IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වැස්සෙන් පුත්තලමේ පවුල් 1486 ක් අවතැන්


 
(ජුඩ් සමන්ත)


වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 1486 ක පුද්ගලයින් 5862 ක් අවතැන් වී සිටින බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.


ප්‍රදේශයේ ලොකු කුඩා වැව් සියල්ල මේ වන විට පිරී ගොස් අවසන් වී ඇත.


කඩුපිටිඔය පිටාර ගැලීම හේතුවෙන් හලාවත - කොළඹ මාර්ගය මාදම්පේ සහ මහවැව ප්‍රදේශ ජලයෙන් යටවී ඇත. මෙම මාර්ගයේ බර වාහන පමණක් ගමන් කරන අතර,සැහැල්ලු වාහන සහ යතුරුපැදි ගමන් කිරීම අනතුරු දායක බව පොලීසිය සදහන් කරයි.


කටුපත වැව පිටාර ගැලීමත් සමඟ මහාමාඑළිය වැව් බැම්ම කැඩී යාමත් සමඟ පුත්තලම - හලාවත මාර්ගය බත්තුළුඔය ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇත.


රතඹලාඔය පිටාර ගැලීම හේතුවෙන් ආණමඩුව - හලාවත මාර්ගය සේරුකැලේ ප්‍රදේශයෙන් ජලයෙන් යටවී ඇති අතර, මදවක්කුලම ගම්මානයේ ස්ථාන කීපයක්ද ජලයෙන් යටවී ඇත. මදවක්කුලම ගම්මානයේ කිරි ගවයින් විශාල පිරිසක් ජලයට ගසා ගොස් ඇති බව ගම්වැසියෝ පවසති.


කලාඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා පුත්තලම - මන්නාරම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණ හිට ඇත. එළුවන්කුලම සපත්තු පාලමෙන් අඩි 3 ½ ක පමණ ජලයක් ගලා යන බව නාවුක හමුදාව සඳහන් කළේය.


තබ්බෝව ජලාශයේ ජල මට්ටම අඩි 16 යි අගල් 03 ක් දක්වා ඉහළ නැග ඇත. එහි වාන් මට්ටම වන්නේ අඩි 17 ½ ක් බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියයි. රාජාංගනය ජලාශයේ වාන් මට්ටම අඩි 34 ½ ක් වන අතර,මේ වන විට ජලය අඩි 33 දක්වා ඉහළ ගොස් ඇත. 


දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8 ක් අඩි 1 බැගින් විවෘත කර ඇත. ඉන් තත්ත්පරයට ජලය ඝන අඩි 25000 ක් දැදුරු ඔයට මුදා හැරේ. මෙම තත්ත්වය නිසා දැදුරු ඔයද පිටාර ගලන්නට පටන් ගෙන ඇත.
 
මේ අතර,මුහුද රළු වීම හේතුවෙන් මහවැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩාමඩු වැල්ල මුහුදු තීරය සහ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරුකුපනේ වෙරළටද හානි සිදු වී ඇත.



අදහස් (1)

වැස්සෙන් පුත්තලමේ පවුල් 1486 ක් අවතැන්

සමීර Tuesday, 22 May 2018 05:03 AM

ලංකාවේ මහා වැව් හැරුනම ග්‍රාමීය වැව් 8000 ක් තියෙනවා. වේලිලා ගිය ඒවත් එක්ක එක්ක බලනකොට 12000 කට ලං වෙන්න තියෙනවා. වැව් 8000 ක් පිරෙන්න වැස්සද දැන්? පායන කාලෙට ඒවා සුද්ද කරන්න ආණ්ඩුවට ඕනෑකමකුත් නෑ. ගම් වල ඉන්න මිනිස්සුන්ට උවමනාවකුත් නෑ. වැව් හැදිල්ල පැත්තකින් තියමු. ගමේ පන්සල, පල්ලිය වත් මුල් කරගෙන ආධාර ටිකක් එකතු කරලා ගමේ අය එකතු වෙලා පාරේ වලවල් ටික වහගන්නවද? අතපය හොලවන්නේ නැතුව කට විතරක් හෙල්ලුවොත් ජාතියම හේදිලා යනවා තමයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 313 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2799 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 600 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1242 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 162 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 100 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site