IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ශ්‍රී ලන්කන් වසරක ආදායම කෝටි 12,690 යි - පාඩුව කෝටි 1560 යි

හර්ෂණ තුෂාර සිල්වා 
 
2017-2018 මූල්‍ය වර්ෂයේදී රුපියල් කෝටි 12,690ක (රුපියල් බිලියන 126.9ක) වාර්තාගත ආදායමක් ලබා ඇතැයි ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් සමාගම කියා සිටී.  
 
මාර්තු මස 31 වැනි දිනෙන් අවසන් වූ 2017 - 2018 මූල්‍ය වර්ෂයේදී මගීන්ගෙන් ලද විගණනය නොකළ රුපියල් කෝටි 12,690ක  (රුපියල් බිලියන 126.9ක)  වාර්තාගත ආදායමක් ලබා ඇතැයි ද සමාගමේ 38ක වසරක ඉතිහාසයේදී  එලෙස ලද වැඩිම ආදායම යැයි ද ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 
 
ගුවන් සේවයේ මෑතකදී කරන සේවා පුළුල් කිරීම් විශේෂයෙන්ම හයිද්‍රාබාද්, මෙල්බර්න් සහ ගෑන් අයිලන්ඞ්ස් යනාදි නව නගරවලට ගුවන් ආරම්භ කිරීමට එලෙස වාර්තාගත ආදායමක් ලැබීමට හේතුවූ බව එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 
 
ගුවන් සේවයේ භාණ්ඩ අංශය එම මූල්‍ය වසරේදී රුපියල් කෝටි 1,470ක (රුපියල් බිලියන 14.7ක) ආදායමක් ලැබූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
 
කෙසේ නමුත් ඉකුත් මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී පමණක් ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ ගුවන් සමාගම ලැබූ පාඩුව ඩොලර් මිලියන 100 (ආසන්න වශයෙන් රුපියල් කෝටි 1,560) ඉක්මවන බව එම සමාගමේ නව සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා ධුරයේ වැඩ බාරගැනීමෙන් පසු අප්‍රේල් 5 වැනිදා පැවැති පළමු මාධ්‍ය හමුවේදී කීය. 
 
ලබන වසරේ මාර්තු 31 දිනෙන් අවසන් වීමට නියමිත මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව ඩොලර් මිලියන 160ත් 130ත් අගයකට (ආසන්න වශයෙන් රුපියල් කෝටි 2,500ක් පමණ) ඇස්තමේන්තු කර ඇතැයි ද සමාගම ගෙවිය යුතු ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 750කට (ආසන්න වශයෙන් රුපියල් කෝටි 16,800කට) ආසන්න වන බව ද නව සභාපතිවරයා කීය.



අදහස් (8)

ශ්‍රී ලන්කන් වසරක ආදායම කෝටි 12,690 යි - පාඩුව කෝටි 1560 යි

රවින් Tuesday, 17 April 2018 12:16 PM

හා... මැජික් ගණන් හැදිල්ලක් වගේ. එතනත් නුසුදුස්සෝ පාරාදීසයක් බව ප්‍රසිද්ධ රහසක්...

:       0       0

rocky Tuesday, 17 April 2018 12:53 PM

ලොකු මහත්තුරුන්ගේ සොච්චම් පඩිය පොඩ්ඩක් වැඩි කෙරුවොත් හිතට අරගන වැඩ කරාවි නේද? ආන්න එතකොට ලාභ ලැබේවි!

:       0       0

sampath Tuesday, 17 April 2018 02:26 PM

ආදායම කෝටි 12,690 ක් වුනාට වැඩක් නැහැ වියදම වැඩි නම්. වියදම් අඩු කරන්න ඕනේ නම්, ශ්‍රී ලන්කන් සේවකයන්ට ලබාදෙන ඉතා ඉහල වැටුප් අඩු කර අතිරික්ත සේවකයන්ව ඉවත් කලයුතුයි. එසේ නැත්නම් සේවාවන් කොටසක් අඩු වියදමකින් පාලනය කිරීමට අවුට්සොස් කල යුතුයි.

:       0       0

සතයපාල Tuesday, 17 April 2018 02:46 PM

පාඩු ලබ ලබා ඕක කරන්න ඕන නැහැ වහලා දැම්මා නම් හරි නැත්නම් කාටහරී බදු දෙන්න පුළුවන් එතකොට අපිට පාඩුවක් වෙන්නේ නැහැ.

:       0       0

sanath Tuesday, 17 April 2018 06:38 PM

කාලෙකට පස්සේ හොඳ නිවුස් එකක් ඇහුවා. දැන් ඉතින් පඩි නැතුව වැඩ කරනවා කීව අධ්‍යක්ෂක මණ්ඩලය ඇති තරම් බෙදාගනියි.

:       0       0

de silva berlin Tuesday, 17 April 2018 07:49 PM

ඉස්සර මේක පුද්ගලික අංශය විසින් පාලනය කරනකොට ලාභ ලැබුවා නේද? මේක පුද්ගලික අංශයට දුන්නොත් වසරකට කෝටි 1560 ම බදු සල්ලි ඉතුරුවෙනවා නේද ? එම මුදලෙන් වසරකට ලංගමට බස්රථ 2000 - 2500 අතර ප්‍රමාණයක් එකතු කරන්න පුළුවන් නේද ? පසුගිය වසර 10 තුල සෑම වසරකම මෙවැනි විනාශයක් සිදුවුණා නේද ? ලංගමට වසරකට බස්රථ 2000 බැගින් පසුගිය වසර 10 තුල අලුත් බස්රථ 20000 එකතු කරානම් අපේ පොදු ප්‍රවාහන සේවය ගොඩක් දියුණු කරන්න තිබුන නේද ? ලංකාවේ ජනගහනයෙන් 80% පමණ තම ජිවිත කාලය තුලම ශ්‍රී ලන්කන් ගුවන් යානයක ගමන් කරන්නේ නැත , තත්වය එහෙම තිබෙද්දී ඔවුන්ගේ බදු සල්ලි මේ වැනි දේවලට යොදන එක සාධාරණද ?

:       0       0

ලුම්බිණි Wednesday, 18 April 2018 05:54 AM

ඉකුත් මාර්තු 31 වැනි දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී පාඩුව = ඩොලර් මිලියන 100 ලබන වසරේ මාර්තු 31 දිනෙන් අවසන් වීමට නියමිත මූල්‍ය වර්ෂයේදී බලාපොරොත්තු වෙන පාඩුව = ඩොලර් මිලියන 130-160 (මේ වසරට වඩා මිලියන 30-60) මේ දක්වා සමාගම ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය = ඩොලර් මිලියන 750 තවත් කුමන කතාද?

:       0       17

nishan Wednesday, 18 April 2018 06:42 AM

මෙල්බර්න්වලට ගමන් කරන්න යැයි ඉල්ලුවේ මීට අවුරුදු 10කට පමණ කලින්. ගිය ආණ්ඩුවේ උදවිය ඒක තමුන්ගේ පුද්ගලික දේපලක් බවට පත් කරගෙන හිටියා. ලාභ ලබන කිසි දෙයක් කලේ නෑ. කොමිස් ගහන්න, පවුල සංවර්ධනය කරගන්න පුළුවන් දේවල් විතරයි කලේ...

:       1       29

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 398 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 824 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 966 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 666 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 179 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1828 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site