IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වයඹ පළාතේ පොල් ඉඩම් කැබලි කිරීම තහනම් කරයි

(පුෂ්පකුමාර ජයන්ත)

පොල් ඉඩම් කැබිලි කිරීම හේතුවෙන් පොල් වගාවට සිදුවෙමින් පවතින හානිය සැළකිල්ලට ගෙන විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන තුරු වයඹ පළාත් තුළ පොල් ඉඩම් කැබලි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද  පරවති කුරුණෑගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය කෙරිණි.
 
මෙම තීරණය අද දිනයේ සිට බලපැවැත්වෙන බවත් මීට සම්බන්ධ සියලුම ආයතන වලට දන්වා යවන ලෙසද ජනාධිපතිවරයා නියම කළේය.
 
මෙම රැස්වීමේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් වගාවට සිදුව ඇති හානිය පිළිබඳව ඉදිරිපත් වූ පැමිණිලි සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා අදාළ නියෝග ක්‍රියාත්මක කළේය.



අදහස් (8)

වයඹ පළාතේ පොල් ඉඩම් කැබලි කිරීම තහනම් කරයි

Nissanka Bahrain Wednesday, 07 March 2018 09:33 AM

අන්න නියම වැඩක් ක්‍රියාත්මක කරනවානම් , මෙය ඉදිරියට හරියටම ක්‍රියාවට නංවන්න , අනෙක් පළාත් වල පවා තියෙන විශාල වතු කට්ටි කිරීම නවත්වන්න නීති ගෙන ආ යුතුය . විශේෂයෙන් කඳුකර පළාත්වල තේ වතු , ජල පෝෂක රැක ගැනීමට මෙය මහඟු පිටුවහලක් වේවි.

:       0       113

lalithsjm Wednesday, 07 March 2018 09:51 AM

ඔය වගේම වන සම්පතත් ආරක්ෂා කරගන්න වැඩ පිළිවලක් හැදුවනම් පිං.

:       0       11

Raveendra Wednesday, 07 March 2018 10:27 AM

බොහොම හොද තීරණයක්. මෙය නිසිලෙස ක්‍රියාත්මක කලයුතිමයි. මම අහවල් ඇමතිය, අහවල් මන්ත්‍රිය, මම අහවල් නිලධාරිය යන ඔබගේත් අපගේත් බදු මුදල්වලින් වැටුප් ලබන මෙම අයට නිතිය එකලෙස බල පාන්නේද යන්නත් සෙවීමට ක්‍රමයක් තිබිය යුතුය.

:       0       6

Aluthgama A. Samathasena. Wednesday, 07 March 2018 10:32 AM

ඇත්තටම අහන්නත් සතුටුයි ජනාධිපති තුමනි.............ඉතාමත්ම කාලෝචිත පියවරක්.ඔබතුමාට නැවත නැවතත් ස්තුතියි.රටේ අනෙක් පෙදෙස් වලටත් එය ක්‍රියාත්මක කරන්නේ නම් ඉතාමත් අගනේය.

:       0       0

ranjith Wednesday, 07 March 2018 11:43 AM

කට්ටි කර විකුණන සමාගම් තමයි මේ අපරාදය කරලා පොල් වගාව විනාශ කරේ

:       0       3

ajithkaru Wednesday, 07 March 2018 11:48 AM

වයඹ පළාතේ විතරක් නොවෙයි බස්නාහිර පළාතේ විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේත් පොල් ඉඩම් කැබලි කිරීම තහනම් කරන්න.

:       0       16

Ashok Wednesday, 07 March 2018 01:18 PM

දැන්වත් ඇහැ අරුණු එක ලොකු පිනක්... එයින් සියයට 100ක්ම ක්‍රියාත්මක වෙයිද? නැතිනම් ඒකත් ඇස්බැස්ටස් වගේ වේවිද?

:       0       7

priyantha Thursday, 08 March 2018 03:58 AM

වයඹ පළාතේ විතරක් නොවෙයි ලංකාවෙ සැමතන්කම වෙන වණ විනාශය නවත්වනම් රජයක් විදිහට අනාගතයට දෙන ලොකු දායාදයක්.

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 742 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 140 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 956 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 988 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1305 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1172 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site