IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘සභාග ආණ්ඩුවක් හදනවා නම් අවසන් තීරණ බලය මහින්දට‘

(නාලක සංජීව දහනායක සහ සුජිත් හේවාජුලිගේ)

සභාග ආණ්ඩුවක් හදන්නේ නම් ඒ ගැන අවසන් තීරණයක් ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට  බලය පැවැරීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේදී අද (9) රාත්‍රී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද මේ සාකච්ඡාවට සහභාගි විය.

මෙහිදී මන්ත්‍රීවරුන් අමතා ඇති හිටපු ජනාධිපතිවරයා සභාග ආණ්ඩුවකට යෑමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එසේ ගන්නේනම් සියලු දෙනා දැනුම්වත් කරන බවත් පවසා ඇත.

‘‘අපිට ඉන්නේ එක නායකයයි නායකයෝ දෙන්නෙක් නැහැ.නමුත් ඔබතුමා ගන්න තීරණය උඩ අපි හිටගන්නවා‘‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

අයවැයේ දී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ග කියයි.



අදහස් (8)

‘සභාග ආණ්ඩුවක් හදනවා නම් අවසන් තීරණ බලය මහින්දට‘

sirimal Tuesday, 09 October 2018 06:36 PM

මුල ඉඳලම අපි දැනගෙන හිටිය එකාබධ්දය වේවා පොදු ජන පෙරමුණ වේවා මේ සේරම වෙන කිසිදෙයක් නොවේ " වන් මෑන් ෂෝ " එකක් පමනක් විත්තිය. ඔතන ඉන්න කිසිම කෙනෙකුට "මහින්දගේ දිස්නය " නැතුව ගොඩ යන්න වෙනත් ක්‍රම වේදයක් නැහැ. මේ සියලුම දෙනා මහින්ද හිට ගනින් කිවොත් හිට ගන්න ඉඳ ගනින් කිවොත් ඉඳ ගන්න කීකරු ගෝලයෝ. ඉතින් ඒ ගොල්ලෝ කිසි දවසක මහින්ද කියන වචනයට පිටින් කිසිම දෙයක් කියන්නෙත් නැහැ කිසිම දෙයක් කරන්න්නෙත් නැහැ. එකයි තිත්ත ඇත්ත.

:       0       57

lalith Tuesday, 09 October 2018 07:56 PM

අයෙත් ඔන්න බයිලා ගහන්න හදනවා කට්ටිය එකතුවෙලා. මොන සභාගද ඕයි. නිදහස ගත්තු දවසේ ඉඳන් අර භාග , මේ භාග ගහ ගහ අපිව වල පළලටම අදාල දැම්ම. එදා කොළඹ ක්‍රමය ක්‍රියාත්මක කලානම් අද සිංගප්පුරුවක් නැහැ. ඒ ප්‍රමාදය දැන්වත් හරිගස්සගන්න බලනවල. මහින්ද යුද්ධ කරන්න දක්ෂ උන පළියට ලෝකේ මුදල් සහ වෙළඳම පාලනය කරන රටවල් එක්කල එකතුවෙලා වැඩකරන්න හැකියාවක් නැහැ. රනිල් ඒ වැඩේ දැනගෙන උන්නට කොන්ද කෙලින් තියාගෙන යුද්ධ කරන්න දන්නේ නැහැ. එහෙම නැතිනම් යුද්ධයේ කුණු නාමේ වෙන කෙනෙකුගේ කරපිටින් යවන්න දුර දක්නා නුවනින් බලාගෙන උන්න. අන්තිමේ දැන් කොහොම හරි යුද්ධේ ඉවරයි නේ. දැන් තියෙන්නේ රට ඉදිරියට ගෙනියන එක යකාගේ කරේ හරි එල්ලිලා. ඒ වැඩේ කට්ටියම එකතුවෙලා ඉවර කරලා, සභාග බැරිනම් ඔනම් බම්බුවක් ගහගන්නවල. අම්මප මුන්ට මොලේ කලන්දක්වත් නැතිද? හැබැයි කොන්ද පණ නැති කෙනෙකුට විධායක බලතල දෙන එකනම් නුවනට හුරු නැහැ. ඒ බල තල තිබුනත් නෑවගේ ඉන්න නිසා ඔය ඉන්න කෙනාටම එක තියෙන්න ඇරලා උන්නත් රටට හානියක් නැහැ. මොකද එතකොට විදායක බලයක් කාටවත්ම නෑ වගේ නිසා. මේ තරම් කල් අපි එහාට මෙහාට මාරු උනා මදිද?

:       0       6

chathuri Wednesday, 10 October 2018 12:02 AM

අලුත් ආණ්ඩු හදලා අයවැය හදන හැටි ඒවා කරන්න කලින් පිරිසිදු වෙලා එන්න.......... පසුගිය ආණ්ඩුවේ කරපු දුෂණ වැඩ සාමාන්‍ය මිනිසා කෙරුවනම් අද එයා හිරගෙදර. මේ ගොල්ලෝ දඩුවම් කිසිවක් නැහැ අලුත් ආණ්ඩු එකම රටක් එක් රජයක් නිතිය දෙවිදියක් කොයි තරම් අසාධාරණද???ජනතාව දැන්වත් නැගිටින්න

:       0       1

C.K.Lankaputhra. Wednesday, 10 October 2018 01:50 AM

ඒ හදනවා නම්නේ..............

:       1       2

ramani Wednesday, 10 October 2018 03:36 AM

ඉතා හොඳයි එක තීරණයක ඉන්න එක. වටු රැලේ කතාව මතක තියාගන්න. අපේ ආණ්ඩුව අද දලට යටවුනු වටු රෑන වගේ. කවුරු හරි කොටසක් සමගිව වැඩ කරලා රට බේරාගන්න.

:       37       1

d.upul Wednesday, 10 October 2018 03:37 AM

ඔක්කොම කුණු බෙංගාල බොක්කට කිව්වලු.

:       0       66

Yamuna Wednesday, 10 October 2018 03:58 AM

මොන ආණ්ඩුව හැදුවත්. මහජන චන්දය ඕන . එහෙම බලෙන් ආණ්ඩු හදන්න බෑ.

:       0       58

OMG Wednesday, 10 October 2018 04:41 AM

කොක්කෙන් බැරිනම් කෙක්කෙන්....

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 152 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 320 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1406 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 205 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 414 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 371 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site