(මුදිතා දයානන්ද)
සබරගමු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයට දේශන ශාලා පහසුකම් නොමැතිවිම ඇතුලූ ගැටලූ රැසක් මූලික කරගනිමින් සබරගමු විශ්ව විද්‍යලයීය මහා ශිෂ්‍ය සංගමය අද (12) කොළඹ කොටුවේ සිට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා උද්ඝෝෂණ පෙළපාලියක් පැවැත්වූහ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළින් ගමන් ආරම්භ කළ මෙම උද්ඝෝෂණ පෙළපාලිය කොම්පඤ්ඤ වීදිය, ඩාර්ලි පාර, ඉබ්බන්වල මංසන්ධිය ඔස්සේ වෝඞ් පෙදෙස දක්වා ගමන් කරනු ලැබිණි.
වෝඞ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ආසන්නයේ ජල ප‍්‍රහාරක රථ දෙකක් රඳවා තිබූ අතර පොලිස් ආරක්ෂාවද දැඩිකර තිබිණ. එහෙත් එම ස්ථානය දක්වා ගමන් කිරිමේදි සිසු සිසුවියන්ට පොලිසියෙන් කිසිදු බාධාවක් නොවිය.
මාර්ග බාධක් කිසිවක්ද යොදා තිබුණේ නැත. විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ පිවිසුම් දොරටු ඉබි යතුරු දමා වසා තිබූ අතර සිසුන්ගේ ගැටලූ පිළිබඳව ඇතුලත් වාර්තාව භාරගැනීමට කිසිදු වගකිව යුතු නිලධාරියෙක් පිටතට පැමිණියේ නැත. සිසු සිසුවියන් එම ස්ථානය ඉදිරිපිට මාර්ගයේ එකන් මංතීරුවක් වසාගනිමින් බිම වාඩිවි පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ යෙදී සිට විසිර ගියහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සබරගමු සරසවි සිසුහු විසඳුම් ඉල්ලා පාරට බසිති
analyzer Wednesday, 12 September 2018 03:52 PM
ඔය වගේ හද්දා පිටිසර තියෙන විශ්වවිද්‍යාල වලට ආචාර්යවරු එන්නේ නෑ. ඉන්න ටිකත් සතියටම දවසයි දෙකයි දේශන කරන්නේ. ඉතුරු දවස් ගෙදර. එන දවසෙ ඔක්කොම දේශන ටික කරන්න ගියාම දේශන ශාලා හිඟයි කියනවා. අනික ඔය වගේ විශ්වවිද්‍යාලවල ඇතුළු වෙන ළමයින්ගෙන් ගොඩක් අය අතරමගදි දාලා යනවා වැඩක් නැති හින්දා.