IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විශ්වාස භංගයට පෙර ඉවත්වන්නැයි ශ්‍රීලනිපය අගමැතිගෙන් ඉල්ලයි

ඩයනා උදයංගනී
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සම්මුතිවාදී රජයත්, තම පක්ෂයත් ආරක්ෂා කරගැනීමේ උවමනාවක් තිබේ නම් ඔහු අප්‍රේල් හතර වැනිදාට පෙර ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

 
විශ්වාසභංගයට විරුද්ධ වීමේ හැකියාවක් තම පක්ෂයට නැතැයි කී ඩිලාන් පෙරේරා මහතා අග්‍රාමාත්‍යවරයා විසින් තමන්ගේ අමාත්‍යාංශය යටතට ගෙන තිබූ මහා භාණ්ඩාගාරය යළිත් මුදල් අමාත්‍යාංශය යටතට පත්කිරීම තුළින් ජනාධිපතිවරයා කර තිඛෙන්නේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමට සිටින තමන් වැනි අයට ආශීර්වාදයක් යැයිද සඳහන් කළේය.
 
ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
අග්‍රාමාත්‍යවරයා ඉවත්වීමෙන් සම්මුතිවාදී ආණ්ඩුව නැති වන්නේ නැතැයි කී ඩිලාන් පෙරේරා මහතා අලූතින් පත්වන අගමැතිවරයා සමඟ සම්මුතිවාදී ආණ්ඩුව ගැන තීන්දුවක් ගත හැකි බව ද සඳහන් කළේය. 
 
එම නව අග්‍රාමාත්‍යවරයා එ.ජා.පයේ, ශ්‍රී.ල.නි.පයේ හෝ රතන හිමියන්  හෝ දොස්තර මහත්මයෙකු හෝ ආණ්ඩුව සිටින   වෙනත් පක්ෂයක අයෙක් විය හැකි බව ද ඩිලාන් පෙරේරා මහතා කීවේය.
 
විශ්වාසභංගය ගෙනෙන්නේ සම්මුතිවාදී රජය කඩන්නට කියමින් දෙමළ ජාතික සන්ධානය  හා මුස්ලිම් පක්ෂ වෙත වැරදි මතයක් ලබාදීමට ඇතැමුන් උත්සාහ කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එය සම්පූර්ණ බොරුවක් බවත්, ශ්‍රී.ල.නි.ප කණ්ඩායමට ඉවත්වන්නැයි කියමින් සම්මුතිවාදය නැති කරන්නට යන්නේ අගමැතිවරයාගේ කණ්ඩායමේ අය බවත් කීවේය.



අදහස් (28)

විශ්වාස භංගයට පෙර ඉවත්වන්නැයි ශ්‍රීලනිපය අගමැතිගෙන් ඉල්ලයි

Ashan Friday, 30 March 2018 11:44 AM

ආසනෙත් පරාදවෙලා එළියට විසිවුණු මෙයාලව ගත්ත එකේ පව තමයි අගමැති ගෙවන්නේ. එජාපෙ ගැන මෙයාට තියෙන අමාරුව මොකක්ද?

:       3294       3458

An ObserverFriday, 30 March 2018 06:40 PM

දියෙහි යන දණ්ඩට පිහිටක් වෙතත් පෙර සිට දුදනන් හට පිහිට නොවවූ යන බස සැබෑ කලේ මට

:       0       415

HerathSaturday, 31 March 2018 06:19 AM

සිරිකොතේ කුලිය ගෙවා ගන්න බැරුව හිටපු අයට අගමැතිකමයි, මහබැංකුවයි දීපු එකේ විපාකය තමයි රටම ගෙවන්නේ. මේ කාලකන්නි සෙට් එක එජාපයෙන් ගිය දාට එජාපයයි, රටයි දෙකම බැබලෙයි.

:       63       104

රුවන් Friday, 30 March 2018 12:03 PM

මේ පිං ඇමතිට එහෙම කියන්න තියෙන අයිතිය මොකක්ද?

:       753       1088

RizaanaaSaturday, 31 March 2018 02:44 AM

මෝඩ කමට පිනා කෑවට දැන් ඉතින් පිනාම තමයි.

:       0       46

sirimal Friday, 30 March 2018 12:26 PM

අගමැති අයින් වුනොත් ආණ්ඩුවේ සේරටම නල්ලතන්නි ගිහින් තමයි ආණ්ඩු කරන්න වෙන්නේ. මහින්ද රාජපක්ෂ දිනවීම සඳහා දෙවතාවක්ම සම්පූර්ණ සහයෝගය දුන්න කට්ටිය, පස්සේ ආණ්ඩුවට හේත්තු වෙලා ඇමතිකම් ලබාගෙන පටන් ගත්ත දවසේ ඉඳලා කකුලෙන් ඇද්ද එකනේ කලේ. ඉතින් ඒගොල්ලෝ කොතැනද ඉන්නේ, මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක රටේ බොහෝදෙනා දන්නා කරුණකි. හොරු අල්ලන්න පොරොන්දු වී බලයට පැමිණි ආණ්ඩුවට මෙතෙක් අල්ලන්න පුළුවන් උනේ මහබැංකුවේ හොරුටික විතරයි. අනිත් හොරු දැන් "කයිවාරු මිස වැඩ නැතිබව" තේරුම්ගෙන ‘ ජනගඟ අපටයි’‘ කියමින් ජන බලය එක්කාසු කිරීමේ වැඩ පිළිවෙල සාර්ථකව කරගෙන යති. මේ අතර ජනපති සහ අගමැති අතර විරසකයක් මවාපෑමෙන් එම කණ්ඩායමට වාසියක් ලබාදීමට සමහර ජනමාධ්‍ය සහ ආණ්ඩුවේම ඉන්නා කණ්ඩායම්ද උත්සාහ කරති. සමහර මාධ්‍ය අයිති කරුවන් එජාප ඇමති වරුන්ට අත දිගහැර පඬුරු පාක්කුඩම් ලබාදී පක්ෂයේ කණ්ඩායමක් අගමැතිට විරුද්ධව ඡන්දය දෙනබවට ප්‍රකාශ පටිගත කරගෙන ඒවා උදේ සවස ප්‍රචාරය කරති. පත්තර වල ප්‍රසිද්ධ කරති. අගමැති මේ සියල්ල දෙස බලාසිටින්නේ කිසිදෙයක් නොදන්නා පරිද්දෙනි. ලංකාවේ දේශපාලනය හිතන්න බැරි තරමට දිනෙන් දෙන අප්‍රසන්න වෙමින් පවතී.

:       708       1227

Ruwan Friday, 30 March 2018 12:48 PM

ඔබලාගේ පරාජය නියත නිසා ඔබලා බියවුවත් එක්සත් ජාතික පක්ෂයට මෙය හොඳ ආරම්භයකි. මෙය නිදාගෙන සිටි අලියා නියම වෙලාවට නැගිටවීමකි. ඔබලා මේ කල උදව්වට ප්‍රති උපකාර මීළඟ මැතිවරණයේදී අත්විඳීමට සුදානම් වන්න. අඩු ඡන්ද ගත ඔබගේ ජනාතිපති නියම වශයෙන් ගෙදර යැවිය යුත්තේ. ඡන්ද ලක්ෂ 36 ක් ගත් පක්ෂය වෙනදා මෙන්ම ශක්තිමත්....

:       1025       1134

Migida Friday, 30 March 2018 01:06 PM

ඊට කලින් පින් ඇමැතිවරු අස්වෙන්න ඕනේ...

:       516       817

Sapumal. Friday, 30 March 2018 01:10 PM

රනිල් වික්‍රමසිංහ කියන්නේ පුදුම ඉවසීමක් හා අධිෂ්ඨානයක් තියෙන කෙනෙක්. එතුමා නිර්භයව එයට මුහුණ දෙනවා. ප්‍රතිපත්තියක් නැති මිනිස්සු ඒකට බය වෙලා වගේ පේනවා.

:       4956       1549

ම්ගිද Friday, 30 March 2018 02:18 PM

සූකර යුද්ධය කියන්නේ මේවට තමයි.

:       614       812

sas Friday, 30 March 2018 02:23 PM

මේ පින් ඇමතිට ඕවා කියන්න තියෙන අයිතිය කුමක්ද?

:       477       756

anuraSaturday, 31 March 2018 03:12 AM

ඒකත් වෙන්නේ පින් අගමැති නිසාෙම තමයි.

:       35       1

bbb Friday, 30 March 2018 02:30 PM

දැන් ජනාධිපති ගැන කිසිම පැහැදීමක් නෑ මට. ගොඩක් අයටත් එහෙම ඇති. අගමැති ගැන එහෙම අප්‍රසාදයක් නෑ මට. ගොඩක් අයටත් එහෙම ඇති...

:       6405       1228

aseSaturday, 31 March 2018 04:10 AM

එක ඡන්දයෙන් පෙනුණා නේද? උදේට කියන එක හවසට වෙනස් කරන, අපිට බොරු කියා ඡන්දය ගත්ත මොහුට මගේ නම් පුදුම අප්‍රසාදයක් සහ පිළිකුලක් තියෙන්නේ...

:       0       4

ShanSaturday, 31 March 2018 07:02 AM

ඒ අදහස හරියටම හරි...

:       73       1

padmini Friday, 30 March 2018 06:20 PM

පින්හාමිල රොත්ත පිටින් ඇදගෙන නාන්න යන්නේ. පිස්සෝ කලබල වුනාට දොස්තර කලබල වෙලා නැති බව අගමැති වරයාගේ ඉවසිමෙන්ම පේනවා. මට පෙන්නේ මේ අවස්ථාවේ අගමැතිවරයාට ගොඩක් දෙනෙකුගේ අනුකම්පාවත් හිමිවෙයි.

:       1       91

ජගත් ලියනගේ Saturday, 31 March 2018 12:04 AM

මේ කමෙන්ට්ස් දාපු අයට පහුගිය කාලේ වෙච්ච දේවල් ගැන හැඟීමක් නැත්ද, හැබෑවටම?

:       0       31

Rajah Saturday, 31 March 2018 01:09 AM

කොන්ද පනනැති, කෙලෙහි ගුණ දන්නේ නැති අයෙක් බව පේනවා. එජාප ඡන්ද වලින් දිනලා, එජාපෙ එකටම වල කපන බව දැන් හොඳින් පැහැදිලියි. රනිල් නිසා ජනාධිපති වුනු ඔහු රනිල්ට සදා ණයගැතිය.

:       0       53

rocky Saturday, 31 March 2018 02:24 AM

තමන්ගේ ආසනේවත් දිනා ගන්න බැරි වෙලා පින් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගා ගත්තු මේ අයට මෙහෙම පාරම් බාන්න තියන අයිතිය මොකද්ද? ජාතියේ කරුමෙට පහල වෙච්ච අය තමයි!

:       1       27

Rasika Saturday, 31 March 2018 02:44 AM

මේ අය මෙතුවක් කල් රටට කරපු විනාශය බලන්න. බැඳුම්කර මගඩිය වගන්න කොච්චර දැඟලුවද? රණවිරුවන් කීයක් අත්අඩංගුවට ගත්තද? ආර්ථිකය දියුණුවට දැන් මොකද වුනේ? වෝක්ස්වැගන් බොරුව, පොර්ට් සිටි බොරුව, වරාය විකුණා දැමීම, බෞද්ධයාට කරන හිරිහැර... කොච්චර බොරු කළාද විශ්වාස නැතිවීම්.... වෙන්න.

:       16       10

kariyawasam Saturday, 31 March 2018 03:07 AM

මේ කියන්නේ පිං ඇමති නේද ?

:       1       12

ajithkaru Saturday, 31 March 2018 06:23 AM

මෙයා කොහොමද එහෙම කියන්නේ? ආසනෙත් පරාද වෙලා කුජීත වෙලා ගිහින්, රනිල්ට පින් සිද්ධ වෙන්න පාර්ලිමේන්තුවට රිංග ගත්තු කෙනෙක්. මේ අය තමයි ඉස්සරහින්ම ඉඳගෙන අනින්න පනින්නේ... පිදුරු දුන්නු රනිල්ට. 04 වෙනිදාට මේ අයගේ පස්ස බිම ඇනෙන හැටි බලමු.

:       514       42

Shan Saturday, 31 March 2018 07:02 AM

අඩු පාඩු තිබුණත් රනිල් එක්ක එකට තියන්න පුළුවන් එක මිනිහෙක් වත් නෑ පාර්ලිමේන්තුවේ. ඉන්න අනිත් අය බොහෝමයක් හොරු.. චණ්ඩියෝ නැත්නම් පවුලේ අයට තනතුරු දෙන්න බලාගෙන ඉන්න අය... මේවා තේරුම් ගන්න කොට රට ඉවරවෙලා තියෙයි.

:       450       254

padmakumara Saturday, 31 March 2018 09:15 AM

ඩිලාන් එජාප එකට වඩා පිටිපස්සට ගියේ එස්.එල්.එෆ්. හින්දා. එ්නිසා මෛත්‍රී එහි සභාපතිකමෙන් ඉවත් වෙන්න ඕනේ. එ්ක ගැන මොකද කියන්නේ? බොරු සිහින දකින්න එපා. පින් ඇමති කම දාලා ගිහින් කතා කරන්න. රනිල්ට තිබුනේ එජාපයෙන් විතරක් රජයක් හදන්න.

:       1       52

mahinda weerasingha Saturday, 31 March 2018 01:22 PM

රනිල්ගේ රජයේ ඉන්න ශ්‍රී ලංකා මන්ත්‍රීවරු ලැජ්ජාවක් තියනවා නම් 4වෙනිදා රාත්‍රී 9.30ට කලින් රනිල්ගේ අාණ්ඩුවෙන් ඉල්ලා අස්විය යුතුයි.

:       0       6

Sapumal.Sunday, 01 April 2018 07:07 AM

මහින්ද මහතාණෙනි,ඔබතුමාගේ අදහස හරියටම හරි.ඒත් එහෙම කරලා කොහොමද ? එතකොට සුපිරි වරප්‍රසාද ටිකට මොකද වෙන්නේ.ඒ නිසා මොන උප්පර වට්ටියක් හරි යොදලා ඒවා රැකගැනීම කෙරෙන්න ඕනනේ..

:       0       1

saththaya Saturday, 31 March 2018 04:54 PM

දැන් කව්ද අගමැති කමට සුදුසු ?

:       0       1

Rathna. Sunday, 01 April 2018 09:49 AM

ඇයි ඔය ඉන්නේ තවත් 224ක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 316 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 348 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 99 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1175 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 309 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 358 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site