(අංජුල මහික වීරරත්න)
අගමැතිවරයාට හා රජයට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය දුන් කැබිනට් ඇමැතිවරු 6 දෙනා ඇතුළු මැති ඇමැතිවරුන් 16 දෙනාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ සියල්ලක්ම ඒකමතිකව තීරණය කර තිබේ.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාටද තනතුරේ විශ්වාස භංගත්වයට පත් කළ බවට ගෙනා විශ්වාසභංගයට සහාය දීමටද හවුල්කාර පක්ෂ තීරණයක සිටියි.
එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ වල ඉහත තීරණය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සහ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට දැනුම් දුන් අතර සති අන්තයේදී ඉහත තීරණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීමට තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාට හා රජයට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළ ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු සියලු කණ්ඩායම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ට එරෙහිව ගෙනෙනා විශ්වාසභංග යෝජනාවේදී එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්ව ජන්දය ප්‍රකාශ කරන බවත් සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.
ඇමැතිවරුන් 6 දෙනාද රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 9 දෙනා සමඟ නියෝජ්‍ය කතානායකවරයාට එරෙහිව ගෙනෙනා විශ්වාසභංග යෝජනා වැඩි ජන්ද 50කට වැඩි ගණනකින් ජයග්‍රහණය කරනා බවද සභා නායකවරයා ප්‍රකාශ කළේය.
රජයට හා අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ජන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුවට නොපැමිණි ශ්‍රීලනිප මැති ඇමතිවරු කිහිප දෙනෙකුද මේ අවස්ථාවේදී එක්සත් ජාතික පෙරමුණ සමඟ ඡන්දය ප්‍රකශ කරන බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.
මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න
පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදා
මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. පැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශ්‍රිලනිප 16ට එරෙහි විශ්වාසභංගයට එජපෙ සහාය
Ashan Friday, 06 April 2018 07:06 AM
හොද වැඩේ. ලැජ්ජාවක් නැති මිනිස්සු.
sirimal Friday, 06 April 2018 08:45 AM
යන්න කියනවා. යන්නේ නෑ කියනවා. යන්න අවශ්‍ය නෑ කියනවා.පර්ලිමෙන්තුවේ ඉන්න ආණ්ඩුව එක්ක වැඩකලහැකි සියලුම දෙනාට එන්න කියනවා. අලුතෙන් විශ්වාසභංග පෝලිමේ එනවා. ඕකෙන් මේකෙන් දන්නෙම නැතුව 2020 ත් එයි. එදාට වෙන්නේ සේරටම කුද ගහගෙන වල පල්ලට යන්නයි. හිර කාමරේ පොළොව පලාගෙන අවීචි මහ නරකාදියට යවනවා කියල කියපු උද්වේගකර කතා බතා දැන් එහෙම පිටින්ම අමතක වෙලා. අනේ මන්දා කවදා පාඩමක් ඉගෙනගෙන පොරොන්දු උන වැඩේ කරයිද කියල.