ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ඩී.බී. නිහාල් සිංහයන්ගේ විශිෂ්ඨතම සිනමා නිර්මාණයක් වූ 70 දශකයේ ඉමහත් ජනාදරයට පත් ‘වැලිකතර’ ප්‍රථම පුළුල් තිර වෘතාන්ත චිත්‍රපටය ඩිජිටල් සත්කාරයේ මහිමයෙන් ප්‍රතිස්ථාපිතව මෙම මස 30 දා සිට යළි තිරගත කෙරේ.
කොළඹ රීගල්, ලීඩෝ ඇතුළු සී.ඊ.එල් ප්‍රදර්ශක මණ්ඩලයේ සිනමාහල් 24 කදී සීමිත ප්‍රදර්ශනය සඳහා තිරගත කෙරෙන ‘වැලිකතර’ චිත්‍රපටයේ කතාව, දෙබස් සහ තිර රචනය ආචාර්ය තිස්ස අබේසේකරයන් ගෙනි.
ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, සුවිනීතා අබේසේකර, දේවිකා කරුණාරත්න, පියසේන අහංගම, ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර, චන්ද්‍රා කලුආරච්චි, එල්සන් දිවිතුරුගම, බුද්ධි වික්‍රම, මාක් ඇන්ටනී ප්‍රනාන්දු ඇතුළු නළු නිළියන් රැසක් රඟපාන ‘වැලි කතර’ සෝමදාස ඇල්විටිගලගේ සංගීත අධ්‍යක්ෂණයෙන්ද, විශාරද අමරදේවයන්ගේ පසුබිම් ගායනයෙන්ද විචිත්‍රවත් වෙයි.
‘වැලි කතර’ කැමරාව, සංස්කරණය, සම නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය ඩී.බී නිහාල්සිංහයන් ගෙනි.
ෆෝ ඉන් වන් සංසදයේ සංවිධානයෙන් ‘වැලි කතර’ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන්නේ ද වීඩියෝ ටීම් ආයතනයයි.
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘වැලි කතර’ යළි තිරයට