IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සුජීව සේනසිංහ තොප්පිය දාගනී

බිඟුන් මේනක ගමගේ 

මහමැතිවරණයේදී තම ප්‍රචාරණ කටයුතුවලට මෙන්ඩිස් සමාගමෙන් මුදල් ලැබී ඇති බව ප්‍රතික්ෂේප නොකරන නමුත් එම මුදල් මෙන්ඩිස් සමාගමට අයිති බව දැන සිටියා නම් කිසිසේත් බාරගැනීමට තම ප්‍රවර්ධන කණ්ඩායමට ඉඩ නොදෙන්නේ යැයි ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා ‘ලංකාදීප’යට පැවැසීය.
 
අර්ජුන් ඇලෝසියස්ට මෙන්ඩිස් සමාගම අයිති බවක් තම ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටි කණ්ඩායම් කිසිවක් දැන සිටියේ නැතැයි ද  මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට ලද මුදල් සම්බන්ධයෙන් සැක සිතීමට තරම් හේතුවක් එකල නොවී යැයි ද ඇමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් කීය.
 
අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරයට පත්කිරීම අභිලාශ අතර ගැටුමකට තුඩු දෙන බව තමා මුල සිටම අවධාරණය කළේ යැයි කී හෙතෙම තමා හා අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා සිටියේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කළ යුතුය යන මතයේ යැයි ද කීවේය.
 
ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා මෙසේ ද කීය.
 
2015 මහමැතිවරණ සමයේ ප්‍රචාරණ කටයුතුවලදී චෙක්පත් මුදල් කටයුතු සම්බන්ධයෙන් කිසිම දැනුමක් මට තිබුණේ නෑ. මේ බව අසා මමත් පුදුමයට පත්වුණා. හොයලා බලනකොට මගේ එම්.එස්.ඩී එකේ කෙනෙක් තමයි මාරු කරලා තියෙන්නේ. 2015 මේ කාලය වනවිට සැකයක් හිතන්න කිසිම හේතුවක් තිබුණේ නෑ. ඇලෝසියස්ට මෙන්ඩිස් එක සම්බන්ධ බව වුණත් දන්නේ අන්තිම කාලේ. ඇලෝසියස්ලාට මෙන්ඩිස් එක අයිති බව පළමු වැනි කෝප් සභාවේවත් පත්තරයකවත් කිසිම තැනක සඳහනක් තිබුණෙත් නෑ. කෙසේ වෙතත් මාසයක් වහන්න නියෝග කරලා දැන් නැවතත් මෙන්ඩිස් සමාගම විවෘත කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දීලා තියෙනවා. ඒක එදත් අදත් නීත්‍යනුකූල සමාගමක්. මෙන්ඩිස් හා ඇලෝසියස් අතර සම්බන්ධය දන්නවා නම් මේ සල්ලි ගන්නේ නෑ. මොකද අනිවාර්යෙන්ම මඩ පාරක් වදින බව මම දන්නවා. 
 
කැම්පේන් එකට මේ මුදල් ලැබුණු බවට වූ වගකීමෙන් මම මිදෙන්නේ නෑ. කෝප් කමිටු වාර්තාවේ පාද සටහන් සියල්ල අංගසම්පූර්ණයි නීත්‍යනුකූල බව ජනාධිපති කොමිසමෙන් තීන්දු කරල තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්ගේ පත්කිරීම අභිලාශ අතර ගැටුමක් බව මා මුල සිටම කිව්වා. වෙන්දේසි හා සෘජු ක්‍රමය 2008 සිට සිදු වූ ක්‍රමවේදයක්. ෆුට් නෝට් කල්ලිය කියලා මඩ ගැහුව නිසයි ඒක ගැන කතා කළේ. කෝප් කමිටුවේ පාද සටහන් කල්ලිය කියලා මඩ ගහන පිරිස අතරේ මාත් අජිත් පෙරේරාත් සිටියේ මේ සිදුවීම ගැන විශේෂ පරීක්ෂණයක් කළ යුතුය යන මතයේයි යැයි ද ඔහු කීය.



අදහස් (37)

සුජීව සේනසිංහ තොප්පිය දාගනී

Chamara Thursday, 07 June 2018 03:18 PM

බලන් යනකොට මහජනතාවටනේ මෙයාලා ඔක්කොම කොලේ වහලා ගහලා තියෙන්නේ!

:       0       1

Nishantha Thursday, 07 June 2018 03:21 PM

මේ රට විනාශ කරන්නේ මෙම ඇමතිලා නොවෙයි. මේ අයට බලය දෙන රටේ ජනතාවමයි

:       0       37

අප්පුහාමි Thursday, 07 June 2018 03:41 PM

කිසිම දැනුමක් මට තිබුණේ නෑ. මම දන්නේ නෑ. මම පුදුමයට පත් වුනා. අපිටද මේ කියන්නේ?

:       0       8

K perera Thursday, 07 June 2018 05:15 PM

දැන් සේරමලා කියනන්නේ මම දන්නේ නැහැ, මම දැනසිටියේ නැහැ කියලා. එතකොට මොකටද මේ සමාගම දේශපාලකයන්ට මෙතරම් මුදල් දුන්නේ, තේරෙන්නේ නැහැ!

:       0       0

Prasanna Thursday, 07 June 2018 05:33 PM

මට කියන්න තියන්නේ මෙතුමාට වුනා වගේ අකරතැබ්බයක් වනේ වන හතුරෙකුටවත් සිදුනොවේවා කියලයි...

:       0       1

අනිල් Thursday, 07 June 2018 05:54 PM

ඔබතුමා නිර්දෝශයි. ඕවා මඩ ගහන්න කියන කතා

:       0       0

w.d.h.s.fernando Thursday, 07 June 2018 11:46 PM

ගහට නැගල කිව්වලු තනකොල කපන්න නැග්ග් කියල අනේ මන්දා ?

:       0       4

gayan Thursday, 07 June 2018 11:48 PM

ඔන්න චූටි බබා. එයත් මෙලෝ දෙයක් දන්නෙ නෑ. හැබැයි මේ රටේ මිනිස්සු බබ්බු නෙවේ.

:       0       7

සජිත් Friday, 08 June 2018 12:08 AM

දැන් බැලුවම ඇලෝසියස්ට වැඩිය ලාබයක් වෙලා නෑ වගේ. අනෙක මත් නිවාරණය කරන්ඩ පුලුවන්ද මෙහෙම සල්ලි දෙනකොට ඇමතිලට දැන් හැමෝම කියන්නෙ මම දන්නෑ මට මතක නෑ තියරිය රටට වෙන හානියක් උනත් එච්චරයි වගකීමක් නෑ කාටවත්

:       0       8

Rasi Friday, 08 June 2018 12:37 AM

අර හැම පොලකම ගාගෙන තියෙන්නේ. ඕව දෙනු පරහට තමා සම්මතේ සිට.

:       0       4

Lapaya Friday, 08 June 2018 12:38 AM

මේ දවස් වල ඉන්නේ වැසිකිලි වල නේද? ලැජ්ජ නැතිව නිදහසට කරුණු

:       0       3

Sunil Friday, 08 June 2018 02:37 AM

තොප්පිය දා ගත්තට ඇඳුම් ගලවාගෙන.

:       0       6

kauda Friday, 08 June 2018 02:52 AM

මෙයා නම් හරි අහිංසකයි.

:       0       0

PA - RA Friday, 08 June 2018 02:58 AM

මුණ දැක්කම පෙන්නේ නැද්ද මෙයාගේ හැටි.................... .....

:       0       0

Soma dubayi Friday, 08 June 2018 03:15 AM

විශිෂ්ට ප්‍රකාශයක් මැතිතුමනි

:       3       1

කිං දාවිත් Friday, 08 June 2018 03:17 AM

ලක්ෂ 30 පියන් කෙනෙක්ට, සිකුරුටිට, පාරෙ යන කෙනෙක්ට දීලා යනවා සුජීව සේනසිංහට දෙන්න කියලා... මාර ධාර්මික ආයතනයක් නේ... සුජීව නුඹ පොත ලිව්වෙත් නීති විභාගෙ ලිව්වෙත් ඔහොමද .. නුඹ වගේ ගොනෙක් පත් කරගත්තු පුන්නක්කු කන ගොන්නු නිසා රටත් ඉවරයි..

:       140       1968

ranga Friday, 08 June 2018 03:20 AM

නීතිනයක් කියනවා ලැබුන චෙක් පත මොන සමගෙන්ද කියල දන්නේ නැතිලු , අපි පවු බන් ........... නොදකින්

:       105       603

RaeendraFriday, 08 June 2018 03:41 AM

රංග මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ අදහස් හරිම සාධාරණයි

:       0       0

Raveendra Friday, 08 June 2018 03:26 AM

ෆුට්නොට් කල්ලියේ වැඩකරුවෙක් උනානේ.... හොරටම කෑ අසුචි ගැන දන්නෙත් "සුජිවනේ " .... කෑ අසුචි දිරවන්නට නැත දන්නෙත් මෙමා නේ.... ඔක්කාරය පටන්ගත්තේ ෆුට්නොට් කල්ලිය නිසා නේ...

:       157       755

රවින් Friday, 08 June 2018 03:59 AM

අනේ අම්මප ලංකාවේ පාර්ලිමේන්තුවේ විතර කිරිබොන බබාලා ලෝකේ කොහෙවත් නැතුව ඇති. පාර්ලිමේන්තුව කියන්නේ කොටින්ම ළමා අනාථාගාරයක්. අපිට වෙච්ච දේ.

:       0       0

Manoj Friday, 08 June 2018 04:24 AM

හා හොඳයි.....ඔන්න අපි හිස් මුදිනින්ම පිළි ගත්තාද?

:       0       0

wije Friday, 08 June 2018 04:39 AM

මම දන්නේ නැහැ. කියුවේ නැහැ. මට මතක නැහැ ....දන්නවා නම් ගන්නේ නැහැ .....මාරු ....

:       0       0

Gamage Friday, 08 June 2018 04:44 AM

ආණ්ඩුවේ ඉන්නෙ මතක නැති ,දන්නෙ නැති බුද්ධියෙන් හීනයන්...... ඇත්තටම මේ අය ඇමතිකම් වලට සුදුසුද........... .

:       0       0

Menaka Friday, 08 June 2018 04:53 AM

මේක දෙන්න ඇත්තේ කෙහෙල් ගෙඩි විකුනන්න වෙන්න ඇති. නේද සුජීව.

:       0       42

rohana kumara mendis Friday, 08 June 2018 05:07 AM

ඔව් මාර වැඩේ කිසි කෙනෙක් දන්නේ නැ.සේරම ඇමතිවරු ප්‍රසිද්ද නිතීඥයන් අර කියනවා වගේ මුකුත් දන්නේ නැ මාර බබ්බු. මෙන්ඩිස් සමාගම කාගේද කියල දන්නේ නැති ඇමති වරු.අනේ අපේ රටට ගිය කලක්

:       0       198

Appuhami Friday, 08 June 2018 05:08 AM

අහන්න දෙයක් නෑ.......පුට් නෝට් කල්ලියේ සාමාජිකයෙක් නේ............

:       0       16

ravi Friday, 08 June 2018 05:30 AM

මේ ඔක්කොම බබාලා වගේනේ දැන් හැසිරෙන්නේ.

:       0       16

hora Friday, 08 June 2018 05:35 AM

ජරාව කෑවානේද? ලොකු ටෝක්

:       0       182

nuwan Friday, 08 June 2018 05:36 AM

දෙය්යන්ගේ නාමෙන් මේ වගේ මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න එපා.වදින්නම්!

:       0       30

senarath Friday, 08 June 2018 05:54 AM

මේ පසුගිය රජයට හොරු යනුවෙන් චෝදනා කරමින්, වොල්ක්ස්වැගන් කොම්පැනිය එනවා කියමින් රටේ ජනතාව ලක්ෂ 62 ක් ගොනාට අන්දපු දුෂිතයෙක් . කෝප් කමිටුවේ කටයුතුකරන ගමන් අර්ජුන් අලිසුයස්ට වැඩිමවාරයක් කෝල් කරපු දුෂිතය . ඒ වගේම බැදුම්කර වංචාව නිත්‍යානුකුල බව පෙන්වීමට පොත් ලියපු දුෂිතය . ඒ වගේන කෝප් කමිටු වාර්තාවේ වලංගු භාවය නැතිකර දැමීමට ෆුට් නොට් දමපු දුෂිතයෙක් . මේ සියල්ල කෙළේ මේ ලැබුණු මුදල් නිසා බව ඉතාම පැහැදිලි . මොහු ගැන තව සොයන්න ඕනේ .

:       0       297

nnk Friday, 08 June 2018 07:08 AM

ඇලෝසියස් ගේ මුදල් නොගතිමි ..ඔහු මුදල් දෙන විට මම මැතිවරණයේ අපේක්ෂකයකු වී සිටිය පමණි ..නැත හොත් මා කල දෙයක් නැත .....මීට සුජීව

:       0       14

neville Friday, 08 June 2018 07:16 AM

එම චෙක්පත් ලබා දී ඇති දිනයන් ලෙස නීතිපති දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ 2015/08/24- 2015/10/12- 2016/03/31 යන දිනයන්ය. ශී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුව සදහා නාමයෝජනා භාරගනු ලබන අවසාන දිනය වන්නේ 2015/07/13 වන දින වන අතර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ 2015/08/17 දිනය. මේ අනුව පෙනී යන්නේ රාජ්‍ය ඇමතිවරයා මෙම චෙක්පත් තුනේම මුදල් ලබා ගන්නේ 2015 මහමැතිවරණය නිමාවූවාට පසුව බවය. අවසන් චෙක්පත ලබා ගත් 2016/03/31 වන විට සුජීව සේනසිංහ ජාත්‍යයන්තර වෙළද කටයුතු පිළිබද රාජ්‍ය ඇමතිවරයාය. ඔහු එම රාජ්‍ය ඇමතිධූරයේ දිවුරැම් දෙනු ලබන්නේ 2015/09/09 දිනය.

:       0       48

sirimal Friday, 08 June 2018 08:00 AM

අලෝසියය්ස් ගෙන් ගත්ත සල්ලි විතරද ප්‍රශ්නය? මේ රටේ කොච්චර ධනවතුන් දේශපාලඥයින්ට සල්ලි දීලා තියෙනවද? නිකන්ම නිකන් හිටපු අය ලංකාවේ දෙවෙනි සහ තුන්වෙනි ධනවතුන් උනේ කොහොමද කියලත් කතා බහ කලොත් තමයි වටින්නේ.

:       0       1

BamunuarachchiSaturday, 09 June 2018 08:18 AM

මොනවා කරන්නද හලෝ? ඔහෙලා වගේ හිතන අය සිටින කම් මෙරට ගොඩ එන්නේ නැත.

:       0       0

Hafeel Friday, 08 June 2018 08:28 AM

මේකට තමයි මෙයා කෝප් වාර්තාව සහ ජනපති කොමිසමේ වාර්තාව හෙළිවෙනකොට කලබල වෙලා හිටියේ.

:       0       7

dd Saturday, 09 June 2018 07:39 AM

ඔයාලා බබලනේ. පාර්ලිමන්ට් යන්නේ ඉන්ෆන්ට්ස්ලා...

:       0       0

M.A.A.R.Fernando Monday, 11 June 2018 01:01 AM

මම ඔබට මනාපයක් දුන් කෙනෙක්. කවුරු කලත් වැරැද්ද වැරද්දමයි. ඉල්ලා අස්වෙන්න මහත්මයා !

:       0       62

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 307 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 622 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 753 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 590 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 167 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1771 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site