IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


වැලිකඩ බන්ධනාගාරයේ වහල උඩ රැඳවියෝ විරෝධතාවක

(දිල්රුක්ෂි ග්‍රේරු) 

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින  කාන්තා රැදවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැගී මේ වන විට විරෝධතාවක නියැලෙමින් සිටිති.

කාන්තා රැදවියන්  20 කට අධික පිරිසක්  මෙම විරෝධතාවට එක්ව සිටින අතර ප්‍රමාද වී ඇති නඩු කටයුතු කඩිනම් කර දෙන මෙන්  සහ කාන්තා රැඳවියන්ට  අවශ්‍ය සනීපාරක්ෂක  පහසුකම්, ආහාර පාන,  ඉල්ලමින් ඔවුන් මෙලෙස විරෝධතාව ආරම්භ කර තිබේ.

මෙම පිරිස මත් කුඩු ජාවාරම් සම්බන්ධව චෝදනා ලැබ බන්ධනාගාරගත කර  සිටින පිරිසක්  බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

(ඡායාරූප සහ වීඩියෝ  ලහිරු හර්ෂණ)

 



අදහස් (16)

වැලිකඩ බන්ධනාගාරයේ වහල උඩ රැඳවියෝ විරෝධතාවක

sena Monday, 13 August 2018 04:06 AM

එයාලා කියන්නේ ඉක්මනටම එල්ලා මරන්න කියලාද?

:       2       41

Sakwithi Monday, 13 August 2018 05:16 AM

නඩු ඉක්මන් කරලා එල්ලුම් ගස ක්‍රියාත්මක කලාම ඔය චන්ඩිකම් ඉවරයි.

:       178       220

Shan Monday, 13 August 2018 06:01 AM

ඕක දැක්කොත් එන්න කියල ඉල්ලීම් ඔක්කොම ටික දෙයි. අනේ මෙහෙමේත් නායකයෝ

:       10       154

ravi Monday, 13 August 2018 06:24 AM

රැඳවියෝ වහලයට නගිනකම්... ආරක්ෂක නිලධාරීන් නිදාගෙන ඉඳලද.?

:       8       286

පිටිගල මිලානෝ Monday, 13 August 2018 06:29 AM

හවස් වෙනකොට නම් වශයෙන් අඬගහලා වෙඩි තියයිද?

:       46       133

Hafeel Monday, 13 August 2018 07:01 AM

දුර්වල පාලනයේ ප්‍රතිපල තමා මේවා.

:       258       279

isurandi Monday, 13 August 2018 07:49 AM

එලියට යන්න තියෙන හදිසියක්. ඇතුලට එන්න කලින් හිතන්න එපැයි මෙහෙම දෙයක් වෙන බව.

:       0       33

samira Monday, 13 August 2018 07:51 AM

ඔන්න ඔය හිරගෙවල් වල වහලවල් ඔක්කොම අයින් කරන්න ඕවා තියනකොට තමයි නගින්නේ...

:       0       45

wimal Monday, 13 August 2018 08:00 AM

මේක රිමාන්ඩ් බන්දනාගාරය නම් මේගොල්ලන්ගේ ජීවිත වලට බන්ධනාගාරයේ නිලධාරීන් වග කිව යුතුයි. මේක නිකන් ගෙදර වගේනේ. වහලේ උඩ ඉන්නේ අයිතිකාරයෝ.

:       0       12

maru sira Monday, 13 August 2018 08:13 AM

හිර ගෙවල්වල ඉන්න අයට කන්න ගෙවල් වලින් ගේන්න කියලා රටේ සල්ලි ඉතුරු කරන්න ඕනෙ.

:       0       80

ලුම්බිණි Monday, 13 August 2018 10:04 AM

බය වෙන්න දෙයක් නැහැ. ඉස්සර වගේ වෙඩි තියන එකක් නැහැ.

:       8       38

roshantha Monday, 13 August 2018 10:12 AM

අර එන්.ජී.ඕ කාරයෙක් ඉන්නේ... ආපහු පොතක් ලියාවි...

:       0       1

chandana Monday, 13 August 2018 10:16 AM

හෆීල්, දැනට අවුරුදු 30-40ට ඉස්සරත් මේවා වෙලා තියනවා. නමුත් අද ප්‍රජාතන්ත්‍රවාදය තියන නිසා වෙඩි තියලා දාන එකක් නැහැ. දුර්වල පාලකයෝ තමයි වෙඩි තියලා ජාත්‍යන්තරව නම කතා කරගත්තේ...

:       6       41

wedage Monday, 13 August 2018 10:33 AM

මේ විගඩම් නවත්වන්න වැස්ස වලාහක දෙවියනි, බලන්න අකුණු නැතුව මහ වැස්සක් හිර ගෙදරට වස්සවන්න උළු කැට මත ලිස්සවන්න දිය සෙවලත් ගලායන්න... මේ අය බිමට ගන්න වැස්ස වලාහක දෙවියනි..., වහින්න

:       0       20

සතයපාල Monday, 13 August 2018 11:37 AM

මහාරජතුමාගේ කාලය සිහිවෙනවා.එතුමා හිටියා නම් යුවරජ මේ අයව වහලයෙන් බිමට බස්සන්නේ තව හතර දෙනෙක්ගේ කර පිටින්.අනේ අපිට එහෙම නායකයෙක් ආයේ කවදා දකින්න ලැබෙවිද .

:       8       1

kalani Tuesday, 14 August 2018 08:39 AM

" සිරකරුවෝද මනුෂ්‍යයෝය .මත්ද්‍රව්‍ය ජාවාරම නිසා කාන්තාවෝ ද සිපිරි ගෙවල් තුළ දුක් විඳිති. රටක වැරදි ආර්ථික ප්‍රතිපත්තිය මගින් රටේ ආදායම අතලොස්සක් අතට පත්වීමත්, බහුතරයක් දෙනා ජීවත්වීමට ප්‍රමාණවත් නොවන ආර්ථිකයක් සහිත සමාජ වටපිටාවක ජීවත්වීමට සිදුවීම නිසාත් ,රටක අපරාධ ලෙස ගැනෙන කුඩු ජාවාරම වේගයෙන් ඉහල යමින් පවතියි. මුදල් සෙවීමට ඕනෑම දෙයක් කිරීමට පෙළඹෙන , මිනිස්කමේ වටිනාකම නොදන්නා සමාජයක ගැහැනුන් පවා මෙම දුෂ්ට පාපයට පෙළඹේ. මත්කුඩු ජාවාරම පිටුදැකීමට නම් , වහලය මත නැගී ගැහැනුන්ට විහිලු කිරීම නවතා පවතින වැරදි දේශපාලන සහ ආර්ථික ක්‍රමය මුළුමනින්ම නිවැරදි කිරීමට අප පෙළ ගැසිය යුතුය.

:       0       7

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 2670 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4533 28

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 6979 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


සීයා-මුණුපුරා-මිනිපිරි රිය අනතුරින් මරුට
2024 අප්‍රේල් මස 21 2929 4

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කැටපළ ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක් හා කන්ටේනරයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙක් එතැනම මියගොස


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 4130 11

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 7513 7

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site