IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සුනාමියෙන් වු හානියට වඩා වැඩි හානියක් ගංවතුරින් හා නායයෑමෙන්


 
                                  
ඩයනා උදයංගනී
 
ඉකුත් වසර 7ක කාලයේ දී මෙරට ඇතිවූ ගංවතුර හා නායයෑම් වලින් සිදුවූ ආර්ථික හානිය සුනාමියෙන් සිදුවූ ආර්ථික හානියටත් වඩා වැඩි බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල පවසයි.


සුනාමියෙන් සිදුව ඇති ආර්ථික හානිය රුපියල් බිලියන 217.5ක් වන අතර 2010 වසරේ සිට 2017 දක්වා ඇතිවූ ගංවතුර හා නායයෑම්වලින් සිදුව ඇති හානිය රුපියල් බිලියන 289ක් වන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ මෙරට උපදේශකවරයකු වන යූ.එච් චන්ද්‍රදාස මහතා පැවසීය.


ඒ අනුව 2010 වසරේ සිදුවූ ගංවතුර හා නායයෑම් විපත්වලින් රුපියල් බිලියන 5ක්, 2011 දී රුපියල් බිලියන 77ක්, 2016 දී රුපියල් බිලියන 99ක් හා 2017 දී රුපියල් බිලියන 70.2ක් හානි වී ඇතැයි ද ගණන් බලා ඇති බව ඔහු සඳහන් කළේය.


මෙම ආපදා අවම කිරීම දුෂ්කර නමුත් ආපදා හානි අවම කරගත හැකි බව කී චන්ද්‍රදාස මහතා ඒ වෙනුවෙන් වූ විශේෂ රාමුවක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා එක්ව ඉදිරිපත් කර තිබෙන බව ද කීවේය. 


ආපදාවලින් සිදුවන මරණ හා හානි අවම කරගැනීමේ වැඩපිළිවෙළක් ඇතුළත් එම රාමුව ආපදා අවම කිරීමේ සෙන්දායි රාමුව ලෙස නම් කර ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.                  



අදහස් (4)

සුනාමියෙන් වු හානියට වඩා වැඩි හානියක් ගංවතුරින් හා නායයෑමෙන්

සෙනෙවි Wednesday, 08 August 2018 06:24 AM

එතකොට ජනාධිපති තුමා කිව්වා නේද ගංවතුරෙන් දල ජාතික ආදායම වැඩි වෙනවා කියලා.

:       1       110

Hafeel Wednesday, 08 August 2018 06:56 AM

මහ බැංකුවට කල පාඩුවට වඩා හානියක් ඉතිහාසයේ තියනවද? සුනාමි, ගංවතුර හා නායයෑම් ස්වාබාවික විපත්.

:       0       105

සතයපාල Wednesday, 08 August 2018 07:27 AM

අඩුම ගානේ ලංකාවේ මොනම ආණ්ඩුවක්වත් එහෙම ජාතික ආපදාවලදී රටේ ආර්ථිකයට වන හානී ගණන් බැලීමකට ලක්කර වාර්ථාවක් හදනවද කියා ප්‍රශ්ණයක්. එහෙම නැතත් මේ වගේ වාර්ථාවක් පදනම් කර මෙවැනී ස්වභාවික ආපදා මගින් වන හානිය අවමකර ගන්න හා එයින් රටේ ආර්ථිකයට හා සමාජයට වන පාඩුව අවම කර ගන්න කිනම් හෝ උත්සාහයක් වැඩ පිලිවෙලක් හෝ ක්‍රියාමාර්ගයක් ගත් බවට හෝ ගන්නා බවට පෙනෙන්නට නැත.

:       3       22

පිටිගල මිලානෝ Wednesday, 08 August 2018 10:18 AM

අහිංසක මිනිසුන්ට ලැබුණ සුනාමි ආධාර පවා හොරකම් කල මිනිස්සු සිටින රටක් මේක.

:       22       29

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 12 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 187 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 78 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 95 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 263 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2706 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site