IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘සීඅයිඩීය පැමිණ ප්‍රකාශ සටහන් කරගැනීම දේශපාලන පලි ගැනීමක්‘‘

( විනීතා එම් ගමගේ)

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියට අදාලව තමන්ගෙන් ද ප‍්‍රකාශ  සටහන් කර  ගැනීම සහමුලින්ම දේශපාලන උවමනාවන් මත සිදුවුවක් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය. 

ආණ්ඩුවේ ප‍්‍රධානීන් නොදැන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට තමන් හමුවී ප‍්‍රකාශ සටහන් කර ගන්නට නොහැකි යැයි ඒ අනුව මේ ප‍්‍රකාශ සටහන් කර ගත්තේ ඔවුන්ගේ උවමනාව මත යැයි පෙනෙන බව ද රාජපක්ෂ මහතා කීය. 

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වදහිංසා කිරීමේ සිද්ධිය පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීම සම්බන්ධව මාධ්‍ය වෙත කරුණු දක්වමිනි. එහි දී රාජපක්ෂ මහතා මෙසේ ද පැවැසීය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පස්දෙනෙක් ප‍්‍රකාශ සටහන් කර ගන්න ආවා. පැය තුනක් විතර ප‍්‍රකාශ සටහන් කර  ගත්තා. ඇහුවේ කරු ජයසුරිය කථා කළා ද කියලා. ඔහු කතා කළාට පස්සේ කීත් නොයාර් නිදහස් කළා ද කියලා. කරු ජයසූරිය කතා කළා ද කියල මට මතක නැහැ. කී දෙනෙක් නම් කථා කරනවා ද?  

මේවා දේශපාලන උවමනාවන් ඉටු කරන්න කරන දේවල්. මේ රටේ තත්ත්වය තමයි මේ. මේ ආණ්ඩුව දේශපාලන පළිගැනීම් වල ස්වරූපයයි මේ. ආණ්ඩුවේ නායකයින් නොදැන මේ වගේ සී අයි ඞී එකට මා ගාවට එන්න බැහැනේ. ඒ අයට මෙහෙම වෙන්නේ නැහැ කියල හිතාගෙන ඉන්නේ. මේක පළි ගැනීමක්. මේ වගේ පළිගැනීම් හිර කිරීම්, සිත් රිදවීම් අනන්තව තියෙනවා. ආණ්ඩුව කියනවා අපි පහර දුන්නා කියල. මගෙන් ඇහුවා නිලධාරින් විවේචනය කරල පත්තරේක තිබුණ ද කියල නිලධාරියෙක් ඇහුවා. 

ඒව හැමදාම තියෙන  දේවල් නේ. කරු ජයසූරිය මහත්තයා මට ඒ කෝල් එක දුන්නට පස්සේ කීත් නොයාර් නිදහස් වෙලා ගියාලූ. ඉතින් නිදහස් වෙලා යන එක වැරුද්දක් ද?  

කොහොම වුණත් එක හොඳක් තිබුණා. කරු මට කථා කරාය කියල කියන්නේ රෑ 11.20 ටලූ. එයාලයි කියන්නේ. ඒකෙන් පේනවා මම රෑ 10 ට නිදාගන්නේ නැති බව.’’ යැයි ද රාජපක්ෂ මහතා කීවේය. 

 

 



අදහස් (26)

‘සීඅයිඩීය පැමිණ ප්‍රකාශ සටහන් කරගැනීම දේශපාලන පලි ගැනීමක්‘‘

sumith Friday, 17 August 2018 10:39 AM

ඉතින් නිදහස් වෙලා යන එක වැරුද්දක්ද? අපෝ නැහැ ඔහෙලා ඔක්කොම එකතුවෙලා එයාගේ ඇටකටු තලාපු එක තම වරද, ඔහේ බබා මොකුත්ම දන්නේ නැති , අනේ මට කියන්නකෝ ලොකු පුතා කොහොමද නීති විද්‍යාලේ විභාග සමත් වූ හැටි කියලා... කටේ නරිවාදම්.. රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ ඕවටයි.

:       346       1052

sirimal Friday, 17 August 2018 11:00 AM

අනේ ඔව්. ඒ කාලේ කරපු කියපු කිසිම දෙයක් නීතියෙන් පිට සිද්ධ වුණේ නැහැනේ. අපි දන්නේ නැද්ද ඉතින්...? අර ශ්‍රී ලන්කන් යානා අරගෙන යාලු මිත්‍රයෝ පුරවා ගෙන ලෝකේ පුරා රවුම් ගහපුවා, කොටි ගණනක් වියදම් කරලා වෙසක් බලන්න මැතිණිය ප්‍රංශයට යවපු ඒවා, පවුලේ උදවිය සහ ගෝල බාලයෝ ලෝකයේ සියලුම තානාපති කාර්යාලවල පුරවපු හැටි, පුතා එංගලන්තයේ ඉන්න කාලේ එයාගේ දුක සැප බලාගන්න තව පවුලක් තානාපති නිලධාරී තනතුරු දීල එහාට යවපු හැටි, අනිත් පුතා එක්ක ආපහු එන්න ආසන දෙන්න බැහැ කිව්වාම හිටපු සභාපති එළවලා මස්සිනාට රස්සාව දුන්නු හැටි, හිස් යානාවක් එංගලන්තයට ගන්වාගෙන පවුලේ කට්ටිය ආපහු ආව හැටි, ඡන්දෙ දිනුවට පස්සේ මැතිවරණ කොමසාරිස් තානාපති තනතුරක් දීලා රට පටවපු හැටි, රස්සාවක් වත් නැතුව හිටිය හිච්චි පුතාට රුපවාහිනි සමාගමක්ම ලබා දුන්න හැටි.... තව කොච්චරක්ද? සේරම කියන්න ගියොත් එළිවෙයි. ඕවා ඇදෙන්න තව වැඩි කාලයක් නැහැ. පුච්චානම් කතා කියන්න ඉස්සර උත්තර සුදානම් කරගෙන ඉන්න වෙයි.

:       60       667

appuhami Friday, 17 August 2018 11:12 AM

මේ ආණ්ඩුවත් දේශපාලන පටු අරමුණු ඉටුකරගන්නා නිසා තමයි හොරු ඔක්කොම එළියේ ඉන්නේ !!!

:       13       116

chathuri Friday, 17 August 2018 11:41 AM

සාක්ෂි ලබාගන්න අාපු එක පලිගැනීමක්ද එතකොට...? කිත් නොයාර්ට ගැහැව්වේ ආදරේ වැඩිකමටද මෙයාගේ...? ළඟට ඇවිත් සාක්ෂි ගන්න මොලේ අමරුවක්ද? හිරගෙවල්වලට හොරුන්ව බලන්න යන්න පුළුවන්. මෙයාට සාක්ෂි දෙන්නයි යන්න බැරි. මෙතරම් බයනම් ඔය ආයතන වසා දමන්න. දුප්පත් රටවල විතරයි මේවගේ කොන්ද පණනැති...

:       42       396

RNG Friday, 17 August 2018 03:21 PM

හිටපු ජනාධිපති කෙනෙක් මේ..කාටවත් ඕන විදියට එහෙම කට උත්තර ගන්න බෑ.ඒකට එක්තරා ක්‍රමයක් තියෙනවා.ඒ විදියට තමයි වැඩ කෙරෙන්නෙ..එතකොට අර විජයකලාගෙන් ප්‍රකාශ ගන්න දෙපාමුලට ගිහින් ඇද වැටුණෙ, ඒවා නරක නැතුව ඇති නේද

:       249       50

Chanak Los angelesFriday, 17 August 2018 09:50 PM

හිටපු ජනපති කියනවාට වැඩිය හොඳ පැරදුනු ජනපති කියනවනම් තමයි හරි විධිය ..

:       16       75

nishan Friday, 17 August 2018 12:16 PM

කල කර්මය පල දෙනවා කියන්නේ මේකට තමයි මහත්තයෝ...

:       13       151

රවින් Friday, 17 August 2018 12:58 PM

හපොයි හපොයි අනා ගන්නේ නැතිව කියන්න මම නිවැරදියි. එ් හින්දා බයනැතිව අහන දේට උත්තර දුන්නා කියලා. කව්ද කිව්වේ හත්පොලේ ගාගන්න කියලා...?

:       0       83

laksman Friday, 17 August 2018 12:59 PM

ගරු මැතිතුමනි, ඔහොම කියන්න එපා. ඇත්ත ප්‍රකාශය දීලා නිදහස් වෙන්න. එතකොට හැමදාම හොරා මිනීමරුව කියන්න බැහැනේ...

:       0       42

rocky Friday, 17 August 2018 01:09 PM

මහත්තයෝ, මොළ හේදිච්ච ඔල මොට්ටල රැල ඇරුණාම මේ රටේ විචාර බුද්ධියක් තියන මිනිස්සු ලොකු පිරිසක් තවම ඉන්නවා. ඔහේව දෙපාර්තමේන්තුවට ගෙන්නලා කට උත්තරයක් ගන්නයි තිබුනේ. හරි හමන් පාලකයෙක් මේ රටේ හිටියා නම් මෙලහකටත් හිරේ!

:       17       206

සතයපාල Friday, 17 August 2018 01:17 PM

මේ ආණ්ඩුවේ මෝඩ නායකයෝ දන්නේ නැහැ පලිගන්නවා කියන්නේ මොකක්ද කියලවත්. එක නිසයි ඔබලා නිදහසේ ඉන්නේ රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරන්න අපරාධයක් පිලිබදව අදාල පුද්ගලයන්ගෙන් ප්‍රශ්ණ කිරිම පලි ගැනීමක් කියලා නාහෙන් අඩන්න තරම් දුර්වල නායකයෙක් වු ඔබට.ලසන්ත වීරතුංගට කීත් නොයාර්ට පෝහොද්දල ජයන්තට එකනැලිගොඩට වගේම සරත් ෆොන්සේකාට හෝ ශිරාණි බණ්ඩාරනායකට සළකපු ආකාරයට එහෙම සැලකුවා නම් කොහොමට තියේවිද

:       14       279

ranjith Friday, 17 August 2018 01:35 PM

කිත්නොයර ලංකාවට එන්නෙත් නැහැ මේ නඩුවට ඔහුව මරලත් නැහැ ආබාදිත කරලත් නැහැ. ඉතින් පොලිසියට තියෙන කැක්කුම මොකද්ද මේ නඩුව ඇදගෙන යන අපේ බදු සල්ලි වලින් රට සවාරි ගහ ගහ.

:       257       11

jayantha Friday, 17 August 2018 01:39 PM

නිශාන්, කල කර්මය පලදෙන්නේ ඊළඟ ආණ්ඩුව පිහිටෙව්වට පස්සේ. බලන් ඉන්නකෝ මහත්තයෝ.

:       111       63

arjuna ranawana Friday, 17 August 2018 03:59 PM

එතකොට මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීම බටහිර කුමන්ත්‍රනයක් ද

:       2       59

Perera Friday, 17 August 2018 09:46 PM

අනේ මෙතුමා අවුරුදු 30ක යුද්දේ ඉවර කරලා දුන්නට මෙතුමාට රටේ ඕනෑම දෙයක් නීතිය බලපාන්නේ නැති විදිහට කරන්න ඉඩ දෙන්න ඕනා නේ. ඇයි මේ එක එක දේවල් ගැන ප්‍රශ්න කරන්නේ?

:       0       35

BamunuarachchiSaturday, 18 August 2018 10:34 AM

මෙතුමාටත් තිබුනේ යුද්දය වවාගෙන කන්න

:       1       4

Chanak Los angelesSaturday, 18 August 2018 05:09 PM

සහෝදර සමගම එකතු වෙලා කාල තිබෙන සම්පත් ටික මදිද ?

:       6       7

Sriyal Saturday, 18 August 2018 01:07 AM

මෙහෙම දේවල් අමතක වෙනවා නම් රට පාලනය කිරීමට කිසිසේත් ම සුදුසු නොවේ.

:       18       15

RNG Saturday, 18 August 2018 12:02 PM

එහෙනම් ඉතින් දැන් ඉන්න අය කොහාමටවත් සුදුසු නෑනේ. මෙතුමාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නෙ අවුරුදු ගානකට පස්සෙ. ඒත් ඉතින් දැන් ඉන්න අයට මාස ගානකට කලින් වුනු දේවලුත් අමතකයිනේ ..

:       0       9

Raawana Saturday, 18 August 2018 04:33 AM

ආණ්ඩුවේ ප්‍රධානින් නොදැන රහස් පොලිසිය වැඩ කරනවා කියන්නේ රජයේ බලපෑම් නැහැ කියන එකනේ. එහෙම නේද වෙන්න අවශ්‍ය? ඔයාලගේ කාලේ උනේ රජය දැනුවත්ව කියන එක පැහැදිලි නේද?

:       0       28

Shan Saturday, 18 August 2018 07:13 AM

මේවා මෙයා හැමදාම කියන කතා.

:       0       0

Bamunuarachchi Saturday, 18 August 2018 11:11 AM

මහින්ද මහතා 2020 න් පසු අපිත් වැඩ අල්ලමු

:       0       5

Chanak los angelesSaturday, 18 August 2018 05:07 PM

එදාට වැලිකඩ ඉඳගෙන තමයි වැඩ අලන්න වෙන්නේ

:       0       4

BamunuarachchiMonday, 20 August 2018 05:39 PM

වැඩ අල්ලනවානම් කොහේ ඉඳලා ඇල්ලුවාම මොකෝ.

:       0       0

Sathyapala Saturday, 18 August 2018 02:23 PM

ප්‍රකාශයක් සටහන් කර ගත්තම මොකටද ඔයතරම් කලබල වෙන්නේ? බලයේ ඉන්න කාලේ සිද්ධ වුනේ ඕවාද?

:       4       0

Chanak Los angeles Saturday, 18 August 2018 05:14 PM

අමතක වීම දරුණු විශාධයක් එවන් පුද්ගලයෙකුට දේසපාලනය කිරීම නීතියෙන් තහනම් ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 534 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 106 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 786 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 798 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1200 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1091 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site