IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


වරාය සේවකයෝ සභාපතිවරයාගේ කාර්යාලය වටලති

(විනීතා එම් ගමගේ සහ මහින්ද නිශ්ශංක)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි කිරීමට ගෙනඑනු ලැබ ඇති ග්‍රැන්ටි දොඹකර (කන්ටේනර් මෙහෙයුම් සිදුකරන දොඹකර) නැවෙන් ඉක්මණින් බාන්නැයි ඉල්ලමින් වරාය සේවක වෘත්තිය සමිති නායකයෝ අද (22) පස්වරුවේ වරාය සභාපතිවරයාගේ කාර්යාලය වටලමින් ඉල්ලීමක් කළහ.

මීට දින පහකට පෙර ගෙන එනු ලැබූ ඉකුත් 20 දා ගොඩ බෑමට නියමිතව තිබූ නමුත් එය සිදු නොවූ බවත් දොඹකර නැවෙන් බෑම අද (23) ආරම්භ නොවුනහොත් සියලු වෘත්තිය සමිති එක්කරගෙන වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවත් වරාය ස්වාධීන වෘත්තිය සමිතියේ සභාපති ලාල් බංගමුවගේ මහතා පැවැසීය.

චීනයෙන් ගෙන්වන ලද මෙම දොඹකර සවිකරනවා වෙනුවට ඉන්දීය රජයේ බලපෑම් මත ආපසු යැවීමේ උත්සාහයක් පවතින බවට සැකකරන්නේ යැයි කී බංගමුවගේ මහතා මේ පිළිබඳව සාකච්ඡාවක් ලබා දෙන තුරු සභාපතිවරයාගේ කාර්යාලය ඉදිරිපිට සිටින බවත් සාකච්ඡාවක් නොලැබුණ හොත් හෝ මෙම දොඹකර ගොඩබෑමට කටයුතු නොකලහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවන බවත් කියා සිටියේය.  

මේ සම්බන්ධව වරාය අධිකාරියේ උප සභාපති ඩබ්ලිව් එස් වීරමන් මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ මේ පවතින්නේ ඉකුත් රජය සමයේ සිට පැවැතෙන ප්‍රශ්නයක් බවත් එය ඉක්මනින් විසඳාගත යුතු බවත් කීය.

ඉකුත් රජය විසින් හම්බන්තොට වරාය චීනයට දුන් පසු කොළඹ වරායෙන් ජැටියක් ඉල්ලා ඉන්දියාව බලපෑම් කර ඇති බවත් ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට එවක රජය කැබිනට් අනුමැතිය ඇතිව ගිවිසුමක් අස්සන් කළ බවත් වීරමන් මහතා කීය.

වත්මන් රජය පැමිණි පසු එම යෝජනාවෙන් ඉවත්ව වරාය අධිකාරිය විසින්ම නැගෙනහිර පර්යන්තය ඉදිකළ යුතු බවට තීරණය කරමින් කටයුතු කළ නමුත් ගිවිසුම ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි ඉන්දියාව දිගින් දිගටම බලපෑම් කරන බව ද උපසභාපතිවරයා පැවැසීය.

පවතින තත්ත්වය යටතේ අධිකාරිය බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටින බව කී සභාපතිවරයා සාකච්ඡා කර යම් පියවරක් ගැනීමට බලාපොරාත්තු වන බව ද කීය. 

 

       

 



අදහස් (8)

වරාය සේවකයෝ සභාපතිවරයාගේ කාර්යාලය වටලති

මහීල් Monday, 22 June 2020 01:48 PM

ගිය ආණ්ඩුව එතකොට වික්කේ හම්බන්තොට වරාය විතරක් නෙමෙයිනේ... කොළඹ වරායත් විකුණලා...

:       17       203

අනුරMonday, 22 June 2020 03:44 PM

ඒ ජරා වැඩ කරපු නිසා නේද ඒ අය ඒ ආයෙ ගෙදර යැව්වෙ. දැන් කරනකොට එය සාධාරණය කරන එක වැරදියි නේද?

:       0       13

Siri Monday, 22 June 2020 02:31 PM

දැන් සිරිසේන නෙමෙයි ජනාධිපති, අපේ ගෝඨාභය සර්... තමයි ඉන්නේ. මොකටද ඉන්දියාවට බය?

:       524       584

විජිත් Monday, 22 June 2020 02:54 PM

"නිදහස ලැබුණුදා සිට මේ රට පාලනය කළ දුෂ්ට, දුෂිත, ආත්මාර්ථකාමී, බලලෝභී..දැක්මක් නැති.. පම්පෝරිය පමණක් ඇති දේශපාලුවනේ... මේ අහගනිල්ලා එක එක දුෂ්ට රටවල් වලින්, රටේ අහිංසක ජනතාවගේ නම විකුණා " හිඟාකෑවානම්... ඒ සල්ලි හොරා කෑවා නම්... දැන් ඒ සියල්ලම වමාරන්න කාලය ඇවිත්... මම කියන්නේ නැහැ හෘද සාක්ෂියෙන් අසන්න කියලා.. මොකද එකෙකුටවත් හදවතක් තිබුණු බවක් අසා නැති නිසා..

:       0       451

nandana Monday, 22 June 2020 04:41 PM

හම්බන්තොට වරාය ගොඩ නැගුවේ ඉතාමත් අවම සාක්ෂතා අධ්‍යයනයක් කිරීමෙන් පසුව පමණයි. වර්තමානය වන තෙක්, වරාය ගොඩනැගීමට ගත් ණය පියවීමටවත් ඉන් අදායමක් ලැබුනේ නැති බැවින්, එය චීනයට භාර දීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස අප වැඩියෙන්ම ණය ලබා ගන්න අනිත් රට වන ඉන්දියාව කොළඹ වරායෙන් ජැටියක් ඉල්වා සිටියේය. මේවා ණයට සිදුකරන ව්‍යාපෘති අපරික්ෂාකාරී අයුරින් කිරීමේ ප්‍රතිඵලයි.

:       9       13

දම්මික පෙරේරා Monday, 22 June 2020 04:43 PM

ගිය ආණ්ඩුව නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දුන්නා නම් මොන මගුලකටද චීනෙන් දොඹකර ඕඩර් කලේ? ලොක්කෝ බොරු කියනකොට අතේ මාට්ටු. ඔය විරුවා, මෝඩිට ටෙලිෆෝන් එකෙන් වෙච්චි පොරොන්දු ඉටුකර ගන්න කන්න වෙන පරිප්පු තමයි. දැන් වහල්ලු කැස්සට වැඩක් නෑ.

:       3       10

chandrasiri Tuesday, 23 June 2020 06:48 AM

ගාලු මුවදොර හමුදා මූලස්ථානය ශැංග්‍රිලා එක්ක සින්නක්කර විකුණපු එකේ.. ඕවත් වැඩද? 

:       2       12

athula Friday, 26 June 2020 07:57 PM

මේවා දකිනකොට ඇඟේ මාලු නටනවා. මේ අය එදා කිව්වේ අපි ආවගමන් දීපුවා සේරම ගන්නවා කියා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 778 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 1826 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 863 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 161 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 657 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 375 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site