IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වැල්ලම්පිටිය කර්මාන්ත ශාලාවකදී අත්අඩංගුවට ගත් 9 දෙනාට ඇප

 (නිමන්ති රණසිංහ)

ෂැන්ගිලා හෝටලේහි මරාගෙන මැරුණු බෝම්බකරු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ්  ඉල්හාම් අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේදී සැකපිට අත්අඩංගුවට ගත් සේවකයින් 9 දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වු ඇප සහිතව මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ  මහතා නියෝග කළේය.

මෙම සැකකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදී පනත ප්‍රකාරව වැල්ලම්පිටිය පොලිසිය  මගින් අධිකරණයට කරුණු වාර්තා නොකර ඇතැයිද එහෙයින්  ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් හේතුවක් නැතැයි කියමින් මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට ඇප ලබා දී තිබිණි.
 
එසේම මෙම සිද්ධියට අදාලව 10 වැනි සැකකරු පමණක් ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහෙස්ත්‍රාත්වරයා  නියෝග කළේය.



අදහස් (6)

වැල්ලම්පිටිය කර්මාන්ත ශාලාවකදී අත්අඩංගුවට ගත් 9 දෙනාට ඇප

ගල්කටස් Monday, 06 May 2019 07:29 AM

මරු....නියමයි....මරාගෙන මැරෙන සැකකරුගෙ ගෝලයො රොත්තටම අැප...? මෙයාලා හරියටම පරීක්ෂණය කොරල හිටං බලාගෙන ගියහම අල්ලල තියෙන්නෙ නිකමුන්වද...? නැත්නමි සංහිඳියාව ද.... මට තෙරෙන්නෙ නැහැ මොන නාඩගමක් නටනවද කියලා ....ජාතික සමගියට හිත හිතා ෂොටි එක දෙන්නෙ අපිද..? අාණ්ඩුවද..?

:       112       433

සේන Monday, 06 May 2019 07:49 AM

මේක තමා අපේ රටේ ප්‍රශ්නෙ. මහන්සිවෙලා කැපවෙලා අත්අඩංගුවට ගන්නවා. එච්චරයි. ඒකනෙ කුඩු ප්‍රශ්න , මිනීමරුවන් , දූෂකයන් ,ත්‍රස්තවාදය තුරන් වෙන්නෙ නැත්තෙ. නිකම් පුස්ස බින්දා වගේ. ඒ වුණාට මහා සංඝරත්නය , රණවිරුවො හිරේ. අනේ මන්දා...

:       35       231

හ්ටඩිස් Monday, 06 May 2019 08:28 AM

මරු.. හමුදාවේ හා පොලීසියේ අය ජීවිත පරදුවට තියලා ඔවුන්ව ඇල්ලුවේ මෙහෙම යවන්න වෙන්න ඇති. සමහර විට ඊළඟ ප්‍රහාරයට සූදානම් වෙන්න වෙන්න ඇති යවන්න ඇත්තේ.. මේ හැමදෙයක්ම මේ ජරා ආණ්ඩුව දැනගෙන තමා වෙන්නේ...

:       0       58

Amila Monday, 06 May 2019 08:29 AM

හිතාමතාම ගොනු කරන්න ඇත්තේ ඇප ලැබෙන්නම... මේ හැමෝටම ඕනෑ කොටි ප්‍රශ්නේ වගේම අවුරුදු ගාණක් මේක ඇදගෙන යන්න කියලයි අපිට නම් හිතෙන්නේ. එතකොට අවි ආයුධ වගේම බෙහෙත් වලිනුත් ගසාකන අයට රජ මගුල්... ඒ වගේම හොරුන්ව අමතක වෙනවා මිනිස්සුන්ට. එතකොට ඉතින් තව සුද්දේ දෙන්න පුලුවන්. හොරු අල්ලන්න ආපු පාලකයෝ අන්තිමට හොරුනුයි, ත්‍රස්තවාදීනුයි අල්ලගත්තා.

:       0       60

hira Monday, 06 May 2019 09:30 AM

මේ රටේ වෙන හැමදෙයක් ගැනම පුදුම කලකිරීමෙන් ඉන්නේ. නිවට යහපාලනය රට, ජාතිය, අගම කනවා. අපේ දරුවන්ට රටක් නැතිකරලා තමයි මේ හැත්ත විශ්‍රාම යන්නේ. වැහි නැති හෙන පාත්වෙන්න ඕනේ මේ අයට.

:       0       76

ධනුෂ්ක Monday, 06 May 2019 10:34 AM

හමුදාවන් අත්අඩංගුවට ගත්තත් පැය 24ක් ඇතුළත පොලීසියට බාරදෙන්න ඕනෑ. නඩු දාන්නේ පොලිසිය. පොලිසිය ත්‍රස්තවාදී පනත හෝ හදිසි නීතිය යටතේ නඩු දැම්මේ නැත්තන් සැකකරුවන්ට ඇප ලැබෙනවා. කොච්චර කඩු සොයාගත්තත් නඩු දාන්නේ 1/1983 දරණ පිහියා පනතෙන් නම් දඩය රු 250/- (12/2005 පනතට අනුව) සැකකරු නිදහස්...

:       0       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 152 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 320 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1406 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 205 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 414 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 371 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site