IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සෞදියට එන්නැයි ලක් ජනපතිට ආරාධනා

( තිළිණි ද සිල්වා)

ජාත්‍යන්තර වශයෙන් ඉහළ අයෝජනයන් සිදුකරන සෞදි ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් ඉදිරියේදී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බව සෞදි රජ පවුලේ සාමාජිකයකු වන අබ්දුල් අසීස් අල් සෞද් කුමරු අද (04) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පැවසීය.

එම ආයෝජන අවස්ථා පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට ව්‍යාපාරිකයින් පිරිසක් සමඟ එරටට පැමිණෙන්නැයි ද සෞද් කුමරු සිරිසේන මහතාට ආරාධනා කළේය.
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සෞද් කුමරු අද (04) ජනාධිපති කාර්යාලයේදී  සිරිසේන මහතා හමුවිය.

මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ගැන සිය ප‍්‍රසාදය පළ කළ  සෞද් කුමරු මෙරට වෙළඳ සහ සංචාරක ක්ෂේත‍්‍රයේ ආයෝජන  අවස්ථා පිළිබඳ ප‍්‍රමුඛ අවධානයක් යොමු කරන බවට පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකාවේ සෞම්‍ය දේශගුණය ,හරිත පරිසරය , සුන්දර වෙරළ තීරය සහ ඓතිහාසික නටඹුන්  සාංචාරක ආකර්ශණය දිනා ගෙන ඇති බැවින් ලංකාව සංචාරක ක්ෂේත‍්‍රය සඳහා බොහෝ ඉඩකඩ පවතින රටක් බව සෞදි කුමරු පැවසීය.

සෞදි අරාබිය අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන සහාය අගය කරන බව ද සිරිසේන මහතා කීවේය.

මේ වන විට ශ්‍රී ලාංකිකයින් ලක්ෂ හතරක් පමණ සෞදි අරාබියේ සේවය කරන බවත් ඔවුන් මෙරට ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබා දෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.



අදහස් (5)

සෞදියට එන්නැයි ලක් ජනපතිට ආරාධනා

nimal rajapaksha Tuesday, 04 July 2017 01:06 PM

පැත්ත පළාතේ වද්දගන්න එපා ,අවදානමට පෙර ,සුදානම ,කියනවනේ

:       0       0

nuwan Tuesday, 04 July 2017 01:35 PM

එහෙ යන්න ඕනේ නැහැ ලංකාවත් දැන් නිර්නාමිකව අරාබි කොලනියක්!

:       0       0

de silva Tuesday, 04 July 2017 11:24 PM

ගියාට කමක් නැහැ නමුත් කටාර් අර්භුධයට සම්බන්ධ වෙන්න එපා , ඔය සවුදි අරාබියේ ඉන්නේ මහා මෙලෙච්ච මිනිස්සු , අපේ ශ්‍රමිකයන්ට දෙන වැද අප්‍රමාණය , බුදු පිළිමයක් දැක්කොත් පිස්සු වටෙනාවය ,

:       0       84

sachith Wednesday, 05 July 2017 03:05 AM

සෞදි රජපවුලේ සාමාජිකයා එක්ක ඇවිත් ඉන්න කාන්තාවන් දිහා බලන්න. එකට අපේ ඉන්න අන්තවාදී මුස්ලිම් කට්ටිය තමන්ගේ පවුලේ අයට දෙන කරදර ඇදුම් අදින්න කියල

:       0       258

de silva berlin Wednesday, 05 July 2017 08:04 PM

අර රිසානා බේරලා දෙන්න කියල ජනපති ඉල්ලීමක් කළා.. ඒත් ගාණකටවත් ගත්තද ? අපේ ශ්‍රමිකයන්ට සලකන්නේ නැහැ හරියට.. බුදුපිළිමයක් ළඟ තිබුණොත් කස පහර දීල හිරේ දමනවා. ඔය ගොල්ලන්ට ඕනේ දෙයක් කරගන්න කියල අපි පැත්තකට වෙලා ඉඳිමු. අපි දෙපැත්තම බැලන්ස් කරගෙන ඉමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1830 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 926 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 734 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 353 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 621 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 561 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site