IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සජිත් හෙට සිරිකොතදී පාක්ෂිකයන් හමුවෙයි

(නිමල කොඩිතුවක්කු)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හෙට(21) පෙරවරු 11.00ට සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදි පාක්ෂිකයන් සහ මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
 
එහිදී සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදි ගනු ලබන දේශපාලන ස්ථාවරය සහ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
 
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරනයෙන් පසු පාක්ෂිකයන් හමුවන පළමු අවස්තාව මෙය වන අතර එහිදි තමන් ඉදිරි දේශපාලන කටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා පාක්ෂිකයන්ගෙන් විමසීමට නියමිතය.
 
සජිත් ප්‍රේමදාස මහතා සමග මෙම අවස්තාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුලු විශාල පිරිසක් එක්වීමට නියමිතය.



අදහස් (18)

සජිත් හෙට සිරිකොතදී පාක්ෂිකයන් හමුවෙයි

Rasika Pradeep Wednesday, 20 November 2019 12:36 PM

""""තම ජීවිතයේ ඉදිරි කාලය ශ්‍රී ලංකාවේ දිවියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප කරන බව සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ දිවියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ආරම්භ කළ ‘ප්‍රොජෙක්ට්ලෙපර්ඩ්’ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් එම කාලය කැප කරන බව ද ප්‍රේමදාස මහතා නිකුත් කළ ටිව්ටර් පණිවුඩයේ දැක්වේ.""""" මේක බොරුවක්ද එතකොට..

:       0       2

ගල්කටස් Wednesday, 20 November 2019 12:40 PM

මාධ්‍ය සංදර්ශනය රනිල්ව ඉවත් කිරීමෙ කුමන්ත්‍රණය. පව් අප්පා රනිල් නැත්නම් එයා දිනපු ආසන ගාන කීයද...?

:       0       0

ranwiruwa Wednesday, 20 November 2019 12:46 PM

සජිත් සර් එදාට අපේ රණවිරු ගායට බෙහෙත් ටිකක් ගන්න බැරිවෙයිද?

:       0       28

gonaj Wednesday, 20 November 2019 12:50 PM

සජිත් සර්, එදාට අර නොමිලේ දෙනවා කිව්ව සනිපාරක්ෂක තුවා ගන්න පුලුවන්ද?

:       0       38

Siri Ranatunga Wednesday, 20 November 2019 01:11 PM

ඔබ තුමා ටික කලකට දේශපාලන ක්‍රියාකාරවලින් ඉවත් වී හිටියොත් පක්ෂයේ අනාගතයට හොඳයි.

:       6       113

sena Wednesday, 20 November 2019 01:25 PM

පාක්ෂිකයෝ කිව්වා කියාගෙන ආයේ දේසපාලනේට එනවා නෙවෙයි ඔන්න - සර් කලින් යු එන් පී එකට විතරක් ඇනයක් වෙලා හිටියා - මේසැරේ මුළු රටටම ඇනයක් වුනා.

:       27       65

Hector Perera Wednesday, 20 November 2019 02:06 PM

අපි බලමු කී දෙනෙක් එතන ඉදියිද කියලා.

:       4       25

Kumar Wednesday, 20 November 2019 04:30 PM

බල ලෝබයෙන් ඔලුව ලොකුවෙලා මදිද සිදුවුනදෙය.

:       268       369

Chathuri Wednesday, 20 November 2019 04:50 PM

ඔබ ට ජය කවදත් නියතයි, තරගය කියන්නේ ඒකටයි. දෙන්නෙක් දිනන්න බැහැ , ඔබ පැරදුනා කියන්නේ මනස දුර්වල කට්ටිය. ඡන්ද ප්‍රමාණය ඉතා ඉහලයි, මේ විදියටම ඉදිරියටත් ජනතාවට ආදරෙන්, හොර බොරු වංචා කියනදේ වලින් වැලකි ඉන්න.

:       215       159

Nandalal DE SILVA - France Wednesday, 20 November 2019 08:41 PM

ඕවා අහන්න තිබුනේ ජනාධිපතිවරණයට නාම යෝජනා දෙන්න ඉස්සරවෙලා නේද? දැන් ඉතින් දුවන කෝච්චිය අල්ලන්න තව අවුරුදු පහක් තිස්සේ ඒක පස්සේ හති දමාගෙන, දාඩිය පෙරාගෙන දුවන්න වේවි !!!!!

:       7       120

.රොහාන් දයාදර පැරිස් Wednesday, 20 November 2019 08:55 PM

වාදබේද දුරලා සියලු දෙනා පරාජය පොදුවේ බාරගෙන සමගියෙන් සමාදානයෙන් එක්ව ඉදිරි මහා මැතිවරණය ජයගන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ සජිත් ප්‍රේමදාස මැතිතුමා යන දේපොළ සමග සියලුදෙනා එක්කාසුවෙලා කටයුතු කිරීම ඉතා වැදගත් වේ යයි මගේ යෝජනාව. එක්සත් ජාතික පක්ෂය යුරෝපා සංවිධානය පැරිස් ශාඛාව. රොහාන් දයාදර පැරිස්

:       214       44

lalithmThursday, 21 November 2019 06:17 AM

පරාජිත පක්ෂ නායකයා ඉවත්වීම සාමාන්‍ය දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදය රකින හැම රටකම මෙය කරනවා වෙනසක් නැතිව. එහෙත් එහෙම වෙන්නේ නැහැ මේ ශ්‍රී ලංකාවේ.

:       0       0

Soma dubayi Thursday, 21 November 2019 03:54 AM

අපේ ගමේ සියලු දෙනා යනවා සජිත් මහතා හමුවෙන්න.

:       1       9

Lula Thursday, 21 November 2019 04:08 AM

අනේ මන්දා චතුරිට මොනවා වෙලාද කියලා.

:       0       30

Nandalal DE SILVA - FranceThursday, 21 November 2019 08:58 AM

චතුරි දුකට කියන සීපදයක් .....අනේ කලබල වෙන්න එපා. ඕක තව දවස් කිහිපයකින් මග හැරිලා යාවි.....

:       0       0

Bamunuarachchi Thursday, 21 November 2019 04:51 AM

ලක්ෂ 55 චන්දෙ දීපු සාමාන්‍ය ජනතාව කී දෙනෙක් ගෙදරට ආවාද දුකසැප අහන්න? මීටින්වලට ආපු සෙනග දැක්කාම හිතුවා මුළුරටම මගේ අතේ කියලා. දේශපාලනයේ පරිනත උනානම් ඔහොම හිතන්නේ නැහැ.

:       0       32

Rohana Thursday, 21 November 2019 05:48 AM

මෙතන තියෙන්නේ තරඟයක්. තෝරන්නේ එක්කෙනයි. ඒ නිසා මෙය පරාජයක් ලෙස නොසලකා ‍ධෛර්යමත්ව ඉදිරි දේශපාලන අනාගතය සැලසුම් කරන්නේනම් සතුටුයි. ලක්ෂ 55 ක් තිබෙන නිසා ඔබට හොඳ ජනමතයක් තිබෙන බව පැහැදිලියි.

:       1       0

රොහාන් දයාදර පැරිස් ...!!! Thursday, 21 November 2019 07:59 AM

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු එතුමාගේ කණ්ඩායමත් ආසන පරාදයි. මෙතන නායකතුමාගේ රනිල් වික්‍රමසිංහ මැතිදුන් හෝ එතුමාගේ කණ්ඩායමේ ප්‍රශ්නයක් නොවේ. වෙනත් කාරණා කීපයක් බලපෑ බව බුද්ධිමත්ව සිතත්දී පැහැදිලිවේ. සියල්ලෝ සමගි වී එයට විසදුම් සොයනවා විනා නායකයා එළවීම, අලුත් පක්ෂ බිහිකිරීම නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයල් සොයනවා වගේ වේ. මගේ මතය සියල්ල පසෙකෙලා එකමුතුව මහා මැතිවරණයට මුහුණ දීමට සුදානම් විය යුතුයි යන්න මගේ යෝජනාවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 789 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 102 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 319 1

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 751 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 246 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 306 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site