IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සිංගප්පුරු ගිවිසුමෙන් තහනම් රසායනික ද්‍රව්‍ය ආනයනයට ඉඩ

(විනීතා එම් ගමගේ)

            ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති රසායනික හා විවිධ අපද්‍රව්‍ය රාශියක් සිංගප්පූරු ගිවිසුම හරහා ආනයනයට ඉඩ ලබා දී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය කියයි.

            1976 සිට මෙරට තහනම් කර ඇති පිළිකා කාරකයක් ලෙස දැක්වෙන ඞීඞීටී, මෙන්ම 70 දශකයේ මෙරට තහනමට ලක් කරන ලද එන්ඩ‍්‍රින් ඩයිඩ‍්‍රින් ඇතුළු වල් නාශක රාශියක් ද ආනයනයට මෙම ගිවිසුම තුළින් ඉඩ කඩ ලබා දී ඇතැයි කොළඹ නිපොන් හෝටලයේ දී අද (18) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ප‍්‍රකාශ කළේය.

            2001 දි ස්ටොක්හෝම් සම්මුතිය හරහා ලොව පුරා තහනමට ලක්වූ එහෙත් ශ්‍රී ලංකාවේ 1979 සිට තහනමට ලක්වූ පොලික්ලෝරිනේටඞ් බයි ෆිනයිල් ආනයනයට ද මෙම ගිවිසුම මගින් අවසර දී ඇත.

එමෙන්ම ආනයනයට අවසර දී ඇති අපද්‍රව්‍ය අතර ඉවත දමන බීම බට, නාගරික කැළිකසල දහනයෙන් ඉතිරි වන අළු ආදී ශේෂයන්, විරල පාංශු ලෝහයන් අඩංගු අපද්‍රව්‍ය හා අබලි ද්‍රව්‍ය, කල් ඉකුත් වූ ඖෂධ, නාගරික කැළි කසළ, මළ අපද්‍රව්‍ය ශේෂයන්, සායනික අපද්‍රව්‍ය, ජංගම දුරකථන ආදී අබලි ද්‍රව්‍ය, කඩදාසි කාඞ්බෝඞ් ඇතළු මිශ‍්‍ර කැළි කසළ සහ අබලි ද්‍රව්‍ය, කාර්මික අපද්‍රව්‍ය පුරවන  ලද කොන්ක‍්‍රීට් කුට්ටි, කාර්මික අවශේෂයන් අඩංගු කොන්ක‍්‍රීට් කුට්ටි, ලිතියම්, ටැන්ටලම්, ලිතියම් නයෝබියම් අඩංගු- අපද‍්‍රව්‍ය හා අබලි ද්‍රව්‍ය, නිකල් අඩංගු අපද්‍රව්‍ය හා අබලි ද්‍රව්‍ය, මෙන්ම නිකල් අඩංගු අපද්‍රව්‍ය හා අබලි ද්‍රව්‍ය මේ අතර ඇතැයි හෙතෙම කියා සිටියේය.

            කාර්මික අපද්‍රව්‍ය පුරවන ලද කොන්ක‍්‍රිට් කුට්ට් අතර විකිරණශීලි රසායනික අපද්‍රව්‍ය පුරවන ලද කොන්ක‍්‍රීට් කුට්ටි ද තිබිය හැකි යැයි හෙතෙම කියා සිටියේය.

අන්තර් ජාතික වශයෙන් ගිවිසුම්වලට එළැඹීමේ දී රට තුළපවත්නා ප‍්‍රතිපත්ති හා රෙගුලාසි ප‍්‍රමාණවත් පරිදි කාලානුරූපව යාවත් කාලින කර නොතිබීම මෙහි පවතින ගැටලූවක් යැයි ද විතානගේ මහතා පැවැසීය.  
            මාධ්‍ය හමුව ඇමතූ විතානගේ මහතා මෙසේ ද පැවැසීය.

‘‘ශ්‍රී ලංකාව තුළ කැලි කසල භාවිතා කර බලශක්තියනිපදවීමේ බලාගාර 3 ක් ස්ථාපිත කිරීම අරුවක්කාරු කසළ රඳවනය සඳහා වූ චීන ගිවිසුම යනාදිය ගැන කල්පනා කර බැලීමේ දී සිංගප්පූරු වෙළඳ ගිවිසුම හා ඒවායේ සම්බන්ධතාවය ගැන අදහසක් ලබා ගත හැකියි. 



අදහස් (1)

සිංගප්පුරු ගිවිසුමෙන් තහනම් රසායනික ද්‍රව්‍ය ආනයනයට ඉඩ

sisil Wednesday, 19 September 2018 04:24 AM

ආසියාවේ කුණු කන්ද බවට සුන්දර ලංකාව අනාගතයේදී පත්වන බවයි. දැනට පවතින අධික වූ විෂ කෘෂි රසායනික භාවිතය හා කිසිම කළමනාකරණයක් නැති ඉලෙක්ට්‍රොනික කර්මාන්තශාලා අපද්‍රව්‍ය නිසා මේ පොලොව දැනටමත් නිසරු වෙලා තියෙන්නේ. පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනා මෙයට විරුද්ධ විය යුතුයි. රට දියුණු කරන්න වෙන ඕනෑම ක්‍රම තියෙද්දී ඇයි මේවගේ දේවල් කරන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 7 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 143 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 529 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 950 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 675 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1527 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site