IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සාක්කුව ගැන නෙමෙයි හදවත ගැන හිතන්න - ජනපති

(විනීතා එම් ගමගේ / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

නව පත්වීම ලබා සේවය ආරම්භ කරද්දී සමාගම් හිමිකරුවන්ගේ සාක්කුවට වැටෙනවා ද නැත්නම් වැඩ කරන ජනතාවගේ හදවත තුළට වැටෙනවා ද කියා තීරණය කරන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කොළඹ බණඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද(1) පැවැති නවක කම්කරු නිලධාරින් 191 දෙනකුට පත්වීම් පිරිනැමීමේ උත්සවයක් අමතමින් නවක කම්කරු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

තවමත් අර්ථසාධක අරමුදලට දායක මුදල් නොගෙවා සිටින ලක්ෂ දහයකට වැඩි ආයතනවලින් වැඩ කරන ජනතාව වෙනුවෙන් දායක මුදල් අය කර දෙන්නට ප‍්‍රමුඛතාව දෙන්නැයි ද ජනාධිපතිවරයා කම්කරු නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය.

 ‘‘ඔබේ ජීවිතයේ පෞද්ගලික අරමුණු ඉටු කරගන්න ඔබ යොමුවන්නේ ජාතික වගකීමක් සහිත රැකියාවක් සමඟයි. නව පත්වීම් ලබන ඔබ සතුටින් ඇතැයි සිතනවා. ඔබ සතුටින් සිටියත් අද මේ රටේ එක්තරා පිරිසක් මේ මොහොතේ නොසතුටින් සිටින බව ඔබ දන්නවා ද? ස්වභාවික විපත් ගංවතුර සුළං ආපදා ආදී තත්ත්වයන් තුළ ජීවිත කිහිපයක් විනාශ වෙලා. දේපල අහිමි වෙලා. ඒ ගැන රජය නොසන්සුන් වෙලා කලබල වෙලා ඉන්න වෙලාවක්. ඔවුන් ගේ මේ වේදනාව අපත් හවුල් වී සමනය කළ යුතුයි. රජයක් හැටියට ඒ අයගේ සුබ සාධනයට සියලූ දේ අපි කරනවා. ජාතික ආපදා සිදුවූ සියලූ අවස්ථාවන් හිදී ති‍්‍රවිධ හමුදාව පොලිසිය ඇතුළු නිලධාරින්ගේ සේවය අපි අගය කළ යුතුයි‘‘ යැයි ද ජනපති කීය.

 



අදහස් (16)

සාක්කුව ගැන නෙමෙයි හදවත ගැන හිතන්න - ජනපති

daham Friday, 01 December 2017 10:45 AM

මේ අය අර බැඳුම්කරේ කට්ටිය වාගේ.

:       0       119

පිටිගල මිලානෝ Friday, 01 December 2017 11:13 AM

ජනාධිපතිතුමනි ඔය දෙකම ගැන නෙවෙයි මුලින්ම රට ගැන හිතලා හොරු ටික ඇතුලට දාන්න. හොරුන්ගෙන් තොර දේශපාලනයක් බිහි කිරීමේ කටයුත්තට මූලිකත්වය ගන්න.

:       2       94

BamunuarachchiSaturday, 02 December 2017 05:39 AM

ඔව්, ඔව් පිටිගල මිලානෝ කියන විදිහට ලොකුම හොරකම කරපු හොරුන්ගෙන් පටන් ගමු බැංකු හොරකමට මුල පිරුණු තැනින් පටන් ගමු නේද පිටිගල මිලානෝ? එතකොට මාමලා, මාමලාගේ යාලුවෝ, බෑනලා, බෑනලගෙන් කෝටි ගණන් බෝනස් ගත්ත යාළුවෝ, බෝනස් වෙනුවට ගෙවල් ගත්ත අය ඔක්කොම දාමු හිරේ. "හොරුන්ගෙන් තොර දේශපාලනයක් බිහි කිරීමේ කටයුත්තට මූලිකත්වය ගන්න" එ්කට නම් මිනිස්සු සිරි ලංකාවෙන් හොයන්න බැහැ හලෝ. එහෙමනම් අපි රට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් තිබෙන කොම්පුටර් පද්ධතියකට රට බාර දෙමු.

:       0       21

Palitha Galapitiya Friday, 01 December 2017 01:21 PM

සමාගම් කාරයින්ගේ සාක්කුවට වැටිලා ඉන්නේ කව්ද? කියලා දැන් මුළු රටම දන්නවා... ඒකනිසා කෙඳිරි ගෑවට වැඩක් නැහැ...!!!

:       0       507

බද්රානි Friday, 01 December 2017 03:51 PM

ඔය කියන අර්ථසාධක අරමුදලට දාලා තියන සල්ලිත් යහමින් හොරකම් කරලා තියනකොට තව කොහොමද සමාගම් හිමිකරුවන්ට කියන්නේ ඕකට සල්ලි දාන්න කියලා. අඩුතරමේ සමාගම් හිමිකරුවෝ ජනතාවට රැකියාවක් හෝ සපයලා තියනවා ජීවිතය ගැටගහ ගන්න. මේ කොහෙවත් ඉන්න කම්බ හොරුන්ට ජනතාවගේ මුදල් පූජා කරන වෙලාවේ ජනතාවට සේවයක් කරන හාම් පුතුන්ගේ පොකට් එකට ඒ මුදල වැටෙන එක සාධාරණයි. කටින් වැඩ පෙන්නවන නායකයින්ට වඩා ක්‍රියාවෙන් රටට යමක් කරන ක්‍රියාශීලී නායකයින් රටකට වටිනවා.

:       0       156

minipe Friday, 01 December 2017 04:47 PM

පිටිගල මහත්තයෝ, බලය ලැබෙනකම් ඔය පුටුවල ඉන්න අය හිතුවෙත් ඔබ වගේම තමයි.

:       0       1

sathyapala Friday, 01 December 2017 06:27 PM

කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් කියන්න. ඕස්ට්‍රේලියාවත් මතක්වෙයි.

:       0       8

සමන් Friday, 01 December 2017 06:42 PM

ඕක අපිට කියන්නේ නැතුව තමුන්නැහේගේ අගමැතිට කිව්වා නම් තමයි හරි...

:       0       10

Lalith Perera Friday, 01 December 2017 09:51 PM

තමාන්ටම කියා ගන්නවද.. කොහෙද?

:       0       10

කරුණාපාල Friday, 01 December 2017 11:09 PM

අත් දෙකින් බතල හිටවපු අපට කටින් බතල හිටවන මිනිස්සු දැක්කම හිනා යනවා.. අපේ රටේ සමහර දේශපාලකයින්ව දකිද්දී අපි පොඩිකාලේ අපේම යාළුවෝ දෙකට බෙදිලා කරපු හොරා පොලිස් සෙල්ලම මතක් වෙනවා. හොරාගේ පොකට් එකේ සල්ලි ටික පොලිස් කාරයා සෙල්ලමට ගත්තට, සෙල්ලම ඉවර වුණාම අපි දෙගොල්ලෝ හොර සල්ලි ටික බෙදා ගන්නවා.. හැබැයි ඒ අපි විහිළුවට හොරකම් කලේ අර්ථසාධකේ සල්ලි නම් නෙවෙයි.

:       0       15

sandare Friday, 01 December 2017 11:45 PM

ජනපතිතුමනි, සේරටම කලින් ඔබතුමා හිතුවොත් නම් හොඳයි...

:       0       16

සෙනෙවි Saturday, 02 December 2017 12:22 AM

මලක් වගේ වේවි!!! ඔබතුමා බලන් ඉන්න. එහෙම නම් මෙ ලංකාව නෙවෙයි. වාහනයක් ගන්න, හොඳගෙයක් හදන්න (ආදායමට නොගැලපෙන ජීවිත කාලයක් හදන) හොඳ හෝටලයක් අරගෙන කැමරාකාරයො, කේන්දර කාරයො, නැටුම් කාරයො, කියන විදියට උපරිමව වියදම් කරලා වෙඩින් එක ගත්තම වෙන ණය කන්ද පියවන්න සාක්කුවලට වැටෙන්නම වෙනවා.

:       0       0

Cisco Saturday, 02 December 2017 12:35 AM

සාක්කුව ගැන නොවේ. හිතන්න එ් නිසා පරණ නැව් මිලට ගැනීම් කරලා තියෙන වග...

:       0       1

Reks Saturday, 02 December 2017 01:10 AM

ඔව්, ඔව්, මේ ගොල්ලෝ වැටුණොත් දේශපාලකයින්ට ඉඩ නැතිවෙයි කියලා බයට වෙන්නැති.

:       0       1

බණ්ඩාර(කැකිරාව) Saturday, 02 December 2017 03:45 AM

"සාක්කුව ගැන නෙමෙයි හදවත ගැන හිතන්න - ජනපති"' මේ ටික තේරුම් කරලා දියයුත්තේ රටේ සම්පත් විකුණමින් එදාවේල පිරිමහගන්න දඟලන යහපාලන ඇමතිවරුන්ටයි.

:       0       106

senewi Saturday, 02 December 2017 06:43 AM

පාර්ලිමේන්තුවේ අයත් ඔහොම හිතනවා නම් කොච්චර එකක් ද?

:       0       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 592 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1307 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1514 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 902 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 242 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2033 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site