IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වසර තුනක ඇවන්ට්ගාඩ් මෙහෙයුමෙන් නාවික හමුදාවට කෝටි 560ක්

නිමල කොඩිතුවක්කු
 
ඇවන්ට්ගාඩ් සමාගම  නාවික හමුදාව යටතට පත්කිරීමෙන් පසු 2015 වසරේ සිට මේ දක්වා කාලයේ  රුපියල් කෝටි 560ක මුදලක් උපයා ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදි අද(18)  පැවසීය.

 
ඇවන්ට්ගාඩ් සමාගම පවත්වාගෙන ගිය මුළු කාලය තුල  නාවික හමුදාවට ගෙවා ඇත්තේ රුපියල්  කෝටි 180 ක මුදලක් පමණක් බවත් එය මේ දක්වා උපයා ඇති මුදලෙන් තුනෙන් එකක් බවත් ඔහු සඳහන් කරයි.
 
මෙම ගණුදෙනුව හේතුවෙන්  එම කාලයේ රටට අවම තරමින්  බිලියන  පහ හයක් අහිමි වූ බවත්  ඇමැතිවරයා කීවේය. ඔහු මේ බව කීවේ  කොළඹ 07, නිදහස් ආකේඩ් පරිශ‍්‍රයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
 
ඇවන්ට්ගාඩ් සමාගම නාවික හමුදාව යටතට පත්කිරීමෙන් 7000කට රැකියා අහිමිවූ බවට නැගෙන චෝදන සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්  නාවුක හමුදාව යටතේ වෙනත් සමාගම්  වල අය, විදේශ ජාතිකයන්  මුහුදු ආරක්ෂක සේවාවේ නිරත වන බවත් අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් කීවේය.



අදහස් (10)

වසර තුනක ඇවන්ට්ගාඩ් මෙහෙයුමෙන් නාවික හමුදාවට කෝටි 560ක්

Cisco Monday, 18 June 2018 02:53 PM

පහුගිය කාලයේ රටට ලැබුණු මුළු විදේශ විනිමය සහ රජය පවරාගත් පසු රටට අහිමි වූ මුළු විදේශ විනිමයත් සංසංදනය කළා නම් තමයි හොඳ... නැතිනම් ප්‍රාදේශීය ඡන්ද ප්‍රතිඵල විග්‍රහ කළා වගේ තමයි.

:       154       336

vernonMonday, 18 June 2018 04:52 PM

ඇයි ඔබට බැරි.. එහෙම නම් ඒ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න? ඇවන්ට් ගාඩ් එකේ සේවකයෝ දොට්ට දැම්මේ ඒ සමාගමම තමයි. රජයක් එයාලට සේවකයෝ බඳවාගන්න කිව්වෙත් නෑ. එළියට දාන්න කිව්වෙත් නෑ.

:       330       324

රජින්ද Monday, 18 June 2018 05:11 PM

එතකොට පහුගිය රජය සමයේ එවකට යුද්ධය සඳහා ඍජුව දායක වෙච්ච නිලධාරීන්ට ඔවුන්ගේ සේවා කාලයෙන් පසුව රටට බරක් නොවී ජීවත්වීමට ක්‍රමයක් සැකසීම.. මේ වගේ රටක නූගතුන් මැද ජීවත්වන නූගත් මිනිසුන්ට මහලොකු දැවෙන ප්‍රශ්නයක් වුනාට වෙනත් රටවල මෙහෙම දේවල් සාමාන්‍යයෙන් සිදුවන ඒවා. අපේ රටේ යමක්-කමක් තේරුම්ගන්න පුළුවන් අයට වැටහුණත් මෙයාලගේ බොරු කතා විශ්වාස කරන පිරිසට මේවා ලොකු මැජික් වගේ ඇති තවම...

:       636       635

sanathMonday, 18 June 2018 07:13 PM

ඔබ හරියට හරි.

:       0       0

කෑගල්ලේ- සමනයාTuesday, 19 June 2018 03:02 AM

හමුදා නිලධාරීන්ට විශ්‍රාම වැටුපක් දෙන්නේ ඔවුන්ට ජීවත් වීම සඳහා බව ඔබ නොදන්නේද? අවශ්‍යනම් ඒ අයට අවුරුදු 55 වනකම් සේවය කිරීමේ පහසුකමද සලසා තිබේ.

:       15       1

lakshmanTuesday, 19 June 2018 11:14 AM

ඔබ වැනි සියල්ල දත් අය සිටින නිසා තමයි මේ රටට මහේම වෙලාතියෙන්නේ. හමුදාවේ සේවය කරන මිනිසුන් තම තරුණ කාලයම කඳවුරුවලට හිරවෙලා සුළු වැටුපක් පමණක් ලබා උඹලා වගේ එවුන්ට නිදහසේ ඉන්න මේ රට යුධ භියෙන් රැකලා විශ්‍රාම ගිය අපට ලැබෙන රුපියල් 20,000/- පමණ පෙන්ෂන් එකෙන් අපගේ පවුල් ජීවත් වෙයල්ලා කියල අපට කියන්නේ උඹලා කොයිතරම් කුහක, දුෂ්ඨ මිනිස්සුද . අපට දැන් හිතෙනවා යුද්දෙදි මරුනනම් හොඳයි කියල.

:       0       44

රන්ජිත් පෙරේරා Monday, 18 June 2018 09:40 PM

අයියෝ මේවා අහලා අපිට එපා වෙලා

:       0       1

Chanak Los angeles Tuesday, 19 June 2018 01:15 AM

මොන තර්ක විතර්ක ගෙන ආවත් බලය අතට ගන්නා දේශපාලකයා රටේ සම්පත් හොරා කනවා ...... නැතිනම් කොහොමද පිච්චියක් අතේ නැතුව සිට දේශපාලන බලය ලැබුණු අර වංශවත් පුද්ගලයා මාලිගාවක් හැදුවේ?

:       0       5

රවින් Tuesday, 19 June 2018 03:17 AM

ඇමතිවරු තමන්ගේ විෂයන්ට අදාළව පමණක් කතා කලොත් තමා වඩාත් සුදුසු. අනිකුත් විෂයන් පිළිබඳව ඒ ඒ ඇමතිවරු කතා කරයි. අච්චාරුවේ මුල ඕක තමයි. හැම දේටම හොට දාන්න යනවා.

:       0       22

L.Lokuge Tuesday, 19 June 2018 04:58 AM

අවන්ට් ගාර්ඩ් සභාපති සත්පුරුෂයෙක්. අසරණ/ආබාධිත මිනිසුන්ට උදවු කරපු දෙවියෙක්. ඔහු නිත්‍යානුකූල ව්‍යාපාරයක් කලේ. නොදන්නවානම් කරුණු සොයා බලාගනු. තමන්ගේ කුහක, දුෂ්ඨ, දේශපාලන වාසිය වෙනුවෙන් මේ කරන චෝදනා සියල්ල බොරු. හමුදාවකට බිස්නස් කරන්න බෑ කියා නාවික හමුදාපතිම කීවා, අවන්ට් ගාර්ඩ් එකේ සේවය කරණ ලද විශ්‍රාමික රණවිරුවන් දහස් ගණනකගේ රැකියා අහිමිඋනා එමනිසා ඔවුන්ගේ පවුල්වල අඹුදරුවන් අනාත උනා. බැංකුවලින් ගත් නිවාස ණය, ලීසිං සහ වෙනත් ණය, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ල, පවුලක ජීවත්වීමට අවශ්‍ය මුදල් එකවර නැතිඋනාම එම පවුල් අනාත වෙන්නේ නැතිව මොකද්ද වෙන්නේ. අපි පාරට ඇදලදාල ඔබට සතුටින් සිටිය හැකිද ?

:       0       72

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 537 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 107 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 791 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 805 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1206 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1092 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site