IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සාකච්ඡා අසාර්ථකයි:රේගු වර්ජනය දිගටම

රේගු නිලධාරීන්ගේ  අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය දිගටම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි  රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි.
 

අද (01) රේගු වෘත්තිය සමිති සහ මුදල් ඇමැති අතර අද පැවැති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීම නිසා  මෙම ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කළ බවද ඔවුන් පවසයි.
 
ශ්‍රී ලංකා රේගුවේ  අධ්‍යක්ෂක ජනරාල් පී.එස්.එම් චාල්ස් මහත්මිය ඉවත් කර ඒ වෙනුවට  නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ශමිල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට විරෝධය දක්වා  ඔවුහු මෙලෙස වර්ජනය ඇරැඹුහ.
 
 මෙම වර්ජනය හේතුවෙන්  භාණ්ඩ නිශ්කාශනය කිරීම ඇතුළු සියළු වැඩ කටයුතු ඇන හිට  තිබේ.වර්ජනය අරඹා අදට දින තුනකි.

 

(36698)

 

(ඡායාරූපය - ගයාන් අමරසේකර)



අදහස් (12)

සාකච්ඡා අසාර්ථකයි:රේගු වර්ජනය දිගටම

Nuwan Friday, 01 February 2019 10:29 AM

වැඩකරන මිනිස්සුන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. ඔය දේශපාලකයෝ ඔක්කොම ගෙදර යවන්න ඕනෑ. ගෙදර යන්න බැරි නම් සෝමාලියාවට ගහලා එලවන්න ඕනෑ.

:       17       362

SamanFriday, 01 February 2019 08:06 PM

වෙන රටක නම් තමුන්ගේ යාලුවෙක් දාලා රටට අාර්ථික පාඩුවක් කළානම් නම්බු පිටින් අස්වෙලා යන්න. එහෙම නැත්නම් නීතිය මගින් දොට්ට දානවා. නමුත් මේ අමුතු රටේ මුකුත් වුනේ නැහැ වගේ විලිලජ්ජා නැතුව බලයට කෑදරකමේ එල්ලිලා ඉන්නවා. ඉතින් රට ස්වයංපෝෂිත කරනවලු. මහපුටුවේ ඉඳන් අක්‍රමිකතා හා දුෂණ.

:       0       77

yaha Friday, 01 February 2019 11:03 AM

හරිම දක්ෂයි ඔය සල්ලි හොයාගන්න. එ්කයි ඔය රේගුවේ අය දඟලන්නේ. එයම තියාගන්න. ඔක්කෝටම එකතුවෙලා ගජරාමෙට කන්න පුළුවන්නේ... නැතුව රටට ආදරේට නෙමේ...

:       316       247

Pasan Friday, 01 February 2019 11:22 AM

මේක වෙනවා කියලා කලින්ම අනාවැකිය අාවා..

:       41       20

පිටිගල මිලානෝ Friday, 01 February 2019 12:21 PM

ලංකාවේ ලොකුම අල්ලස් ගනුදෙනුවට සම්බන්ධත් මේ ගොල්ලෝ, සේනා දළඹුවා අාවෙත් මේ ගොල්ලන්ට හොරෙන් හෝ කනින් රිංගලා... ඒ නිසා මේ අයට වර්ජනය කරගන්න ඇරලා විශ්‍රාම ගිය සේවකයන් යටතේ හමුදාව යොදවන්න. ඉස්සරත් හමුදාවේ රණවිරුවන්නේ රට හැමතැනම පරීක්ෂණ මුරපොළවල් දාලයි රාජකාරි කලේ. මේ ටිකත් ඒ අය අකුරටම කරයි.

:       76       77

NuwanFriday, 01 February 2019 12:48 PM

ඒක හරි මහබැංකුවේ ලොකු පුටුවත් හමුදාවේ කෙනෙකුට දෙන්න තිබුණනේ අර ඉස්කෝලේ යාලුවට නැතුව...

:       41       146

පිටිගල මිලානෝFriday, 01 February 2019 02:27 PM

ඉතාලියේ, ස්විට්සර්ලන්තයේ, ප්‍රංශයේ රේගුව සහ ආගමන විගමන කටයුතු කරන්නේ පොලිසියයි. එම කටයුතු ඒ රටවල අකුරට සිද්ධ වෙනවා. අල්ලස් ගැන පුවතක් අහලාවත් නැහැ. ලංකාවේ රේගුව සහ ආගමන විගමනය අතිදූෂිත බව ඔවුන්ම ඔප්පු කර තිබෙනවා. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කල යුතුයි. මේ දෙගොල්ලෝ ගැනම කාටවත් වඩා හොඳින් දන්නේ ඉතාලියේ ඉන්න අපි....

:       204       152

NuwanFriday, 01 February 2019 03:28 PM

මම ඉන්නේ ස්වීඩන් වල.මේ රටවලත් හොරු ඉන්නවා.අහු වුණොත් නීතිය අකුරට.මෙතන වෙලා තියෙන්නේ නීතිය අකුරට ක්‍රියාත්මක නොවෙන තැනට දේශපාලුවන් ඇඟිලි ගහන එක.දුෂිත දේශපාලුවන් හින්ද තමා නීතිය ක්‍රියාත්මක කරන්න බැරි.

:       0       144

Amila Friday, 01 February 2019 01:21 PM

ආර්ථිකය ගැන මෙලෝ දෙයක් නොදන්න සහ පවුල්බර වගේ දේවල් නොදන්න කෙනෙක් තීරණ ගන්න ඉන්නකොට අනවශ්‍ය ප්‍රශ්න ඉබේම ඇතිවෙනවා. මේවා ඇදෙනවා කියන්නේ ආනයන විතරක් නෙමේ අපනයනයටත් බලපානවා. කොහොමත් මේ ආණ්ඩුව ගෙදරයන පාර තමන් විසින්ම වේගයෙන් කපන් යනවා කියන එක නම් පේනවා.

:       13       151

Rata Perata Saturday, 02 February 2019 08:49 AM

මේ ඔක්කොම අයින් කරලා අලුතින් බඳවා ගන්න. ඕනෑතරම් උපාධි තියෙන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා අපේ රටේ...

:       117       36

sujith Saturday, 02 February 2019 11:26 AM

මේක එතරම් ලොකු රාජකාරියක් නොවේ. හමුදා අනු ඛණ්ඩයකට විශේෂ පුහුණුවක් දුන්නම ඇති. ඉන්පසු ක්‍රමයෙන් උපාධිධාරීන් සහ උසස් පෙළ සමතුන් බඳවා ගන්න. හමුදා අධීක්ෂණය පවත්වාගෙන යන්න.

:       32       9

අසරණ රටවැසියෙක් Sunday, 03 February 2019 02:02 AM

යුද්ධය අවසන් කළාට පස්සේ රටේ සෑම අංශයකටම යුධමය වේගවත් සංවර්ධනයක් හඳුන්වා දෙමින් හමුදාමය පසුබිමක් ඇත්තන්ට අත්‍යාවශ්‍ය රාජකාරි වලටත් පුහුණුවක් ලබා දුන්නා නම් මේක වෙන්නේ නැහැ. දැන් එ්කට ප්‍රමාද වැඩියි. අපේ හරක් දේශපාලකයින් කලේ යුද්ධයෙන් පසුව රටේ සල්ලි මංකොල්ල කෑම විනා සැලසුම් සහගත සංවර්ධනයක් නොවෙයි. අපේ අවාසනාවකට ඒ මංකොල්ලකරුවන් ප්‍රතික්ෂේපකොට වෙනත් සුදුස්සෙකුට රට බාරදීමට හැකි දේශපාලන ක්‍රමයක් අපට ඉතිරි වී නැහැ. අද ඇත්තේ රජ ජනතා නියෝජිතයින් විය යුත්තේ කවුදැයි තමා විසින්ම තෝරා එවන සහ එම නියෝජිතයින්ය යයි කියාගන්නවුන් විසින් රජාගේ අභිමතාර්ථයන් සියල්ලට එහෙයි කියන ක්‍රමයකුයි. ඇමතිවරු පත්කරන්නේද ඔවුන්මයි. ඒ ඇමති මණ්ඩලයේ කැමැත්ත ගෙන ඇමති මණ්ඩලයේ අනුමැතිය ලැබුණා යයි පවසමින් රටේ ඕනෑම ජඩවැඩක් කිරීමට ඔවුන් විසින්ම බලපත්‍ර ලියාගන්න යුගයකයි අප සිටින්නේ... දැන් අපට කළහැකි කිසිවක් ඉතිරිව ඇතිද? අපට අපේ නියෝජිතයකු පාර්ලිමේන්තුවට යැවීමට හැකිද? ඉතින් ඇස් අයාගෙන මොවුන්ගේ නාඩගම් බලාසිටිනවා හැර වෙන කලහැක්කේ කුමක්ද?

:       0       5

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 418 3

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3341 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2112 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5643 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4065 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4668 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site