IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘වස්කඩුවේ අනතුර වී ඇත්තේ ලංගම බසයේ රියදුරුගේ වරදින්‘

 (ඉන්දිකා රාමනායක)
 
ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්  වස්කඩුවේ දී  සිදු වු අනතුර  ලංගම බස් රථයේ රියදුරුගේ දැඩි නොසැලකිල්ල  මත සිදු වී ඇතැයි  පරීක්ෂණ  වලදී හෙළි වු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
ඇල්පිටියේ  සිට කොළඹ බලා ගමන්ගත් මෙම  ලංගම බස් රථය  වෙන් වාහනයකට ඉස්සර කිරීමට යාමේ දී ප‍්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි  පෞද්ගලික බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.
 
මෙම අනතුරින්   එම රියදුරු ඇතුලූ  6 දෙනෙක්ට දිවි අහිමි වු බවත් තවත් 62 නෙත් තුවාල ලබා ඇති බවද    ගුණසේකර මහතා පැවසීය.
 
මෙම වසරේ ජනවාරි මස 01 වැනි දින සිට අගෝස්තු  02 දින දක්වා  සිදු වු මාරක රිය අනතුරු වලින්  පුද්ගලයන් 1629 දෙනෙක් මියගොස් ඇති බව රුවන් ගුණසේකර මහතා කීය.
 
 මෙම මාරක රියඅනතුරු වලින් සියයට 60 ක ප‍්‍රමාණයක්   රියදුරන් අපරික්ෂාකාරි ලෙස රථ ධාවනය කිරීමෙන් සිදු වු  අනතුරු බවද පොලිසිය රුවන් ගුණසේකර මහතා කීය. රියදුරන් කල්පනාකාරි ලෙස රථ ධාවනය කරන්නේ නම් මෙම සියයට 60 ක අනතුරු ප‍්‍රමාණ්‍ය වලක්වා ගැනීමට හැකි වු බවද පොලිස් මාධ්‍ය  ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (17)

‘වස්කඩුවේ අනතුර වී ඇත්තේ ලංගම බසයේ රියදුරුගේ වරදින්‘

Shan Sunday, 04 August 2019 11:41 AM

පගාව නොගෙන දැඩි නීති පෙන්නුවොත් අනතුරු ගොඩක් අඩුවෙයි. දුකයි අහිංසක අපේ අය...

:       0       367

RaveendraSunday, 04 August 2019 12:20 PM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි.. මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අවංකව සේවය කරන නිලධාරින් සිටින්නේ නම් මේවා ගැටළු නොවේ... අවාසනාවකට පොලිසිය නමැති ආයතනයේ සිටින්නේ වැඩිපුරම වංක නිලධාරීන් බව ප්‍රසිද්ධ රහසකි. එය හැඟීමට අවශ්‍ය නැත. එනමුත් එවන් "වැඩි පිරිසක් වංකව" තම බඩගෝස්තරේ වෙනුවෙන් නිලඇඳුමේ වටිනාකම බල්ලට දමා ක්‍රියාකරන නිලධාරීන් " අතරේ ඉතාම අවංක නිලධාරින් " නැතුවාම නොව. අප සැමවිටම එවන් අවංක නිලධාරීන්ට අපගේ හදවතින්ම ජය ප්‍රාර්ථනා කරන්නෙමු. තවද මෙවන් ගොන් තකතීරු රියදුරන් හට (ඇත්ත වශයෙන්ම මෙම රියදුරන්ගේ අහිංසක මෑණියන්දලා නිකරුනේ හෙම්බිරිස්සාවට කොත්තමල්ලි තම්බනවා විය හැක. පව් ඒ අහිංසක අම්මලා) අසීමිත දඩ මුදල් මෙන්ම හිරේ විලංගුවේ දැමීමෙන් අනිකුත් පාදඩ රියදුරන් ඉබේම තම වගකීම කරනු ඇත.

:       22       369

Bamunuarachchi Sunday, 04 August 2019 12:45 PM

ඔව් ඉතින් බොහෝදුරට අනතුරක් වෙන්නේ කාගේ හෝ වරදකින් බව අපි දන්නවා. රට අනතුරට වැටුනේ අර 62 වරදින් බවත් දන්නවා. ඒ අනතුරෙන් දැනට 260ක් මැරුණා..

:       217       190

vernonSunday, 04 August 2019 02:10 PM

ඔය බමුණා කියන්නෙත් පුත්තලන් බූරුවෙකුගේ වයසට සමාන කාලයකට ඉස්සර වෙච්ච වැ‍රැද්දක්නේ, නේද?

:       49       30

BamunuarachchiMonday, 05 August 2019 01:39 AM

ඔව් ඔව් ඔබගේ වයසට කලින් සිද්ධ වෙච්ච සිද්ධියක් එත් වර්නන් තාම ඉන්නවනේ.

:       0       0

BamunuarachchiMonday, 05 August 2019 01:33 PM

ඔව් ඔව් ඔබේ වයසට කලින් කලින් වෙලා තාම විඳවන සිද්ධියක්...

:       0       0

gamarala Sunday, 04 August 2019 01:23 PM

ඔබගේ නිරීක්ෂකයින් යොදවා ප්‍රධාන මාර්ගවල වීඩියෝ කැමරා සහිතව දින 5ක් නිරීක්ෂණය කළොත් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වේවි... පාරට බැස්සොත් දකින්නෙම නොහික්මුණු රියදුරන්ගේ වැඩකිඩ තමයි. මේ නිසා හරි මිනිහා අමාරුවේ...

:       0       186

RaveendraSunday, 04 August 2019 03:39 PM

ගමරාල මයා වෙත, එම නිහීන ක්‍රියාවන්ට වැඩකිඩ ලෙස අර්ථ දැක්වීම වැරදිය.

:       0       2

Rohitha Sunday, 04 August 2019 02:10 PM

පෞද්ගලික බස් හිමියන්ගේ දඩ තවත් වැඩි කරන්න ඕනේ...

:       0       110

kujitha Sunday, 04 August 2019 03:18 PM

මෑතකදී අත්හිටවූ 48 බස් ධාවනයක් මාසිකව ලක්ෂ 10ක් එම මාර්ගයේ පොලිසිවලට අරක්කුවලට පමණක් දුන්නා කියා එහි වැඩ කරපු රියදුරුතුමෙක් කීවාලු. මොකද බලපත් නැතුව තමයි දුවලා තියෙන්නේ. අත්හිටුවේ වියදම වෙඩි නිසා වාරික ගෙවාගන්න බැරි නිසාලු. ඉතින් තවත් මොන කතාද...?

:       6       119

Pradeep Sunday, 04 August 2019 04:30 PM

බස් රථයක් නීති විරෝධී විදියට ඉස්සරකරනවා දැක්කත් පොලිසිය නොදැක්කා වගේ ඉන්නවා. ලංගම බස් රියදුරන් දැන් ඉතාම පහත් ආකාරයට තමයි බස් පදවන්නේ. ඉස්සර ලංගම බස් ආරක්ෂාකාරීව තමාගේ ගමන යනවා. දැන් ඒවත් රේස් තමයි යන්නේ... මෙවැනි අනතුරුවලට වක්‍රාකාරවම පොලිසිය වගකිව යුතුයි. බස්වල වැරදි දැකදැකත් පොලිසිය නිහඬව සිටීම තමයි ලොකුම වැරැද්ද...

:       0       135

gamaralaMonday, 05 August 2019 09:22 AM

ඉස්සර කිරීමට නොදීම, බස් රියදුරන් හා ටිපර් රියදුරන්ගේ එක්තරා මානසික ආබාධයක්... මෙයට විසඳුමක් ඉතා ඉක්මණින් අවශ්‍යයි.

:       0       0

beau Sunday, 04 August 2019 08:43 PM

මම ලෝකයේ අනිත් රටවල් වල රිය පදවා ඇත. ලංකාවේ තරම් නොහික්මුණු රියැදුරන් මා ගිය වෙන කිසිරටක නැත. ප්‍රධාන හේතුව අහංකාරකම.. අනික ගොන්කම. ඔවුන්ගේ හිතේ ඔවුන්ට වඩා කෙරුමෙක් තව පාරේ නැත කියලා. හුඟක් අය වාහන පැදවීම ගැන අවශ්‍ය හික්මීම සහ පාරේ නීතිය ගැන අල්ප මාත්‍රයක්වත් දැනුම නැත...

:       0       0

Ruwan Monday, 05 August 2019 02:16 AM

බස් වලට සීට් බෙල්ට් අනිවාර්ය කලයුතුයි.

:       0       0

wedage Monday, 05 August 2019 05:05 AM

මගේ අදහස නම් මේ බසයට ඉස්සර කිරීමට ඉඩ නොදුන් ටිපර් කරුගේ නොහික්මුණු ධාවනය මේ අනතුරට හේතුව වේ මේ පිළිබඳව ඔබගේ අදහස් එවන්න

:       0       1

වීර Monday, 05 August 2019 11:42 AM

රිය අනතුරු වළක්වන්න පුළුවන් වෙනම ආරක්ෂක අංශයක් පිහිටුවිය යුතුයි. මේ බස්රථ පදවන රියැදුරන්ට මිනිසුන් ගැන කිසිම කරුණාවක් නැහැ. අනික මේවාට බස් කිව්වට ලොරි චැසිවලට, බොඩි ගහපු යකඩ ගොඩවල්... මේ ලොරි චැසි පදවන රියැදුරන්ට මොන සංයමයක්ද? අපි අහන්නේ අැයි මේ යකඩ ගොඩවල් ගෙන්වන එක නවතන්න බැරි කියලා... ප්‍රවාහනය සේවාවක්... එම සේවාව කවදා නම් හොඳ තත්වයකට ඒවිද? අනික වාද්දුව, තල්පිටිය පාලම ළඟ සිට කළුතර දෙසට පාරපටුයි. ලොරි චැසි බස් කියන රථ සම්පූර්ණ මාර්ග දෙකේම කිසිම ගානක් නැතුව ධාවන කරනවා. අපි වගේ මිනිස්සු හැමදාම මැරෙනවා පාරේ යනකොට. කවුද මේවා බලන්නේ...?

:       0       0

Bamunuarachchi Monday, 05 August 2019 01:36 PM

සිද්ධිය දකින්නේ නැතුව කොහොමද ඉබා ගාතේ අදහස් කියන්නේ? ඔන්න දේශපාලුවෙක් එලවපු වාහනයක් නම් අැස්වහගෙන අදහස් කියන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 357 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 224 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 900 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 57 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2222 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 414 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 227 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site