නමුත්ත රටම්ප් මහතා දැක්කා තව අවුරුදු 25 යන විට ඔබේ මුනුපුරොත් මුස්ලිම් වෙනවා. ඔබලාට වෙලා තිබෙන්නේ පිටරට ගියාම ජාතිය ජන්මය අමතක වීමයි .

:       220       1037

RoshanSaturday, 10 March 2018 02:43 AM

පිටරටට කඩේ යන ඔය අය බොරුවට ලංකාව ගැන කිඹුල් කඳුල හලන්නේ නැතිව ඉන්න. අපේ රටේ විතරක් වෙන දේවල් නෙමේ මේ ප්‍රශ්න. අද ඇමෙරිකාවේ, එංගලන්තේ, යුරෝපයේ බොහෝ තැන් වල ජාතිවාදී ප්‍රශ්න තියෙනවා. මුස්ලිම්, යුදෙව්, අප්‍රිකානු කට්ටිය ඉලක්ක කරගෙන ඔය කියන දියුණු රටවල නායකයෝ පවා ප්‍රකාශ නිකුත් කරනවා. ඔය ප්‍රශ්න රටකට සීමා වෙච්ච දේවල් නෙමෙයිනේ. ඔයාට ඒවගේ රටක ජීවත් වෙන්න ලජ්ජා නැතුව ඇති නේද. ඔයාට ලංකාවේ කියන්න ලජ්ජා නම් ලංකාවේ නෙමෙයි කියන්න. නිකන් බොරුවට ලංකාවේ මිනුස්සුන්ට මඩ ගහන්නේ නැතුව. මමත් පිටරට ඉන්න නිසා මමත් දන්නවා මෙහෙ අයගෙත් කෙරුවාව.

:       517       1115

රසික Friday, 09 March 2018 11:33 AM

ඉතා හොඳ වැඩක්. අසත්‍ය ප්‍රකාශ, වෛරී ප්‍රකාශ, විකෘති කරන ලද තොරතුරු, අපහාස කිරීම් ආදිය සිදුකරන අයට දිගින් දිගටම දඩුවම් කළහොත් එවැනි ප්‍රවනතාවයන් අවම වනු නිසැකයි.

:       3769       4316

surath Friday, 09 March 2018 11:36 AM

මෙම මර්ධනකාරි තත්වය තුල ඇත්ත නැත්ත කර කෙන්ද කන්ද කළ හැකියි.

:       3602       3443

Sehan Friday, 09 March 2018 11:58 AM

මුහුණු පොතේ වීරයන් බොහොමයක් තරුණයින්ය. ඔවුන් කිසිම කල්පනාවකින් තොරව අසත්‍ය ප්‍රචාරය කිරීම විනෝදාංශයක් බවට පත් කරගෙන

:       2740       3827

එම්. පී. ජගත් පෙරේරා Friday, 09 March 2018 12:23 PM

මේ හදන්නේ අහිංසකයින් දෙතුන් දෙනෙකුට වට කරලා දඬුවම් දීලා හැමෝම ත්‍රස්ත වෙන විදිහේ ආදර්ශයක් දෙන්නයි. ලොකු අවදානම් කාලයක් ළඟළගම එනවා.

:       4216       4164

සතයපාල Friday, 09 March 2018 01:42 PM

ජාතිවාදය හා ආගම්වාදය අද තරුණ පරම්පරාව අතර උන්මාදයක් වෙලා. ෆේස්බුක් වැනී සමාජ මාධ්‍ය ජාලයන් තුල මෙය දැක ගන්න ලැබෙනවා. අනිත් ජාතින්ට ආගම්වලට නින්දා අපහාස කිරිම වීර ක්‍රියාවක් ලෙස සිතන මෝඩ මානසිකත්වයක් තිබෙන බහුතරයක් සහිත තරුණ පරම්පරාවක් තමයි මේ සමාජ ජාල තුල දක්නට ලැබෙන්නේ. මේ අය පාලනය කරන්න හික්මවන්න අනිවාර්යෙන්ම රාජය මැදිහත්වීම මෙම මාධ්‍යයන් තුල තිබිය යුතු බවයී මගේ අදහස. ඒ සදහා ස්වාධීන නියාමන ආයතනයක් පිහිටුවිය යුතු අතර එමගින් වැරදීකරුවන් වන අයට උසාවියේ නඩු පවරා දඩුවම් කල යුතුය.

:       2727       3417

BamunuarachchiMonday, 12 March 2018 10:28 AM

උන්මාදය තිබුණේ ඉස්සර මිනිසුන්ට ඒ ආගමේ කියන හැමදේම විචාර බුද්ධියෙන් පිළිගැනීමයි. නමුත් දැන් හැදෙන ළමයි විචාර බුද්ධියෙන් ආගම් දිහා බලනවා අඩුපාඩුවක් දැක්කාම විරුද්ධව කතා කරනවා. විවේචනය කරනවා. ඔවුන්ට කුහකයින් වගේ සංහිඳියාවක් රැකීමට වුවමනාවක් නැත.

:       0       150

බද්රානි Friday, 09 March 2018 02:38 PM

ඔය සිසුන්ව ඔය තත්වෙට පත්කළ අය ගැනයි නිසි විමර්ශනයක් කොට දඬුවම් කරන්න ඕනා.

:       2018       1998

nayana Friday, 09 March 2018 02:40 PM

නියමයි. ඉතා හොඳ වැඩක්.

:       2018       2456

RNG Saturday, 10 March 2018 01:21 AM

මේ පිළිවෙළ සැකසෙන්න ඕන ඇමති ,මන්ත්‍රී තනතුරේ ඉදන් මයි..නැත්නම් මේකට අහුවෙන්නෙ හාල්මැස්සො විතරයි හැමදාම ..

:       0       130

nimal Friday, 09 March 2018 03:30 PM

අමෙරිකාවේ නම් මෙහෙමයි අර රටේ නම් මෙහෙමයි කියලා අපේ රටේත් එහෙම කරමු කියන අයට හොද පාඩම්. බාලයන්ට අසිපත් දුන්නාම ඔහොම තමයි.

:       1478       1599

sam Friday, 09 March 2018 05:56 PM

මේ වගේ අසත්‍ය ප්‍රකාශ කරන අය හිරේ දාන්න. කිසිම සමාවක් දෙන්න එපා.

:       1478       1916

hewawitharana jaya Friday, 09 March 2018 05:59 PM

මැති ඇමති ගොල්ලෝ ඇතුළුව ලංකාවේ කෝටි ගණනක ජනගහනය අතුරින් මේ සිසුන් දෙදෙනා පමණක්ද අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන්නේ අනේද කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටයට ගිය කලක්

:       604       1585

hewawiotharana j Friday, 09 March 2018 06:34 PM

මේ සිසුන් දෙදෙනාට විරුද්ධව කතා කරන අය සියල්ලම මන්ද බුද්ධිකයෝ වෙති

:       2678       2303

MAJ Friday, 09 March 2018 08:17 PM

මේ අහිංසක දරුවන් දෙදෙනාට දීපු දඩුවමේන් ඊට සම්බන්ධ සියලුම අයගේ දැනුම සහ වෘත්තීය පරිනත බව සිතා ගත හැක. අපි ජීවත් වෙන රට මේතරම් පිරිහි ඇද්ද.

:       0       65

sam Friday, 09 March 2018 08:59 PM

මෙවැනි බාලවයස්කාර දරුවන් මේ වයසේදීම මෙවැනි සමාජ විරෝධී දේවල් කරනවානම් ඔවුන් වැඩිහිටියන් වූ පසුව කරන්න පෙළඹෙන දේවල් ගැන හිතා ගන්න පුළුවන්. අපිත් ඔය වයස පහු කරලා ආපු අය. ඔය කියන වයස් වලදී අපිටත් නොයෙකුත් උන්මාද තිබුනාට ජාතිවාදය ආගම්වාදය වැනි පහත් සිතුවිලි ඇති උනේ නැහැ .

:       25       61

Manju Friday, 09 March 2018 10:35 PM

අපිට හරිම ලැජ්ජයි රටේ වෙන දේවල් වල. අපි පිටරට ගියේ ලංකාව හොඳ මදි නිසා නෙවෙයි උගත්කමට හරියන රැකියා නැති නිසාත් ළමයින්ට උගන්වන්න උවමනා නිසාත්. අපි ඉන්න රටේ වෙනත් රටවල් වල මිනිස්සු සියගානක් සමගියෙන් ජීවත් වෙනවා. අපරාධ සිදුවෙන්නේ නැහැ කියන්නේ නැහැ. නමුත් මෙහෙම රටට ලැජ්ජා වෙන ම්ලේච්ච වැඩ සිදුවෙන්නේ නැහැ. අපිව අනෙක් රටවල් වලින් ආපු මිනිස්සු හිතන්නේ මහා භයානක අශීලාචාර ජාතියක් කියලා. දැන් පුළුවන් නම් අපිට බනින්න පිටරට ගිය මිනිස්සු මොකද දැන් මේවාට හොට දාන්නේ කියලා. අපි කියන්නේ කොයි රටේ හිටියත් මොන ආගම ඇදහුවත් මනුස්සකම නැති කරගන්න එක මහා අපරාධයක් !

:       0       0

Samuvel Saturday, 10 March 2018 02:53 AM

මේ නොදත් සිසුවන්ය. ඔවුන් කල වරදට සුදුසු දඩුවමක් දෙන්න. එහෙත් උගත් පලපුරුදු දේශපාල්නයේ ඉන්න සමහරු කියන කරන දේවල් වලින් ජාතීවාදීන් තවත් කුලප්පු වෙති. ඒ නිසා ඒ දේශපාලකයින් ගැනත් පියවර ගන්න. සමහරු ජාතික කොඩිය ප්‍රතික්ශේප කරති. සමහරු තහනම් ත්‍රස්ත්වාදීන් සමරති. තවත් සමහරු තම ජාතිකයින්ගේ ප්‍රශ්න පමනක් කතා කරති. උතුරින් හමුදාව එලවන්න කතා කරති. එකම රටේ ජාතියක් මුල් කරගෙන වෙනම පරිපාලන ඒකක ගැන කතා කරති. මේවා හරිද. මේ කටයුතු නිසා ජාතිවාදය වැඩි වෙන්නේ නැතිද.කොන්ද පනතියන පාලකයෝ නම් පොඩි සිසුවන්ගේ වැඩ වලට කරන දඩුවම් වලට වඩා ලොකු සුදුසු දඩුවම් මොවුනට දිය යුතු නේද.

:       60       530

Roshan Saturday, 10 March 2018 03:01 AM

ඔය සිසුන් දෙදෙනාට තියෙන නීතියම රිෂාඩ්, හකීම්, අසාද් සාලි වගේ අයටත් ක්‍රියාත්මක කළොත් සැබෑ සංහිඳියාවක් තියෙයි. ඇතැම් සිංහල සංවිධාන සිංහල ජාතිවාදය පෝෂණය කළා සේම මුස්ලිම් සංවිධාන සහ දේශපාලකයින් මුස්ලිම් අන්තවාදය පෝෂණය කළා. ඕකනේ ඇත්ත කතාව. දෙපැත්තම ගහගත්තම දෙපැත්තේම වැරදි කාරයෝ ඉන්නවනේ. මුස්ලිම් පල්ලි වලට වගේම පන්සල් වලටත් ගහල තියෙනවනේ. පිටරට සන්තෝස කරන්නවත් ඊළඟ ඡන්දෙ බලාගෙන දේශපාලන වාසි ගන්නවත් එක පැත්තකට පමණක් නීතිය ක්‍රියාත්මක කළොත් එ්කෙන් වෙන්නේ තවත් මේ ප්‍රශ්නේ දිග්ගැස්සෙන එක විතරයි.

:       7       423

Mehemm Saturday, 10 March 2018 03:02 AM

එහෙනම් ඔක්කොම මන්ත්‍රීවරු අනිවාර්යයෙන්ම අල්ලන්න ඕනෑ..

:       0       53

upaliSaturday, 10 March 2018 05:01 AM

වොල්ස්වගෙන් කම්හල ගේනවා කියල අසත්‍ය ප්‍රකෙහස කරපු කෙනාව අතදගුවට ගංනෙඅ කවදද

:       56       0

bumi Saturday, 10 March 2018 03:24 AM

ජාතිවාදය... කවරෙක් විසින් මෙය ඇති කළේද? ඒ නුඹලා විසින්මයි.. දේශපාලඥ වූ ඔබලාමයි.. අහිංසක හිත්වලට ජාතිවාදී එන්නත ලබා දුන්නේ බල ලෝභී නුඹලාමය.. මුස්ලිම් වරුන්ට එක නීතියකුත්, අනෙකාට තව නීතියකුත් ගෙනාවේ ඔබලාමයි.. සංහිඳියාව නාමයෙන් නුඹලා කළේ වෛරයේ ගිණිසිළු දැල්වීමය...නුඹලා ඇති කල සංහිඳියාවක් නම් නැත... ඔවුන්ට වුවමනා සංහිඳියාවක් නම් නැත... එසේ වුවමනානම් වෙහෙර, දාගැබ් විනාශ කරන්නේද නැත... රට බෙඳන්න ඉල්ලන්නේද නැත... ඉතින් සිංහලයන් හමුවේ ගොරවන ඔබලා අනෙකුන් අය හමුවේ කෙඳිරි ගාන්නේය... ජාතිය, ආගම, රණවිරුවන් පාවා දුන්නේය...රට බෙඳා වෙන්කරනට නුඹලා අර අඳින්නේය.. ඉඳින් මේ සියල්ල නුඹලා විසින්ම කර අන් අයට දඬුවම් දෙන්නේය.... ඉඳින් යම් තැනක නුඹලා වැන්න වුන්ගේ උපත වේද... ඒ මහ පොළව හඬන්නේය.. සාපකරන්නේය... නුඹලා වැන්න වුන් පෙර සිටියානම් අඳ වඳින්නට මහා සෑයක් නැත... වෙහෙර විහාර, අහස උසට නැගුණු දාගැබ් නැත... අපට කියා උරුමයක්ද නැත... ජාතියක්ද නැත...

:       253       1137

Upul Saturday, 10 March 2018 03:52 AM

පදුර වටෙි කොටන එක අපේ රටෙි නිතියෙ පුරැද්දක්, කවදාවත් අදාල පදුරට විදින්නේ නැ. මෙි ජාතිවාදය ඇදලා ගත්ත අය දන්න බව කැබිනටි ප්‍රකාශක කැබිනටි මාධ්‍ය හමුවෙි කියද්දි, ඒ අදාල අය අත්අඩංගුවට ගන්නේ නැ. නැත්නමි කැබිනටි ප්‍රකාශක බොරැ කියනවානමි ඒතුමාව අත් අඩංගුවට ගන්න ඕන. හොරැ ඇල්ලිමත් එහේමමයි. නිතිය කරන අයට කරගෙන යන්න නොදි ඇමතිකම මාරැකරනවා. මෙික රටක්ද නැත්තමි මොන්ඩිසොරියක්ද. කාවද මෙි රවන්ටන්නේ. එතකොට මෙි රටෙි නිතිය හා සාමය ක්‍රියාත්මක කරන අයගේ බුද්ධිය කොපමණද? මෙි රට වැඩකරන්නේ මෙි අවස්ථාවාදී බඩගොස්තරවාදි දේශපාකයන්ට ඔන විදියටනමි මෙි රටේ නිලධාරි තන්ත්‍රයක් නඩත්තු කලයුතු. මත්දව්‍ය මර්ධනයත් එහෙමයි. අග පුරැක ඇල්ලුවාම එයාගෙන් ගන්න තොරතුරැ මත් පිිලිවෙලින් මුල් පුරැකට එන්න පුලුවන් ලෙහෙසියෙන්ම නමුත් කවදාවත් ඉහල පුරැක්වලට නිතිය බයයි. මට හිතෙන්නෙ අවස්ථාවාදි බඩගෝස්තරවාදි දේශපාලකයන් රටට විකාර වලට වගකින්න ඔව මේ රටෙි ඒ ඒ වගතිමි ඇති තනතුරැ හොබවන රාජ්‍ය නිළධාරින්ගේ නිවට නියාලු අමනෝඤ්ඥ, නිතියට විරැද්ධවන, නිති හිල් හදන, මන්ධබුද්ධික නිළධාරි තන්ත්‍රයයි. ආණ්ඩුවට වඩා රජය හෙවත් රාජ්‍ය බලවත් ප්‍රබල විය යුුතුයි.

:       0       116

RUWAN LAKMAL Saturday, 10 March 2018 04:39 AM

වරද දරුවන්ගේ නොවෙයි... මේ දරුවන්ට බනින ඔබ, සිද්ධියට මුල් වූ පුද්ගලය‍ාට පහර දී මරා දමා තිබූ ආකාරය දුටුවද..?

:       174       105

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 2874 8

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2088 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5593 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4060 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4650 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 7009 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site