IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


වෙලේ සුදාගේ මරණ දඬුවම ස්ථිරයි

( තිළිණි  ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරුකොට මරණ දඬුවම් නියම කර සිටි  ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තාට පනවා තිබූ එම දඬුවම අද(05) ස්ථිර කළ අභියාචනාධිකරණය එම දඬුවමට එරෙහිව වෙළේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප‍්‍රභ කිරීමට තීන්දු කළේය.

කොළඹ මහාධිකරණය විසින් වරදකරු කර මරණ දඩුවම නියම කර තිබිණි.

දීපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

2008 වසරේ ගල්කිස්ස ප්‍රෙද්ශයේෙදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7.05 ක් සන්තකයේ තබාගෙන මේ චෝදනාවට වරදකරු කෙරෙන වෙලේ සුදා නමැත්තාට කොළඹ මහාධිකරණය මඟින් 2015 වසරේදී මරණීය දණ්ඩනය පනවනු ලෑබුවේය.

මහාධිකරණය මඟින් තමන්ට මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව එම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වෙලේ සුදා විසින් අභියාචනාධිකරණය වෙත එම අභියාචනය ඉදිරිපත් කර තිබුණි
.
දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප‍්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය සඳහන් කර සිටියේ කර සිටියේ විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනය ප‍්‍රතික්ෂේප කළ බවයි.

ගොනු කළ පෙත්සමේ මෙසේද සඳහන් වේ.

2012 වසරේ දෙහිවල ප‍්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 7.05 සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වෙලේ සුදා නැමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන ලදී.

දීර්ඝ නඩු විභාගයකින් පසුව එම චෝදනාවලට වරදකරු කෙරුණු ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට කොළඹ මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය පැනවන ලදී.

එම මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීතිවිරෝධී බවත් එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වෙලේ සුදා විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබේ. වෙලේ සුදා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා පෙනී සිටියේය.



අදහස් (46)

වෙලේ සුදාගේ මරණ දඬුවම ස්ථිරයි

Kaudahari Friday, 05 April 2019 09:49 AM

ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා පෙනී සිටියේය....

:       46       353

RaveendraFriday, 05 April 2019 12:57 PM

මේ කබා කාරයෝද සල්ලි නම් " සුනඛ වසුරු ගොඩේ තියෙන ශත පනහත් දිවෙන් ගන්න " තරමට පහත් බව නොරහසකි.

:       0       1100

naliFriday, 05 April 2019 06:05 PM

හරිම ලැජ්ජයි

:       0       69

කලිඳුSaturday, 06 April 2019 01:55 AM

මොහොමඩ් සිද්දික් කියන කුඩු ජාවාරම්කරුට ඇප අරන් දුන්නේ නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා...

:       4       165

AmaraSaturday, 06 April 2019 01:29 PM

වෙලේ සුදා කුඩු විකුණු බව හරි. වෙන කෙනෙක් ඔයාගේ ගෙදරට කුඩු දාල ගියොත්? ඔය කුඩුකාරය වෙනවා. එදාට ඒ වෙනුවෙන් වුනත් පෙනී ඉන්න ලොයර්ස්ලා ඕනේ වෙනවා. මරන්න කලින් ඒ අයිතිය පිළිගැනීම දියුණු සමාජයකට අවශ්‍යයි.

:       55       73

naliSaturday, 06 April 2019 06:40 PM

මේ වෙලේසුදාගේ කේස් එක මත් කුඩු ටිකක් එක්ක ගලපන්නට නොහැකි බව නොපෙනෙනේ මන්ද බුද්දීකයන්ට පමණි . සල්ලි වලට අඬන නිලියෝ කී දෙනෙක් දැන් ඇත්තට අඩයිද දන්නේ නැහැ .

:       1       12

sirimal Friday, 05 April 2019 10:01 AM

ත්‍රිපිටකේ දැන් අමතකයි. පෝරකේ සූදානම්ද?

:       8       182

කලිඳුSaturday, 06 April 2019 01:56 AM

ඔහේ වගේ අයට මොලේ පෑදෙන්නෙ පවුලේ කෙනෙක් කුඩුවලට ඇබ්බැහි වෙලා හිටියොත් තමයි. එතකන් බණ කියයි.

:       80       160

sirimalSaturday, 06 April 2019 11:20 AM

මරණ දඬුවම තුළින් අපරාධ අඩුවුණා කියල‍ා කිසිම රටකින් ඔප්පු වෙලා නැහැ. මම කිව්වේ කුඩු මුදලාලිලා ගැන නෙවේ. එක අතකින් බුද්ධාගම ප්‍රචලිත කරනවා කියමින් අනිත් අතින් මිනිස්සු එල්ලා මරනවා කියන කතාවේ නොගැලපීම ගැනයි. කුඩු මුදලාලිලාට අනිවාර්යයෙන්ම නිසි දඬුවම් දිය යුතුයි. එ්කේ දෙකක් නැහැ. ඒ වගේම පොරොන්දු වුණු අන්දමට මහා පරිමාණයෙන් රටේ ජාතික සම්පත් උලා කෑ හොරුන්ට, දූෂිතයින්ට, බලය අවභාවිතා කළ අයට, නිසි දඬුවම් දෙන්නට ඕනෑ. එ්කෙත් දෙකක් නැහැ.

:       205       490

කලිඳුSunday, 07 April 2019 03:05 AM

සිරිමල්, බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ සිටි කාලේ බුදුන් සරණ ගිය රජවරුවත් මරණ දඬුවම දීමෙන් වැලකී සිටියා කියලා අහල තියෙනවද? දණ්ඩනය සමාජයක යහපැවැත්මට අත්‍යාවශ්‍යයි කියල තේරුම් ගන්න බුදුහාමුදුරුවන්ට වගේම ඒ රජවරුන්ටත් මොලේ තිබ්බා. අනික ඔය දැන් මරණ දඬුවම නොදෙන රටවල් සංවර්ධනය වෙමින් පවතින රවටවල් විදියට තිබ්බ කාලේ මරණ දඬුවම ක්‍රියාත්මක කල බව ඔහේ දන්නවාද? මෝඩකමට කියන්න කලින් ප්‍රයෝගිකව හිතන්න පුරුදු වෙන්න. මේ රටේ එවුන්ව හදන්න බැරි ඔහේ වගේ මෝඩ කතා කියන උන් හින්දා තමා.

:       337       465

AkilaSunday, 07 April 2019 03:13 AM

සිරිමල් , නිකන් NGO කාරයෝ කියන බයිලම පිළිගන්න එපා , මරණ දඬුවම සහ දැඩි දඬුවම් නිසා අපරාද බින්දුවටම වගේ අඩුවෙච්චි රටවල් ගොඩක් ලෝකයේ තියනව ,සිංගප්පූරැව, ඩුබායි රටවල් ගැන අහල නැත්ද ?

:       52       240

BamunuarachchiSaturday, 06 April 2019 11:50 PM

දැන දැන කරන වැරදි වලට දඬුවම් දෙන්න එපාකියලා බුදුන් වදාරා තිබෙනවාද? මරණීය දණ්ඩනය දෙන්න එපා කියා බුදුන් වහන්සේ වදාරා තිබෙනවාද? කර්ම පල දෙනවා කියන්නේ කල හොඳ නරක වලට පඩිසන් දීමක් නොවේද? බෞද්ද සාහිතයේ කියවෙන ආකාරයට දෙව්දත්තර පොලව පලාගෙන අවීචියට යාම දඬුවමක් නොවෙයිද? දඬුවමක් නොවෙයිනම් එය මොකක්ද?

:       0       2

prabha Friday, 05 April 2019 10:15 AM

ඔන්න සිරිසේන මහත්තයෝ වැඩ පෙන්නනවා නම් වෙලාව...

:       0       387

Hafeel Friday, 05 April 2019 03:06 PM

එයා තාම එ්කට නැකත් බලනවා.

:       0       146

asiri Friday, 05 April 2019 10:21 AM

ජනාධිපතිතුමෝ මෙන්න තවත් කෙනෙක්..

:       1       176

Buddika Friday, 05 April 2019 10:30 AM

නීතියට දීර්ඝායු ලැබේවා...!!! මරණය කෙතරම් ඛේදජනක වුවත් මෙවන් සමාජයම විනාශ කරන නරුමයන් එල්ලා මැරිය යුතුමයි. ඒක ඉක්මණින්ම කිරීම ලාංකීය සමාජයටම කරන යුතුකමක්...

:       28       391

නෙවිල් Friday, 05 April 2019 10:49 AM

දෙවියනි, අපරාධකරුවන් ආරක්ෂා කිරීමට සල්ලිවලට ආසාවෙන් නීතිය නවන අයටද?

:       2       81

RaveendraFriday, 05 April 2019 11:44 AM

කවුරු සල්ලි වෙනුවෙන් නීතිය 18 වංගු කලත් ඒ ඒ අයගේ හිත්වලට නම් 18 වංගු නොව එක වංගුවක්වත් ගැනීමට නොහැකි බව ස්ථිරයි. එහෙම අය තමයි අනේකවිද දුක්විඳලා සියල්ල දාලා යන්නේ.., එහෙම අයගේ තමයි පවුල්, අඹුදරුවන් නන්නත්තාර වෙලා තියෙන්නේ. මේවා ඔබ අප සියල්ලෝම ඇස් පනාපිටම දැකලා තියන සහ මේ මොහොතේත් දකින දේවල් අප රටේ. ඉතින් ඒ සැවොම කුමක් හෝ නීති විරෝධී, තුප්පහි, සමාජ විරෝධී වැඩ කර ලක්ෂෙට කොඩි දාලා හිටියා සහ සිටිමින් ඉන්න හාදයෝ. මෙය ඔබ අප සියල්ලන්ටමත් පොදුයි. මහජන මුදල් හොරා කාපු කාටත් පොදුයි.

:       0       203

නෙවිල් Friday, 05 April 2019 10:52 AM

සල්ලි වලට ආසාවෙන් අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිය නැවීමට තැත් කරන අයට දඬුවමක් නැද්ද, දෙවියනේ?

:       1       69

ravi Friday, 05 April 2019 10:53 AM

අල්ලන හෙරොයින්, මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කරනවා වගේම... මේ වගේ " ශ්‍රී ලාංකිකයෝ " කියා ජාතිය විනාශ කරපු, කරන පුද්ගලයින්වත් ප්‍රසිද්ධියේම පෝරකයට නැග්ගුවා නම් නේද හොඳ?

:       11       445

sumith Friday, 05 April 2019 11:07 AM

පව් අහිංසකයා.. හෙරොයින් කිලෝගණන් අහුවෙන එවුන් නිදහස් වෙද්දි "2012 වසරේ දෙහිවල ප‍්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 7.05 සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන්" මරණ දඬුවම..

:       139       68

chathuri Friday, 05 April 2019 11:33 AM

පෙර පව් කියන්නේ මේවගේ උන්ගෙන් බලාගන්න පුළුවන් අහස උසට ගොඩනැගිලි, යානවාහන, හිතේ හැටියට මුදල්... මේ සේරම අසරණ මිනිසුන්ට විෂ මත්ද්‍රව්‍ය විකුණලා හම්බ කරපුවා... නමුත් තමන්ට සැපක් ලැබුණද? වටේ ඉන්න කට්ටියට රජ සැප.., දැන් හම්බ කරපුහැටි මතක් කරමින් හූල්ලන්න. එල්ලන. දිනේ.... එනකම්. හැම මැරවරයාගේම පිටුපසින් ඉඳිමින් ඔවුන් ශක්තිමත් කරන්නේ... තම බිරිඳ, තම සැමියා යකෙක් කරන්නෙත්... දෙවියෙක් කරන්නෙත් මේ බිරිඳ මේ නඩේගේ බිරින්දෑවරුන් යක්ෂණියන්, මිනිහත්, බිලිදුන්නු රටේ... වැසියනුත් බිලිදුන්නා.

:       0       94

RaveendraFriday, 05 April 2019 01:13 PM

chathuri මහත්මිය, මෙනෙවිය වෙත, ඔබගේ අදහස් අප අගය කරන්නෙමු. අසාධාරණ ලෙස අයුතු ලෙස සමාජ විරෝධී ලෙස කිසිවෙකු කුමක් උපයා ගත්තත් ඒ කිසිවක් ඔහු හෝ ඇය ළඟ නොරැඳෙන බව මෙයට තවත් කදිම නිදසුනකි. දැන් මොහුගෙන් යැපුණු සියල්ලන්ටමත් මේ සාපරාධී ක්‍රියාවේ කොටස්කරුවන් වීම ඔවුනොවුන්ගේ ජීවිතවලටද බලපෑම කිසිවෙකුට නතර කල නොහැකිය. කෙටියෙන් පවසන්නේ නම් මෙම මත්ද්‍රව්‍ය පාවිච්චි කළ කී දහසක් ජීවිත, පවුල් විනාශ වී ඇද්ද? ඒවා මහා පාප කර්මයි. මේ සියළුම සිදුවීම් සමගින් අපගේ සිත්වල පැමිණෙන මෑත කාලයේ චිත්‍රපටියක් මතකයට නැගෙනවා "The Last hangman " (ඒඩ්‍රියන් ශෙගෝල්ඩ් විසින් අධ්‍යක්ෂණය කළ)

:       37       142

රුවනි Friday, 05 April 2019 12:15 PM

පුදුම නඩු තීන්දු කුඩු 7.5gකට මරණ දඬුවම් දෙන්න තරමටම අපේ නීතිය අසාධාරණ වෙලා. පුනරුත්ථාපනය කළ හැකි ජීවිත කඩදාසියක් තරමටවත් මායිම් නොකරන රටක් . මරණීය දණ්ඩනය දීම යනු එයත් ඝාතනයක්....

:       1031       1356

chathuriFriday, 05 April 2019 01:27 PM

රුවනි, ඔයා නම් වෙලේ සුදාගේ පුංචි අම්මා වෙන්න ඕනෑ. කුඩු මුදල් වලින් ලැබෙන සැප වගේම ජීවිත හානිය කොයිතරම් පාප කර්මයක්ද කරලා තියෙන්නේ... මේ අකාලේ තරුණ ජීවිත විනාශ වෙනවා. ඒ ගැන දුක නැත්ද? තමාගේ දරුවගේ ආරක්ෂාව වගේ අනිත් දරුවෝ, දෙමව්පියෝ. ගැනත් හිතන්න. කුඩු ග්රෑම් 1 තිබුණත්, 100 තිබුණත් ඒවා මත්ද්‍රව්‍ය... හැම කෙනාම මොවුන්ට සාප දෙනකොට ඔයා විතරක් දුකෙන්.. මම ජනාධිපති නම් ඔයාවත් අත්අඩංගුවට ගන්නවා. නීතිය උල්ලංඝනය කෙරුවට. ඔයා කුඩු ටිකක් ගහලා බලන්න. රඟේ කොහොමද කියලා... මොන ජීවිතයක්ද ඒක...

:       3       153

ධනුෂ්කFriday, 05 April 2019 02:26 PM

රුවිනි, අැත්තටම පුනරුත්ථාපනය කරලා දාගන්න පුලුවන්නම් ලොකු දෙයක්. නමුත් මොහු කුඩු 7.5g සමග හසු වුණාට කිලෝ ගණනින් බිස්නස් කරලා කෝටි ගනනින් දේපල උපයපු කෙනෙක්. අනික පවුලෙත් බොහෝ දෙනෙක් එ්කට සම්බන්ධයි. එමෙන්ම මේ බිස්නස් ජාලගතයි. මොහු නිවැරදි වෙන්න හැදුවත් එම ජාලය ඊට ඉඩ දෙන්නේ නෑ. අැත්තටම කිව්වොත් උණපුරුකේ දැම්මත් බලු වලිගේ අැද අරින්න බෑ වගේ තමයි. මුළුමහත් සමාජයක් තමන්ගේ සැපත වෙනුවෙන් විනාශ කරනවා නම් ඔහු සමාජයෙන් ඉවත් කරනවා අැර වෙන කරන්න දෙයක් නෑ. දේශපාලනයතුළත් බොහෝ පිරිසක් සිටිනවා කොළ නැති ගසේ යවන්න. එ්කට ඉතින් සර්ව බලධාරී දෙවියන්වත් ඉන්න ඕනේ... එහෙම කෙනෙක් නැති නිසා ඔවුන් යහතින් ඉන්නවා...

:       4       179

thilakSaturday, 06 April 2019 10:51 AM

රුවනි, ඔබේ දරුවෙක් ඔය කුඩුවලට ඇබ්බැහි වුනා නම්, ඔබ ඔය විදියට කතා කරන්නේ නැහැ.

:       0       20

Sapumal. Friday, 05 April 2019 12:36 PM

ගරු අධිකරණයටත්, විනිසුරු මඩුල්ලටත් ප්‍රශංසා වේවා. මිනිසෙකුට මරණීය දඬුවම පැමිණවීම ගැන අපට සතුටක් නැත. ඒත්,යම් මිනිසෙකු අපරාධ කරමින්, මිනීමරමින් මනුෂ්‍ය සමාජයට හානි කරන්නේ නම් ඔහුව මෙලොවෙන් තුරන් කිරීමට නීතියෙන් ප්‍රතිපාදන ඇත. එනම් ඔහු මෙලොවින් තුරන් කිරීම හවත් නීතියට අනුකූලව මරණ දණ්ඩනයට ඔහු ලක්කිරීමයි. එය කරනුයේ පොදු සමාජයේ යහපත උදෙසාය. එය අත්‍යාවශ්‍යයෙන්ම සිදුවිය යුත්තකි. ඒත්, නීතිය යනු සැමවිටම සර්ව සාධාරණ නොවන්නේ මුදලට කෑදර ඇතැම් පෙරකදෝරු උන්නැහේලා නීතියේ දැලෙන් රිංගන බැවිනි. මේ තත්වය මිනිසා විසින්ම වළකාගත යුතු අත්‍යවශ්‍යම කර්තව්‍යයකි. එහෙත්, මුදල් කොපමණ දුන්නද නීතිය අවනීතිය නොකරන උතුම් නීතිවේදී මහත්වරුන්ද මේ රටෙහි වැඩ සිටිනා බව කිවයුතුය. 'දවසක් පැල නැති හේනේ ' ගීතය ලියු රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා අවංක උතුම් මිනිසෙකි.

:       60       415

kule Friday, 05 April 2019 01:32 PM

ජීවිතක්ෂයට පත්කිරීම සඳහා වස දීම, වස පෙවීම මිනීමැරුම් චෝදනාවක් නම් මත්ද්‍රව්‍ය ලබාදී ජීවිතයන් ටික ටික මරණය කරා ළංකිරීමත් මිනීමැරුමක් නේද?

:       103       77

RaveendraFriday, 05 April 2019 02:07 PM

kule මයා වෙත, ඔබගේ අදහස් තර්කානුකූලව නිවැරදියි යන්න අපට නම් හැගේ. එනමුත් මුදල් වෙනුවෙන් මේ ඇස් පනාපිට සිදුවෙන දෙයත් නැත යන ලෙස ගොන් තර්ක, විතර්ක කර පාදඩයන් බේරීමට සුදුකබා කාරයන් සැදී පැහැදී ඉන්න රටක ඔබගේ අදහස්වලට අදාළ තර්ක කතා කිරීමටවත් එම නිවටයන් ඉදිරිපත් වේදැයි සිතීමත් විහිළුවකි.

:       0       157

rohana kumara mendis Friday, 05 April 2019 02:23 PM

ඡන්දෙ ලංවෙලා නිසා බයිලා කියනවා අායේ. එක පාරකුත් කිව්වා කවුරු විරුද්ධ වුනත් මරණ දණ්ඩනය දෙනවා කියලා. අනික ඇයි මෙයාට විතරද අර මහා කුඩ්ඩෝ ටික...? එළියේ ඉන්න කට්ටිය එහෙම..

:       0       2

Shan Friday, 05 April 2019 02:37 PM

මෙයාව එල්ලන්නේ නැහැ සහෝදරයා...

:       0       104

d.upul Friday, 05 April 2019 03:31 PM

කුඩු ගහනකොට ජීවිත අවුල් වෙන නිසා කුඩු විකුණන එවුන් එල්ලා මරනවා නම්, තැබෑරුම් කාරයෝත් එල්ලා මැරිය යුතුයි. ඇයි ඉතින් එ්කෙනුත් වෙන්නේ ජීවිත අවුල් වෙන එක තමයි.

:       3       1

chathuriFriday, 05 April 2019 04:16 PM

මත්පැන් සාමන්‍යයෙන් එය ජීවිත හානි කරනවා. කියලා කියන්න අමාරුයි. දුප්පත් රටවල වැසියන් මෙම මත්පැන් නිසි ප්‍රමිතියට හදන්නේ නැහැ. ප්‍රමිතියෙන් තොර, බාල අමුද්‍රව්‍ය දමා හොර රහසේ හදන්නේ... ඒවගේ කට්ටියට තමයි කසිප්පු පෙරනවා කියන්නේ. එ්කනේ පොලිසියෙන් අල්ලන්නේ... පිළිගත් මත්පැන් මිනිසෙකුට දවසට බොන්න නියමිත ගානක් තියෙනවා. නමුත් අපේ අයියලා ඒ සිමාව පන්නලා යනවා. කසිප්පු මත්පැන් දෙක එකට බොනවා ඒ අයට කරටිය කැඩෙන්න බොන්න ඕනෑ.. දුප්පත් කට්ටිය තමයි මේ. විදියට බොන්නේ, කෑම කන්නෙත් නැතිව ඉතින් මේ මත්පැන් ටිකක් ඉඳලා හිටලා බිව්වට ප්‍රශ්නයක් නැහැ. අරක්කු බෝතලයක් රුපියල් 500ක් කියමු. නමුත් ඒ බෝතලේ ප්‍රමාණයේ කුඩු වල වටිනාකම කෝටියට අධිකයි.. නමුත් මත්පැන් වල හොඳ නරක කියන්න පොතක් ලියන්න ඕනෑ. මෙහි තිබෙන අදහස්වලට දමා තිබෙන විරුද්ධතාවය පෙන්වන ලකුණෙන් ගොඩක් කට්ටිය කුඩුවිකුණන පාටයි.

:       2       14

d.upulSaturday, 06 April 2019 08:01 AM

සාමාන්‍ය නිරෝගී මිනිසෙකුට මධ්‍යසාර පානය කිරීමේ කිසිම අවශතාවයක් නැහැ. ගන්නා ආහාරවලින් සිරුරට අවශ්‍ය ප්‍රමාණය ලැබෙනවා...

:       0       11

sandy123Saturday, 06 April 2019 12:36 PM

ඔබ මෙච්චර මෝඩයි කියලා මම අදනේ දන්නේ...

:       0       1

chathuriSaturday, 06 April 2019 03:27 PM

මත ද්‍රව්‍ය. කිව්වම. වයින්. මුද්‍රික. පානය. එයත්. ඇතුලත් , බ්‍රැන්ඩි මෙයත්. ඇතුලත්, මේ දෙකම දොස්තරවරු. නියම කරනවා. සමහරුන්ට. ග්රෑම් ප්‍රමාණයක්. දවසට. හෝ. සතියට සැරයක්. ගන්න , ඇල්කොහොල් ප්‍රමාණය තියෙන්නේ. සියේට. තුන හතරක්. වගේ. ඊට වැඩි ඒවත්. තියෙනවා. , ලෙඩට හොඳයි. දෙකම හදන්නේ. උස්සස්. ගනයේ. පලතුරු. වලින්. , අපේ. අයට මේ දෙක කල්දේරමක්. බිව්වත් ඇගට. මදි , සුද්දට. පුළුවන් හොඳට. මේදේවල් පාලනය. කරන්න. , අපේ අයට අරක්කු බොනකොට අයිස් කැටයක් දමල. පුරුදුත්. නැහැ. නේ , කිසිම දෙයක්. දන්නේ. නැහැ නමුත් බිව්වට පස්සේ. දොස්තරටත් උගන්වන. කට්ටිය. , අවට. ලෝකයේ. මිනිසුන් ජිවත් වෙනවිදිය. දන්නේ නැහැ, එලිසබෙත්. රැජින. නිරෝගිව අවුරුදු 100. ජිවත් වෙන්නේ මොන. හේතුව. උඩද. කියල. අහල. දැනගන්න මෝඩකම. විදහා. පාන්නේ. නැතිව. , අපේකට්ටිය කට හොඳ. නැහැ කවදා කාපු ටකරන්ද නේද .

:       0       0

koken USASaturday, 06 April 2019 07:54 PM

දුප්පත් රටවල වැසියන් මෙම මත්පැන් නිසි ප්‍රමිතියට හදන්නේ නැහැ. ප්‍රමිතියෙන් තොර, බාල අමුද්‍රව්‍ය දමා හොර රහසේ හදන්නේ... ඒක ඇත්ත අපි හදන ඒවා ඉස්තරම් එකවරක් ගත්තොත් ජීවිතේටම අත හරින්න බැහැ

:       0       0

BamunuarachchiSaturday, 06 April 2019 11:59 PM

කොළඹ පරසිද්ද ඉස්පිරිතාලයක හදවත් රෝග අඩුකර ගැනීම පිණිස "ෆන්ටාස්ටික් සෙවන්" කියා පිළිපැදිය යුතු කාරනා 7 ක් බිත්තියේ දැන්වීමක් අලවා තිබෙනවා. ව්‍යායාම කිරීම, දුම්පානයෙන් වැළකී සිටීම, දිනකට ඩ්‍රින්ක්ස් 2 ගැනීම ඇතුළුව කාරනා 7 පෙන්වා තිබෙනවා.

:       0       0

udayaMonday, 08 April 2019 04:42 PM

චියර්ස් චතුරි. සුමිහිරි පානේ උදෙන්ම ගහලා.

:       0       0

de silva Friday, 05 April 2019 07:48 PM

පැන හොයාගන්න බැරුව තවම අඳුරේ අතපතගනව

:       0       4

Sarasi Friday, 05 April 2019 08:15 PM

මෙයාව මෙහෙට උස්සාගෙන ඇවිල්ල. ඊළඟට කියන්න එපා ඔන්න හිරෙන් පැනලා කියලා. මේ රට දැන් කිසිම මනුෂ්‍යයෙකුට යහතින් වෙසෙන්න පුළුවන් රටක් නෙවෙයි. පුළුවන් උදවිය දරු පවුල් පිටින් පිටරට පදිංචියට යනවා. සෙසු උදවිය නීතිය අසවලාට ගියා කියා එදා වේල යන්තම් සොයා ගෙන ( බහුතරයකට ඒකත් නැත ) පණ අදිති. ඡන්දදායක්යෝ සිහි මුලාවී නුගත්තු නැතහොත් ස්ත්‍රී දුෂකයන්ට රට භාර දෙති. උපාධි අපේක්ෂකයෝ යුතුකම් යන වදන නොදන්නේ වීදි බැස අයිතිවාසිකම් ගැන පමණක් බෙරිහන් දෙති. මුහුකුරා ගිය උගත්තු දුෂිත දේශපාලකයන් ඉදිරියේ දනින් වැටෙති. ප්‍රසිද්ධ කලාකරුවෝ ක්‍රීඩකයෝ වැරදි සමාජ පුර්වාදර්ශ හැදෙන පරපුරට පෙන්වති. රාජ්‍ය වෘත්තිකයෝ වෘත්තීය ගරුත්වය නොහඳුනති. රටේ සිවිල් නීති කැඩූ දේශපාලකයන්ට , කාගේත් සුන්දරියන්ට පස්සා දොරෙන් තනතුරු ලාභ ලැබේ. ළඟදී වැඩිවිය පත් දුවත් සමග ගෙදර ආච්චිටත් රැකවල් යෙදිය යුතුයි. මහලු දෙමව්පියන් බලු කුඩු වලය. පාර්ලිමේන්තුව රටේ ගුස්ති මධ්‍යස්තානයයි . මෙහෙව් රටේ මධුෂ්ලා ඉපදීම අරුමයක්ද ?

:       0       0

ලුම්බිණි Friday, 05 April 2019 11:35 PM

මරණ දඬුවම ස්ථිර කලාට කිසිම ප්‍රශ්නයක් නැහැ එල්ලලා මරන්නේ නැත්නම්.

:       0       0

banda Saturday, 06 April 2019 09:13 AM

මේ නිවුස් එක දැක්කම වෙලේ සුදා පිටිපස්සෙන් හිනා වෙනවා ඇති...

:       0       25

Sanjeeva Saturday, 06 April 2019 02:16 PM

මේ ඔක්කොම කුඩු ජාවාරම් කාරයන්ගේ නඩු වල තියෙන්නේ ඉතා සුළු කුඩු ප්‍රමාණ... එතකොට පොලිසිය අල්ලන කිලෝ දෙතුන්සීයවල් තියෙන්නේ කාගේ නඩුවලද?

:       0       0

anura Saturday, 06 April 2019 07:51 PM

මැති ඇමති වරු ඒවා විදිමත්ව බෙදා හරිනවා අනවශ්‍ය ප්‍රශ්න

:       0       3

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 6726 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7191 33

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3023 1

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


’’යළි පහර දුනහොත් බලාගෙනයි’’
2024 අප්‍රේල් මස 14 10052 6

ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදා


ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක්
2024 අප්‍රේල් මස 14 7510 2

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. පැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊ


සුබ අලුත් අවුරුද්දක් වේවා
2024 අප්‍රේල් මස 13 266 3

ලංකාදීප පාඨක ඔබ සැමට ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site