IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘වර්ජනය තවම අවසන් නෑ‘ - ඛනිජ තෙල් වෘත්තීය සමිති කියයි

(මහින්ද නිශ්ශංක)

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර සහ ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල ඇතුළු 16ක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි එම එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ.රාජකරුණා මහතා පවසයි.

අත්‍යවශ්‍ය සේවා යටතේ සේවා සැපයීමට යාමේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි ඔහු කියයි. අද(26) පස්වරු 6.30ට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ජනපති මන්දිරයේ දී විශේෂ සාකච්ඡාවක් සඳහා තම නියෝජිතයින් 15 දෙනකුට කැඳවීම් ලැබී ඇතැයි ද එතෙක් පෙරේදා(24) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වර්ජනය තවමත් ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කරයි.

වර්ජනයෙන් පසු කොළොන්නාව තෙල් සංස්ථා පරිශ්‍රයේ දුම්රියපොළින් පිටත්වූ මුල්ම දුම්රිය අද පස්වරු 3ට කටුනායක ගුවන්තොටුපළට ගිය බව එහි ආරංචි කියයි.



අදහස් (7)

‘වර්ජනය තවම අවසන් නෑ‘ - ඛනිජ තෙල් වෘත්තීය සමිති කියයි

dias Wednesday, 26 July 2017 10:30 AM

මේ අයට දිය හැකි උපරිම දඬුවම් දිය යුතුයි. ඊට අමතරව රැකියාවෙන් නෙරපිය යුතුයි. රජය අපි පත් කලේ කඩාකප්පල්කාරීන්ට කොන්ද නැමීමට නෙවේ. මීට වඩා තදින් සිටිය යුතුයි.

:       113       21

nishan Wednesday, 26 July 2017 10:56 AM

ඔයාලට අවසන් කරන්න දෙයක් නෑ ආණ්ඩුව ඒක අවසන් කළා.

:       108       14

Ema Wednesday, 26 July 2017 11:46 AM

යහපාලනය හොඳ වැඩියි. හැමෝම රට පාලනය කරන්න යනවනේ. ලංකාවේ මිනිස්සුන්ගේ කොහොමටත් ජානමය වැරද්දක් තියෙනවා. ඕනෙම දේකට එරෙහි වෙන්නේ ඒකයි. හැසිරීම වුනත් හරිම උද්වේගකරයි. බලාගෙන ඉන්නත් අමරුයි. කවදා ගොඩ එන රටක්ද මන්ද???

:       108       23

Oshan Wednesday, 26 July 2017 12:27 PM

වර්ජනය කරන අයව අයින් කරා නම් හරි. මේ අය ළඟ තියෙන්නේ දේශපාලන න්‍යාය පත්‍රයක්.

:       111       20

සපු Wednesday, 26 July 2017 02:03 PM

රටේ සම්පත් වෙනුවෙන් සටන් කරන ඔබලාට ජයම වේවා.!!!

:       14       309

කපිල වසන්ත කුමාර Thursday, 27 July 2017 06:27 AM

දවසක් තෙල් නැති වුනොත් ඒකට රටම අඩපණ කරන්න පුලුවන්, ඒක දැනගෙන ඇයි මේ අය තෙල් ටැන්කි ඉන්දියාවට දෙන්න හදන්නේ?? ඔහොම නේපාලේ තෙල් පාලනය අරගෙන ඉන්දියාව දැන් ඒ අය නේපාලේ ව්‍යවස්ථා සංශෝධන වලට පවා ඇගිලි ගහනවා.

:       0       16

mahinda Wednesday, 26 July 2017 02:55 PM

වර්ජනය කරන අය ගෙදරම හිටියනම් ගොඩක් හොඳයි. වැඩ කරන අයට ඉඩ දීලා. පඩි දීල ගෙදර තිබ්බත් රටට හොඳයි. ජනතාව පීඩා කරන්නේ නැතුව.

:       77       3

ඔබේ අදහස් එවන්න

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4683 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 82 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 99 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 112 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 813 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 144 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site