( තිළිණි ද සිල්වා )
සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගෙන් මුදා ගැණුන ඒරීස් - 13 ඉන්ධන නෞකාවේ කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයින් අටදෙනා යළි දිවයිනට පැමිණීමට තව සතියක් පමණ ගතවනු ඇතැයි ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල ආංරචි මාර්ග සඳහන් කර සිටී. එම ලාංකිකයින් පිරිසට සිය ඥාතීන් අතර පැමිණිය හැකි වන්නේ නැව අයත් ඩුබායි නැව් සමාගම විසින් වෙනත් නැවියන් ගෙන් යුතු කාර්ය මණ්ඩලයක් වෙත ඔවුන්ගේ රාජකාරී කටයුතු පැවරීමෙන් හෝ අනුයුක්ත කිරීමෙන් පසුව වන අතර එම ක්‍රියාවලිය සඳහා අවම වශයෙන් සතියක පමණ කාලයක් ගත වන බවද එම තනාපති ආරංචි මාර්ග කියා සිටී.
පුරා දින පහක් තිස්සේ සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ සිට බේරා ගැණුන ශ්‍රී ලාංකික නැවියන් අට දෙනා පැය අටක මුහුදු ගමනකින් අනතුරුව අද (19) සෝමාලියාවේ ස්වයං පාලන ප්‍ර දේශයක් වන පන්ට්ලන්ඩ් හි බොසාසෝ වරාය පරිශ්‍රයට ආරක්ෂිතව ළඟා වූයේය. එහිදී ඔවුන් පිළිගැනීම සඳහා ඒරිස් 13 නෞකාව අයත් ඩුබායි නැව් සමාගම් බලධාරීන් පිරිසක් ද පැමිණ සිට ඇත.
ශ්‍රී ලාංකිකයින් මුණගැසී ඔවුන්ගේ සුව දුක් විමසීම සඳහා සෝමාලියානු ජනාධිපති මොහොමඩ් අබ්දුල්ලාහි මෙහොමඩ් අද (19) එම නෞකාවට පැමිණීමද විශේෂත්වයකි.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශ්‍රී ලාංකික නැවියන් එන්න සතියක් යයි