IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වසර 23 කට පෙර නිවෙස් හිමිකාරිය මරා දැමී යැයි මෙහෙකාරියට මරණ දඬුවම


(මනෝප‍්‍රිය ගුණසේකර)
 
නිවෙස් හිමිකාරිය මරා දැමීමේ චෝදනවට වරදකරු වු නිවසේ මෙහෙකාරියට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (05) මරණ දඬුවම නියම කළේය.


මීට වසර 23කට ඉහත සිදුවු මෙම ඝාතනය සම්බන්ධයෙන් වරදකාරිය වී මරණ දඬුවම නියම වී සිටියදී හොර රහසේ විදේශගතව සිට ආපසු ලංකාවට පැමිණීමේදී අල්ලා ගත් මුත්තුසාමි සරස්වතී නමැති කාන්තාවට මෙලෙස මරණ දඬුවම නියම කළේය.


1995 මැයි මස 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කිරුලපන ප‍්‍රදේශයේදී කුසුම්සිර අමරාවති නමැත්තියගේ මරණය සිදුකළ බවට විත්තිකාරියට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.


මේ සම්බන්ධයෙන් වු නඩුව විභාග කෙරෙන අතුරතුරදී විත්තිකාරිය හොර රහසේ විදේශගතවීම නිසා ඇය නොමැතිව නඩුව විභාග කොට විත්තිකාරියට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් ඇය එම චෝදනාවට වරදකාරිය බවට තීරණය කොට තිබිණි.

 

ඒ අවස්ථාවේදී ඇය අධිකරණයේ පෙනී නොසිටීම නිසා ඇයට මරණීය දඩුවම නියම කළ අතර ඇය අල්ලා ගැනීම ස`දහා ඇයට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කොට තිබිණි.


එසේ තිබියදී විත්තිකාරිය යළි ලංකාවට පැමිනීමේදී ඇය අල්ලා ගෙන තිබු අතර ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇයට එරෙහිව නියම කොට තිබු දඬුවම කි‍්‍රයාත්මක කිරීමට විනිසුරුවරයා නියම කළේය.



අදහස් (1)

වසර 23 කට පෙර නිවෙස් හිමිකාරිය මරා දැමී යැයි මෙහෙකාරියට මරණ දඬුවම

Chanak Los angeles Tuesday, 05 June 2018 04:53 PM

දේසපාලනික නොවන මිනීමැරුම් වලට ලස්සනට නීතිය ක්‍රියාත්මක වෙලා දඬුවම් ලබාදෙනවා. දේසපාලනික මිනීමැරුම් අවිනිශ්චිත ගිණුම් වලට බැර වෙනවා. හරි ලස්සන නීතිය. අපිට මතක් වෙන්නේ රන්ජන් නීති පද්දතිය ගැන කියපු දේවල් තමයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 127 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 490 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 489 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 748 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 643 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 97 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site