IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වියානා ඇළේ ආරක්ෂිත වැට යළි ඉදිකෙරේ

නිශාන්ත කුමාර
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් මත දින කීපයක  ඉදිකිරීම් වලින් පසුව හිටි හැටියේම නතර කර දැමූ බදුල්ල මහියංගණ මාර්ගය අතරතුර පිහිටි වියානා ඇල මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

බදුල්ල මහියංගණ මාර්ගය අතරතුර වියානා ඇල පිහිටි මාර්ගයේ කිලෝමීටර් අටක කොටස තුළ පිහිටි අනාරක්ෂිත ස්ථාන ආවරණය කෙරෙන පරිදි ඉදිකෙරෙන මෙම ආරක්ෂිත වැටේ ඉදිකිරීම් කටයුතු සඳහා රජය මගින් රුපියල් මිලියන 54 ක මුදලක් ලබා දී ඇතැයි ව්‍යාපෘතිය බාරව කටයුතු කරන මහියංගණ ප්‍රාදේශීය විධායක ඉංජිනේරු ඒ ලිංගේෂ්වරන් මහතා පැවැසීය.

අදාළ ව්‍යාපෘතිය යටතේ  ඉදිකෙරෙන ආරක්ෂිත වැටේ දිග මිටර් 4650 කි.

මාර්ග සංවර්ධන අධිකාරියේ ඌව පළාත් අධ්‍යක්ෂක ටී කේ එම් ගලප්පත්ති මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර මෙම මස අවසන් වීමට පෙර මාර්ගයේ සියලුම අනාරක්ෂිත ස්ථාන සඳහා ආරක්ෂිත වැටවල් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයිද විධායක ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවැසීය.
ආරක්ෂිත වැටේ ඉදිකිරීම් කටයුතු වලට සමගාමීව ඇල මාර්ගයට සමාන්තරව දිවෙන කිලෝමීටර් අටක් පමණ වූ අදාළ මාර්ග කොටස තුළ වේග සීමා ඉරි, අනතුරුදායක  බව දැක්වෙන නාම පුවරු මෙන්ම විවිධ මාර්ග සංඥා පුවරු සවිකිරීමටද පියවර ගෙන ඇතැයි ලිංගේෂ්වරන් මහතාවැඩිදුරටත් පැවැසීය.



අදහස් (2)

වියානා ඇළේ ආරක්ෂිත වැට යළි ඉදිකෙරේ

chapa Thursday, 09 August 2018 04:39 PM

ඉතාම යහපත් කාර්යයක්. වටිනා ජීවිත කීයක් අහිමි උනාද ?

:       188       210

shan saudi Saturday, 11 August 2018 07:02 AM

ඉතාම යහපත් කාර්යයක්. වටිනා ජීවිත කීයක් අහිමි වුණාද? රටේ ජනතාවගේ ආරක්ෂාව හා පරිස්සම ලබාදීම හා රැකදීම ඕනෑම රජයක වගකීමයි.. ජනපතිට ස්තුතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 11 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 200 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 31 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 677 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 191 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 227 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site