( නිශාන්ත කුමාර)
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බඩ ඉරිඟු වගාව ඇතුළු කෘෂිකර්ම කේෂත්ර තුළ පැතිර යමින් පවත්නා සේනා දළඹුවන්ගේ බිත්තර විනාශ කළ හැකි පරපෝෂිතයෙකු හදුන්වාදීමට ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනයේ කණ්ඩායමක් සමත්ව සිටිතැයි ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර අධ්‍යක්ෂක (පර්යේෂණ) ආචාර්ය කේ.ඒ. එන්. පී බණ්ඩාර මහතා පැවැසීය.
ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනය මගින් සාර්ථක ලෙස අත්හදා බලන ලද ටෙලනොමස් (telenomous) නැමැති දෙබර විශේෂයට අයත් බිත්තර පරපෝෂීතයින් ශ්‍රී ලංකාවේ වගාවන් තුළ පළමු වතාවට මුදා හැරීම පසුගියදා මහියංගණ කෘෂිකර්ම බල ප්‍රදේශයට අයත් රිදීමාලියද්ද පින්නගොල්ල නවනැලිය වෙල්යායේ දී සිදුවිය.
මෙම අවස්ථාව සදහා ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර අධ්‍යක්ෂක (පර්යේෂණ) ආචාර්ය කේ. ඒ. එන්. පී. බණ්ඩාර, ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ඒ. එම්. ඩී. අතපත්තු, මහියංගණ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක නිලන්ත සරත් කුමාර යන මහත්වරු, ප්‍රදේශයේ කෘෂීකර්ම උපදේශකවරු, ගොවි ගෙවිලියෝ ඇතුළු අති විශාල පිරිසක් එක්ව සිටියහ.
සේනා දළඹුවන්ගේ බිත්තර විනාශ කිරීම් සඳහා වර්ධනය කරන ලද ටෙලනොමස් (telenomous) පරපෝෂිතයින් ප්‍රදේශයේ බඩ ඉරිගු වගාවන් තුළට මුදා හැරීමද මෙහිදී සිදුවිය. සේනා දළඹුවන් විනාශක කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස ප්‍රථම වතාවට ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගන්නෝරුව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර අධ්‍යක්ෂක (පර්යේෂණ) ආචාර්ය කේ. ඒ. එන්. පී . බණ්ඩාර මෙසේ කීය.
‘‘මෑතකදී මේ මෙරට බඩ ඉරිඟු වගාවට විශාල හානියක් සිදු කළ සතෙකු ලෙස සේනා දළඹුවා හඳුන්වන්නට පුළුවන්. මෙම දළඹුවන් විනාශ කිරීම සඳහා ගොවි ජනතාව විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබූවත් මෙම සතා මර්දනය කිරීම තරමක් අපහසු වුණා. මේ සම්බන්ධයෙන් ගන්නෝරුව පර්යේෂණ ආයතනය මඟින් සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් සේනා දළඹුවන්ගේ බිත්තර විනාශ කළ හැකි පරපෝෂිත සත්වයෙකු හඳුන්වාදීමට අපට හැකි වුණා. මෙම සත්වයා පරිසරයේම ජීවත් වන සේනා දළඹුවා වැනි ම සත්ත්ව විශේෂයක්. දෙබර කුලයට අයත් මෙම සතා සේනා දළඹුවාගේ බිත්තර මත බිත්තර දැමීම සිදුකරනවා. ඒ වගේම මෙම සතා ඉක්මනින් වර්ධනයවී සිදුවනවා.
මෙම සතාගේ බිත්තර, සේනා දළඹු බිත්තර මත වැටීමත් සමගම සේනා දළඹූවාගේ බිත්තර වලින් 90% ක් පමණ විනාශයට පත්වෙනවා. ඉතිරි වන සුළු ප්‍රමාණය විනාශ කිරීම සඳහාත් අපි දිගින් දිගටම පරීක්ෂණ කරගෙන යනවා. ඒ වගේම පාරිසරික ක්‍රම මගිනුත් එම බිත්තර හා ඉන් පිටවන කීටයන් විනාශයට පත් වෙනවා.
හැබැයි මෙහිදී කිවයුතු යුතු කාරණයක් තිබෙනවා. යම් වගාවකට මෙවැනි ජෛව පාලන ක්‍රමයක් යොදා ගන්නේ නම් කෘෂි රසායන යෙදීම සිදු නොකළ යුතුයි. ඇත්තටම එය ගොවියාගේ වියදම් පැත්තෙන් ගත්තත් වාසියක් ලෙස හඳුන්වන්න පුළුවන්. කෘෂිරසායන යෙදුවහොත් සේනා දළඹුවා වගේම මෙම ජීවියා විනාශ වී යනවා. ටික කාලෙකදි වෙන කොහේ හෝ සිටින සේනා දළඹුවන් යළිත් වගාව ආක්‍රමණය කරනවා.
ඒ වගේම මෙම පරපෝෂී සත්ත්වයාගේ පැවැත්ම සදහා අවට පරිසරය , ගහකොළ ඉතා වැදගත් වෙනවා. කෘෂි රසායන යෙදීමෙන් තොරව මෙම පරපෝෂිතයින් වගාව තුළ මුදාහැරීම මගින් ඉතා සාර්ථක ලෙස සේනා දළඹුවන් විනාශ කළ හැකි බව මා ප්‍රකාශ කරනවා."
එහිදී ගොවි මහතෙකු නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් බණ්ඩාර මහතා මෙසේ ද කීය.
‘‘සේනා දළඹුවන් මේ වනවිට බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කර ඇතත් වී ඇතුළු වෙනත් වගාවන් සඳහා ආක්‍රමණය කළ බවක් දැනගන්නට නැහැ . එම නිසා ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවත් මම ප්‍රකාශ කරනවා"
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘සේනා‘ බිත්තර විනාශ කළ හැකි පරපෝෂිතයෙක්
සේන Tuesday, 07 May 2019 05:23 AM
අපගේ සුබ පැතුම්. නමුත් අපේ රටට ආවේණික බඩ ඉරිඟු ඉවත් කර මැලේසියානු බඩ ඉරිඟු ව්‍යාප්ත කිරීම ප්‍රශ්න රැසකට හේතු වී ඇත. කරුණා කර අපේ රටට ආවේණික වූ බඩ ඉරිඟු බීජ නැවත බෙදා හරින්න. දැන් හොයාගන්න අමාරුයි . අපේ බඩ ඉරිඟුවලට වස විස බෙහෙත් පොහොර මොකුත් ඕන නෑ. ඒවා ඒ කාලයට වගාකළ වට සියල්ල අභිබවා වැඩී රස , සරු අස්වැන්නක් දෙනවා
PerakumTuesday, 07 May 2019 06:10 AM
අප සතුව තිබු සාම්ප්‍රදායික බෝග වර්ග බොහොමයකට මේ නස්පැත්තිය සිදු උනා. එසේ "වැඩි දියුණු කල" විශේෂ නිසා අපේ කෘෂි කර්මාන්තයට වූ යහපතක් නැත. දැන් ගොවියාට කෘෂි රසායන කෘතීම පොහොර ආදියට අධික පිරිවැයක් දැරීමට සිදුවී ඇත. අප සතුව තිබු දේශීය බෝග වර්ගවල තිබු රසය හා ගුණය දැන් සොයාගන්නට නැත. සදහටම අහෝසි වී ඇත. විදේශීය ව්‍යාපාරිකයින්ගේ ආර්ථිකය නම් සරු වී ඇත. පෙරදිග ධාන්‍යාගාරයට ගිය කලක හැටි..!!!
sharm warn Tuesday, 07 May 2019 05:28 AM
සේනා දලබුවෝ මෙහාට ගෙනාව "පරපොශිතයාට " ත් මොකක් හරි කරන්න ඔය ගමන් ම. නැති නම් එයා ආයෙමත් තව මොකෙක් හරි ගෙනත් දාලා අපේ වගාව නැති කරයි.
shantha qatar Tuesday, 07 May 2019 06:42 AM
අනේ හොඳ වැඩක් මෙහේ මිනිස්සු මරාගන්නවා කිසිම හේතුවක් නැතුව....අහිංසක ගොවියෝ සතෙක් මරාගන්න බැරුව මොනතරම් දුක් විදිනවාද? කෘෂිකර්ම මහත්තයාට සුභ පැතුම්!!!!!!!!!!
ඈපා Tuesday, 07 May 2019 07:08 AM
මේ "සේනා" වගේද දැන් රට ආක්‍රමණය කරපු සේනාව..?
රවින් Tuesday, 07 May 2019 08:06 AM
හැබැයි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ "සේනා" දලඹුවාටත් වැඩියෙන් කෘෂි නිෂ්පාදන බෙදා හරින්නන්ගෙන්.
Nihal Tuesday, 07 May 2019 08:08 AM
සාර්ථක නම් සතුටුයි , මොකද මීට පෙරත් ඩෙංගු මදුරුවටත් ඔහොම දෙයක් කිව්වා විතරනේ , කිසිම දෙයක් උනේ නෑනේ
banda Tuesday, 07 May 2019 09:45 AM
මෙහි 1වෙනි ෆොටෝ එකේ ඉන්නේ ඒ අලුත් පරපෝෂිත දෙබරායි.