(ජේ.කේ.එල් චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
වීසා නොමැතිව මෙරට රැදි සිටි චින ජාතිකයකු මාගාල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙකී චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය විසින් ඔහු පරික්ෂා කරන අවස්ථාවේ මොහු ළඟ විදේශීය ගමන් බලපත්‍රය හා වෙනත් කිසිදු ලියවිල්ලක් නොතිබු බව වරාය පොලිසිය කියයි.
මොහු 2017 වර්ෂයේ මාර්තු 19 වැනි දා මෙරටට පැමිණ තිබේ. ඔහු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදි සිටිමින් චින ජාතිකයින්ට සංචාරක මඟ පෙන්වන්නකු ලෙස කටයුතු කර ඇති බවද පොලිසිය කියයි.
මොහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ මොහු සතුව ඇමෙරිකානු ඩොලර් 2705ක්, හොංකෝ ඩොලර් 500ක් හා රුපියල් 1.61000ක මුදලක් තිබු බවද පොලිසිය කියයි.
මෙකී චීන ජාතිකයා පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවට ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුව හා සංචාරක පොලිසිය වෙත දැනුම් දී ඇති බව පොලිසිය කියයි.
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.
පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල
ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල
කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.
යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වීසා නැතිව සිටි චින ජාතිකයා අත්අඩංගුවට
Mahee Monday, 02 July 2018 09:10 AM
කොහොමද මිනිහ ගුවන් තොටුපළෙන් පිටවුනේ? මං හිතන්නේ හම්බන්තොට ලඟින් යන නැවක් මිනිහව මුහුදට හලාගෙන යන්න ඇති.