අජිත්ලාල් ශාන්තඋදය සහ ප්‍රින්ස් රත්නායක
සබරගමු විශ්ව විද්‍යාලයේ අලූතින් ස්ථාපිත කරන වෛද්‍ය පීඨය සහ තාක්ෂණ පීඨය මේ වසරේ නොවැම්බර් මාසයේ විවෘත කරන බව ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා අද කුරුවිට බටුහේනේ පිහිටි එම වෛද්‍ය පීඨ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
කුරුවිට බටුහේනේ පිහිටා තිබූ විගණන දෙපාර්තමේන්තුවට අයත් රාජ්‍ය විගණන පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානයේ මෙම වෛද්‍ය පීඨය ස්ථාපිත කර ඇත. තාක්ෂණ පීඨය බෙලිහුල්ඔය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ස්ථාපිත කෙරේ.
මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා මෙසේ ද පැවසීය.
‘සබරමුව විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කරන මේ නව පීඨ දෙක නිසා වෙනදාට ඇතුලූවන ශිෂ්‍ය සංඛ්‍යාවට වැඩියෙන් සිසුන් 225 දෙනෙකුට සබරගමු විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව ලැබෙනවා. වෛද්‍ය පීඨයට අවශ්‍ය සියලූ පහසුකම් බටුහේනේ වෛද්‍ය පීඨයේ තිබෙනවා. දේශන ශාලා මෙන්ම අංග සම්පර්ණ ශ්රවනාගාරයක් දැනටමත් එහි ස්ථාපිතයි. රසායනාගාර තුනක් ඉදිරි මාස දෙක තුල ස්ථාපිත කරනවා.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කළ මේ ස්ථානය වෛi පීඨය ස`දහා අවශ්‍ය සියලූ මූලික පහසුකම් තියනවා. වෛද්‍ය පීඨය පුහුණු කටයුතු ස`දහා රජයේ මහ රෝහලක් අවශ්‍යයි. ඒ ස`දහා රත්නපුර මහ රෝහල ශීක්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කටයුතු කරන බව දන්වා තිබෙනවා.
තාක්ෂණ පීඨය බෙලිහුල්ඔය පරිශ්‍රයේ පිහිටුවන්නේ. ඒ ස`දහා ආසියානු සංවර්ධන බැංකුවේ සහන ණය ආධාර ලෙස රුපියල් මිලියන 4900ක් ලැබී තිබෙනවා. තාක්ෂණ පීඨය ස්ථාපිත කරන ගමන් බෙලිහුල්ඔය පිහිටි සබරගමු විශ්ව විද්‍යාල පරිශ්‍රයම සුර්ය බලයෙන් විදුලිය නිපදවන විකල්ප බලශක්ති ඒකකයක් බවට පරිවර්ථනය කරනවා. විකල්ප බලශක්ති සම්බන්ධයෙන් උපාධි පාඨමාලාවක් ලංකාවේ පළමුවරට හ`දුන්වලා දීලා තියෙන්නේ සබරගමු විශ්ව විද්‍යාලයේ බවත් කිව යුතුයි. ‘‘
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සබරගමු වෛද්‍ය-තාක්ෂණ පීඨ නොවැම්බරයේ ඇරැඹේ
himal Wednesday, 08 August 2018 02:44 PM
වෛද්‍ය පීඨයට රත්නපුරේ රෝහලක් තියෙනවා කියමුකෝ. තාක්ෂණ පීඨයට අඩුම තරමේ කිලෝමීටර් 50ක් ඇතුළත තියෙන කාර්මික කර්මාන්තශාලාව මොකක්ද?
බණ්ඩාර -(කැකිරාව) Thursday, 09 August 2018 08:51 AM
හිමාල්: බෙලිහුල්ඔය සිට කිලෝමීටර් 50ක් ඇතුළත තේ කර්මාන්තශාලා ගොඩක් තියෙනවා. ඒ නිසා ඔබ ගැටළුවක් ඇතිකරගන්න එපා. ඔබට හැකිනම් බලන්ගොඩ, කවත්ත ,පැල්මඩුල්ල ආශ්‍රිතව අලුතින් කර්මාන්තශාලාවක් පටන් ගන්න...