IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සාක්කි දෙන්න උසාවි නොආවාට සිතාසි

(මනෝප‍්‍රිය ගුණසේකර)

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පණතේ දුෂණය නමැති වරද සිදු කළැයි චෝදනා ලැබ සිටින ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහත්වරුන්ට එරෙහි නඩුවේ සාක්කිදීම සඳහා අධිකරණයට නොපැමිණීම සම්බන්ධයෙන් ඉදිරි දින නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස යුද හමුදා කර්නල් නවරත්න අසේල මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා  (25) නියම කළේය.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්කිදීම සඳදහා ඔහු කැඳවනු ලැබුවත් අවස්ථා දෙකකදීම අධිකරණයට නොපැමිණීම නිසා එලෙස නිදහසට කරුණු විමසීමට තීරණය කළ විනිසුරුවරයා ලබන සැප්තැම්බර් මස 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් ඔහුට සිතාසි නිකුත් කළේය.

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමු බවට ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිවද රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස ලබාගත් බවට ‘‘රක්නා ලංකා’’ සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට එරෙහිවද අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාද විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාද අධිකරණයේ පෙනී සිටියහ.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින්ට විදේශ ගත වීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

ඒ සඳහා අවසර ලබා දෙමින් ලබන සැප්තැම්බර් 10 වැනිදා දක්වා ඔවුන් දෙදෙනාට විදේශ ගත වීමට අවසර දුන් විනිසුරුවරයා ඉදිරිපත් වු අනෙකුත් කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්‍යක්‍ෂ තුෂාරී දයාරත්න මහත්මිය සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ නවීන් මාරපන සහ නීතීඥ අජිත් පතිරණ යන මහත්වරුන් ඇතු`ථ නීතීඥ මඩුල්ලක් සමඟ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා පෙනී සිටියේය.



අදහස් (2)

සාක්කි දෙන්න උසාවි නොආවාට සිතාසි

sampath Wednesday, 25 July 2018 11:15 AM

"උසාවි නොආවාට සිතාසි" මම හිතුවා අපේ ජනාධිපති හා අගමැතිතුමාට කියලා...

:       63       83

සතයපාල Wednesday, 25 July 2018 01:05 PM

උසාවියට සාක්ෂි දෙන්න එන්න එපා කියලා "තුටු පඬුරක්" එහෙම ලැබුණද ආයිබෝවං?

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 884 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 170 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1053 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1093 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1382 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1232 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site