වර්ගවාදය ඉවසිය නොහැකි බවත් වර්ගවාදී ක්‍රියාකාරකම් සිදුවෙද්දි නොදැක්කා සේ සිටිය නොහැකි බවත් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ අද (3) ප්‍රකාශ කළහ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ පොලිස් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මරණයට පත්වී මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාප්තුමෝ ඒ බව සඳහන් කළහ. එහෙත් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් පසු මිනියැපොලිස් නගරයේ ඇති වූ ප්රචණ්ඩ ක්‍රියාද පාප්තුමන්ගේ විවේචනයට ලක්විය.
මිනියැපොලිස් නගරයේ ඇති වූ විරෝධතා ‘‘ස්වයං-විනාශයක් සහ ස්වයං-පරායක්’’ යැයි ද පාප්තුමෝ කීහ.
‘‘අපිට කිසිසේත්ම වර්ගවාදය ඉවසන්න බැහැ. වර්ගවාදය පැතිර යද්දි නොදැක්කා සේ ඉන්න බැහැ. ඇස් කන් පියං ඉන්න බැහැ. එහෙත් ප්‍රචණ්ඩත්වයෙන් කිසිවක් ලබාගන්නත් බැහැ. ප්‍රචණ්ඩත්වයෙන් වෙන්නේ මහා විනාශයක්’’ යැයි පාප්තුමෝ පැවැසූහ.
‘‘වර්ගවාදී පාපයේ ගොදුරවක් වී ජීවිත අහිමි වූ සියලුදෙනා වෙනුවෙන් අපි යාඥා කරමු’’ යැයි ද පාප්තුමෝ කීහ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් හි පොලිසියේ සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව ජෝර්ජ් ෆ්ලොයිඩ් මරණයට පත්විය. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයත් සමඟ රටපුරා විරෝධතා ඇති වූ අතර මේ වනවිට තවත් රටවල් රැසකට ව්‍යාප්ත වී ඇත. පොලිස් ප්‍රචණ්ඩත්වයට විරුද්ධව සාමකාමී අයුරින් ආරම්භ වූ විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇත.
ඒ.එෆ්.පී.
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘වර්ගවාදය නොදැක්කා සේ ඉන්න බැහැ‘‘
chandima Wednesday, 03 June 2020 05:42 PM
අරහේ ට්‍රම්ප් බයිබලේ අතේ අරන් දෙවියන්ට යාඥ කරනවා, මෙහෙ ඔබවහන්සේ වෙනමම දෙවියන්ට යාඤා කරනවා. මට නම් පෙනෙන්නේ දෙවියන්ටත් මේ කාලේ කරකියාගන්න දෙයක් නැතුව ඉන්නේ...?
hiraThursday, 04 June 2020 03:15 AM
ඒ දවස් වල පල්ලිය මැදිහත් වෙලා ලෝකෙ පුරා කොරපුවා කීවොත් අප්සට් යයිද මන්දා. ඒක නිසා මේවා ගොඩින් බේරා ගන්න ඒක කාට කටත් හොදයි වගේ.
NimalThursday, 04 June 2020 05:09 AM
හිරා මහත්මයා වචනෙන්, දෙකෙන් කිව්ව කතාවේ ලොකු ඓතිහාසාත්මක සත්‍යයක් තිබෙනවා. හිට්ලර් මිලියන 6ක් යුදෙව්වන් සමූල ඝාතනය කරනකොට පල්ලිය හිට්ලර්ගේ මිතුරෙක් නිසා සියලු දේ වසාගෙන නිසොල්මනේ හිටියා. හිට්ලර් ඒ වැඩේ කලෙත් වර්ගවාදය නිසයි කියාලා මේ කට්ටිය අද නොදන්නවා වගේ ඉන්නවා. මෙතෙක් කාලයක් අප්‍රිකානු රටවල වර්ගවාදය නිසාම දහසකුත් එකක් කිතුනුවන් සමූල ඝාතනය වුණත් මෙහෙම බලා ඉන්න බැරිකමක් ගැන නම් වාර්තාවක් වුනේ නැහැ.
hiraThursday, 04 June 2020 06:22 AM
දෙවියන් මිනිසුන්ව මැවුවද? නැතිනම් මිනිසුන් විසින් දෙවිවරුන්ව මැවුවද? දෙවියෝ පස්සෙ දවසම ගියත් නැතත් වෙන්න ඕනේ දේ ජීවිතයේ සිදුවෙනවා නේද? මොහොතක් සිතන්න.. දෙවිවරු පසුපස නොගොස් තමන්ගේ වටිනා කාලය තමන්ගේ අාදරණීයන් වෙනුවෙන් සහ සමාජ සත්කාරයන් සඳහා යොදවන්න. බලන්න කොරෝනා ආවට පසු මේ ලෝකෙට අධිපති වූ දෙවියනුත් ආගිය අතක් නොමැත. දැන් ඔහුව බේරාගැනීමට මිනිසුන් වචන මාලාවක් සාදාගෙන ඇත. බලන්න හදවතට එකඟව, කොරෝනා පාලනයට එක් එක් ආණ්ඩු, ඩොක්ටස්ලා, ආරක්ෂක නිලධාරීන් කොතරම් කැපකිරීම් කරලා මෙය පාලනය කළත් අපේ මිනිස්සු ලකුණු ටික දෙන්නෙ කාටද? ජීවිතේට ඇහැකට දැකලා නැති අයට නේද? මේ ලෝකයේ බිහිවූ සමහර ආගම් මිනිසුන් මත හොඳින් හෝ නරකින් පටවන ලදී. එය දැන් පරම්පරාවෙන්, පරම්පරාවට අඩු වැඩි වශයෙන් මිනිසුන් ඉදිරියට ඇදගෙන යනවා. ආගමක් ඇදහිය යුත්තේ තර්කානුකූල වටපිටාවක් තුළ මිස පරම්පරාවෙන් ලැබෙන නිසා නොවේ. එවිටයි තමන්ගේ ආගමේ නිරුවත පේන්න ගන්නේ...
chinthakaFriday, 05 June 2020 05:27 AM
අනිවාර්යෙන්ම දෙවියන් විසින් මිනිසුන් මැව්වා නොව මිනිසුන් විසින් දෙවියන් වහන්සේව මවන ලදී, අවසානයේ අනුවණයින් පිරිසක් අනුගාමිකයන් වෙන ලදී, "දේව වචනයනම් මෙසේය- ආමෙන්"
Binkunndaa Wednesday, 03 June 2020 08:58 PM
කතෝලික සභාව මිලියන 65ක් පමණ යුරෝපයේ මිනිසුන් මරා දැමූපසු, ඉන් ගැලවීමට යුරෝපයෙන් බේරීගොස් ජීවත්වීමට සොයාගත් රට තමයි ඇමෙරිකාව.
PrabhaThursday, 04 June 2020 12:54 PM
මිලියන 65? ඒ කියන්නේ කෝටි 6 1/2 ක්... කොයි කාලෙද ඕක වුණේ? මොන රටේද? පොඩ්ඩක් අපිටත් කියලා දෙන්න.
indunil Wednesday, 03 June 2020 10:34 PM
ඉතාලිය හා යුරෝපය පුරා කොටි පිනුම් ගහනවා පේන්නේ නැද්ද මුන්නාන්සේට?
vidya Thursday, 04 June 2020 02:06 AM
ඔබවහන්සේ ඉතාම පොඩි පව්ලකින් ආපු උත්තමයෙක්ඔ. ඔබවහන්සේට ඇතිවන කරුණාව දයාව දෙවියන්ටවත් නැත. ඇමරිකාවේ අවුරුදු 200 ක පමණ කාලයක සිට කළු ජාතිකයන්ට කරන අඩත්තේට්ටම්කම් නිසා එම වේදනාවට තමයි මිනිසුන් නොයක් ආකාරයට හැසිරෙන්නේ. බොහෝ දෙනෙක් පෙළපාලි යන්නේ සාධාරණය ඉෂ්ටකර ගැනීමට. ඔබවහන්සේ ලොවට දෙන පණිවිඩය අපි කව්රුත් අගය කරමු.
සේන Thursday, 04 June 2020 06:23 AM
අපේ රටේ ත්රස්තවාදීන් පරාජය කළාට පස්සේ ඔවුන්ගේ මානව හිමිකම් ගැනම කතා කරන ජාත්‍යන්තර සංවිධාන ටික කොහේ ගියාද නෑ.. මේ ප්රශ්නයේදී... කළු ජාතිකයටත් ඩයස්පෝරාවක් තිබ්බා නම් ඩොලර් වලින් කාගෙ කාගෙත් කටවල් හොල්ලන්න තිබ්බා...
බද්රානි Thursday, 04 June 2020 06:27 AM
කතෝලික පල්ලියේ ඉතිහාසය ගැන මෙතන තප්පුලන බොහෝ අයට පන්සලේ වර්තමානය නොපෙනෙන එකනේ පුදුමේ? කරකියා ගන්න දෙයක් නැතිව බයිබලය අතට ගත්තු ඇමරිකාවේ ජනාධිපතිව දැක්ක බොහෝ අය ලංකාවේ තක්කඩි දේශපාලකයින් පන්සල් වලට රිංගලා කරන රංගනය පෙනෙන්නේ නැහැ වගෙයි... ජාතිවාදය, ආගම්වාදය දඩමීමා කරගෙන බලයට පැමිණෙන කොයි තක්කඩියත් අවසානේ නතර වෙන්නේ ආගම අස්සේ තමයි...
කල්ප Thursday, 04 June 2020 10:02 AM
පෙන්නලා දීලත්, ගහනවා කියලා අනතුරු අඟවලත්, වළක්වා ගත්තේ නැති ප්‍රහාර ගැනත් කියන්න කෝ? රාණි, මෙතන මේ කතාවෙන්නේ සංහාර ගැන විතරක් නෙමේ... මිථ්‍යාව ගැනත් කතාවෙනවා. තක්කඩි දේශපාලකයන් පන්සල්වලට රිංගලා... එ්ක බෞද්ධ දර්ශනයේ වරදක්ද? බෞද්ධ ජනතාව ලෝකේ කොහෙවත් අනුන්ගේ රටවලට ඇතුල්වෙලා ඝාතනය කරලා තියනවාද? දැන් සිංහල අපිද ජාතිවාදී? කවුද 1915 ගම්පොල බෝතලාපිටියේ පන්සලේ පෙරහරට ගැහුවේ කවුද ඉස්සෙල්ලා? වැල්වැටිතුරේ හමුදා සොල්දාදුවන් 12 දෙනා මැරුවේ කවුද ඉස්සෙල්ලා? අලුත්ගම හාමුදුරුවන්ට ගැහුවේ කවුද?
Ajith NissankaMonday, 08 June 2020 02:18 AM
තක්කඩි දේශපාලකයන් පන්සල්වලට රිංගලා... එ්ක බෞද්ධ දර්ශනයේ වරදක්ද? ඒක අපේ බුදු දහම පිළිබඳ ප්‍රශ්නයක් නොවේ.. නමුත් එ්ක ඔය උතුම් දර්ශනය අපට කියා දෙන්න ඉන්න අපේ ස්වාමින්වහසේලාගේ වරද ! ඔය දේශපාලුවන් පන්සල්වලට එන්නේ මොකද අපි ආරාධනා කරලද?! ඔය අයගේ අත්වල කඹ වගේ පිරිත් නූල් ගැටගහන්නේ අපි එකතු වෙලාද?
ලැවොයිසියර්Thursday, 04 June 2020 10:23 AM
ජාතිවාදය. ආගම්වාදය, වර්ණවාදය, කුලවාදය, ධනවාදය, වර්ගවාදය... මේවා චිරාත් කාලයක් පුරාවට භූතලය මත විරාජමාන වසංගත රෝගයන්ය. කිසිම ආගමකින්, සිද්ධාන්තයකින් එය නිට්ටාවට සුවකළ නොහැකි වී තිබේ. මේ සියලු වාදවලට, රෝගවලට හොඳම ප්‍රතිකාරය විය හැකිව තියෙන්නේ දැන්නම් මා දකින විදිහට කොවිඩ් 19යයි. කාලින අවශ්‍යතාවක් සපුරන දෛවෝපගත පහළ වීමකි. පොළෝතලය මත ඉහ වහා වැජඹෙන සකලවිධ අපරාධවලට අදමිටුකම්වලට, අකටයුතුකම්වලට පහළ වී තිබෙන විසඳුමක්ද වෙයි.
Roshan Thursday, 04 June 2020 08:36 AM
අනුන්ගේ පල්ලි හදන්න කලින් පන්සල් හදාගන්න...
ප්‍රීති Thursday, 04 June 2020 09:01 AM
තොණ්ඩමන්ගේ අවමගුල කරලා පොසොන් එකට ගෙවල් ඇතුලට හිරවෙලා ඉඳගෙන දෙවියන්ට බනින එක, එක අතකින් සාධාරණයි. ලංකාව සිංහල බෞද්ධ රටක් කියමින් උජාරුවෙන් කයිවාරු ගහන සිංහල බෞද්ධයා, දේශපාලකයින් විසින් හුරතලේට ඇතිකරන බලු කුක්කන් රැලක් වෙලා. දේශපාලකයින් විසින් එහාට මෙහාට අදින ඉත්තෝ වගේ. පූජකයන්, දේශපාලකයින්ගේ වහල්ලු වෙලා. බුදුදහමත් දේශපාලනයට හරවා ගත්තු මේ අමනයින්ට දෙවියන් වහන්සේ දුන්නු හොඳ දඬුවමක් තමයි මේක... අර කතාවක් තියනවනේ.., දෙවියන් විසින් යමෙකුව විනාශ කරන්න කලින් ඔවුන්ව පිස්සන් බවට පත්කරන බව... අන්න ඒක තමයි දැන් මේ වෙලා තියෙන්නේ. පිස්සුවෙන් වගේ දොඩවලා ලියලා තියන අදහස් දැක්කම, ඔවුන්ට දෙවියන්ගේම පිහිටයි කියලා තමයි කියන්න තියෙන්නේ.
කල්ප Thursday, 04 June 2020 10:21 AM
බුදුදහම දෙවියන් මුලික කරගත්ත දහමක් නෙමේ... එක්ව යැදීමක් බුදුදහමේ නැහැ. අනිත් එක බයිබලය එක පොතයි... බුදුදහම කියන්නේ පුස්තකාලයක්..
Dasa PThursday, 04 June 2020 12:30 PM
ඒ මොනවා කිව්වත් ඒ පොතේ උගන්නන සමානාත්මතාවය නිසා තමයි එක මරණයක් වෙනුවෙන් ඒ මිනිස්සු මෙපමණ දෙනාට පාරට බහින්න තරම් ශක්තියක් ලැබිලා තියෙන්නේ. මේ රටේ වුණානම් එ්කත් එක සුළු ජාතික මරණයක් පමණයි. ඔය කියන පුස්තකාලේ එහෙම දෙයක් ඇත්නම් ඇයි අද පත්තරේ කුල දරුවන් මහණ කරන ප්‍රවුර්තියක් තියෙන්නේ. එතනම තියෙන්නේ අසමානතාවය නොවේද?
dilanFriday, 05 June 2020 02:07 PM
Dasa P , ඒ කියන්නේ මේ පාඨකයෝ දාල තියන කොමෙන්ට් නිවරදිය්, කතෝලික දහම කියන්නේ කලහකාරී ආගමක්ද?
ප්‍රමෝද Thursday, 04 June 2020 10:56 AM
තවම තේරුනේ නැත්ද? මෙතෙක් කාලයක් දෙවියන්ගේ ඉගැන්වීම් විකෘති කරගෙන පල්ලිවලට මුවාවෙලා ලෝකේ පුරාම අනෙකුත් මිනිසුන්ට එරෙහිව කරපු අමානුෂිකකම් වල ශාපයට තමයි දැන් ඉරිදාගානේ පල්ලි යන ඔහෙලගෙ ඉතාලියේ, ස්පාඤ්ඤයේ, පෘතුගාලයෙ ඉඳලා අැමරිකාවෙ, දැන් ලතින් රටවල ස්වභාව ධර්මයාගෙන්ම මාස කීපයක් තිස්සෙ හොඳටම බැටකන්නේ.
බද්රානිThursday, 04 June 2020 02:09 PM
ප්රමොදලා, කල්පලා වගේ ටිකිරි මොළකාරයින් අතට මේ බුදුදහම පත් උන එක තමයි මෙතන තියන ගැටලුව? ලොකුවට බුද්ධාගම ගැන පුරාජේරු කියන ලංකාවේ මිනිස්සුන්ට වඩා, යුරෝපයේ හා ඇමරිකාවේ බුද්ධ දර්ශනය අනුගමනය කරනවා නිහඬවම. බුදුන් වහන්සේ විසින් ගවේෂණය කල මේ දර්ශනය දහමක් බවට පත් උනේ , ඒ තුල ගැබ්වෙලා තියන උතුම් මානුෂීය ගුණධර්ම ගැබ් වෙලා තියන නිසාමයි. මෙතන ලියන අඥානන්ගේ අදහස් වලට සාපේක්ෂව එහෙම නම් ඉතින් දෙවියන් වහන්සේව අදහන සියල්ලන් ලෙඩ රෝග පීඩා නොමැති, සියලු යස ඉසුරින් පිරුණු ජීවිත ගත කරන්න ඕනනේ. ඒ මන්ද බුද්ධිකයා හිතන විදිහ? ඒකට දෙවියන් හෝ දෙවියන් අදහන ජනතාව පලි නැහැ. කොහොමත් යුරෝපයේ රටවල ජනතාව කොරෝනා උවදුරේ පවා ලංකාවේ ජනතාව තරම් පීඩාවට පත් උනේ නැහැ. ඒ මිනිස්සුන්ට මැරෙන කම් සතුටින් ජීවත් වෙන්න පින තිබුනා. "අත්හැරීම" බුදුදහමේ තිබෙන උතුම් සංකල්පයක් උවත්, වැඩිපුරම මේ මහා පොළව බදාගෙන කිසිදා නොමැරෙන බහිරවයින් සිටින්නේ කොහෙද කියා වටපිට හැරී බැලුවොත් හොඳට පෙනෙයි. පන්සල් තුල හා ගෙවල් ඇතුලේ ගුලිවෙලා පොසොන් උත්සවය සමරන, ඔබ සැම දෙනාට තෙරුවන් සරණයි!!
කල්ප Friday, 05 June 2020 08:00 AM
බද්රානි යන්නේ කොහෙද මල්ලේ පොල් පිළිතුරක් කල්ප...
RoshanFriday, 05 June 2020 03:36 AM
කව්ද දැන් මේ කෝයිඩ් 19 ලෝකෙට බෙදා හරියේ? ඔය උතුම් කියන බෞද්ධ රටක් නෙමේද?
dilanFriday, 05 June 2020 05:34 AM
රොෂාන් ලොක්කා, බෞද්ධ රටක් කොවිඩ් 19 බෙදා හැරියාම කියලා හිතමුකෝ.. මිනි වැලලුවේ බැකෝ යන්ත්‍ර වලින්, අගමැති අඬා වැලපුණා. එ්කෙන්ම ඔප්පුවෙනවා නේද කරුණු දෙකක්... 01. බෞද්ධ රටක් එවපු සාපෙන් (සිතිවිල්ලක් පමණි) ගැලවෙන්න තරම්වත් දෙවියන් වහන්සේ බලලාවත් නැහැ. 02. දෙවියෙක් කියන්නේ මිනිසුන් මවා ගත් දෙයක් මිස සැබෑවක් නොවේ...
කල්ප Thursday, 04 June 2020 11:43 AM
දෙවියන් මුලික වූ ආගම් වල උගන්නන්නේ ඉල්ලුවොත් ලැබෙනවා කියල .බුදුදහමේ අපිට උගනන්නේ දුන්නොත් ලැබෙනවා (දානයේ කුසල් සංස්කාරයන් )